කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍යය අභියෝගය⁣ට ලක්කිරීමක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Share post:

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරය දැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ තීරණය දැනුම්දීමට දින දෙකක් ගැනීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කිරීමක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති තරිඳු ජයවර්ධනගේ අත්සනින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබූ අතුරු නියෝගය ගැන අධ්‍යයනය කිරීමට දින දෙකක් ලබා ගන්නා බවට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය හෑල්ලු‍වට ලක්කිරීමක් ලෙස අපි සලකමු.

සමස්ත පොලිස් සේවයටවත් නොගැලපෙන පුද්ගලයකු ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස නාම යෝජනා කර ව්‍යවස්ථා සභාවට යොමු කිරීමත්, ව්‍යවස්ථා සභාව අනුමත නොකර තිබියදී කතානායකගේ නීති විරෝධී ලිපියක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස ඔහු පත්කිරීමත් අභියෝගයකට ලක්කරමින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විමසීමකින් පසු නිකුත් කළ අතුරු තහනම් නියෝගයට ගරු කරමින් කටයුතු කරනවා වෙනුවට අමාත්‍ය මණ්ඩලය රැස්වී ඒ ගැන ආණ්ඩුවේ මතය ප්‍රකාශ කිරීමට දින දෙකක් ලබා ගැනීම සුළුකොට සැලකිය නොහැකි බරපතළ තත්ත්වයකි. මේ අවස්ථාවේ ආණ්ඩුවේ මතයක් අවශ්‍ය නොවන අතර ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ තනතුරට සුදුස්සකු වැඩ බැලීම සඳහා නම් කර ව්‍යවස්ථා සභාවට යැවීමයි.

එසේ නොකර අධිකරණ නියෝග හෑල්ලු‍වට ලක් කරමින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමත්‍ය මණ්ඩලය කටයුතු කිරීම රටේ නීතියේ අධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක් පමණක් නොව,රටේ යහ පැවැත්මද අභියෝගයට⁣ ලක්කිරීමකි.

ජනාධිපතිවරයා නීතිඥවරයකු වන අතර අමාත්‍ය මණ්ඩලයේද නීතිඥවරු කිහිප දෙනෙක් සිටිති. එසේ සිටියදී මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීම ඔවුන්ගේ නීතිඥ වෘත්තියටද නොගැලපෙන ක්‍රියාවක් සේ අපි සලකමු.

එසේ හෙයින් තවදුරටත් රටේ නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක් නොකර වහාම සුදුස්සකු වැඩ බලන පොලිස්පත්වරයකු ලෙස පත් කරන ලෙස අපි රජයට බල කර සිටිමු. එසේ නොකර තවදුරටත් අත්තනෝමතිකව කටයුතු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඊට එ⁣රෙහිව නීතියේ රාමුව තුල සිදු කළ හැකි සියලු‍ම ක්‍රියාමාර්ග ගැනීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුබට නොවන බවත් සඳහන් කරමු.

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...