මියගියත් ජීවත්වෙන මිනිහෙක්

Share post:

අපට ‘බාහු” වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා මේ දේශපාලන සමාජය සදාකාලිකව අතහැර ගොසිනි. මම සමසමාජ දේශපාලනයේ උපසම්පදා වූයේ ලංකා සමසමාජ පක්ෂයෙන් වුවත්, ඒ සඳහා මා පෙළඹ වූ පළමු ලේඛනය ‘වාම සමසමාජය” නම් වූ ටැබිලොයිඩ් පුවත්පත මිළ දී ගත්තේ එවකට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ බාහු සහෝදරයා අතිනි. තැන මහනුවර බේක්හවුස් හෝටලයේ රන්වැට අද්දරය. ඔහු සමග මේ පැත්තේ සුමනසිරි ලියනගේ, පදික වෙළෙන්දෙකු වූ සෝමපාල සහෝදරයා (කොට සෝමේ) වැනි කිහිප දෙනෙකු එම පත්තරය විකුණම්න් සිටියෝය. පාරෙන් අනෙක් පැත්තේ ඩෙවෝන් හෝටලය පැත්තේ ආචාර්ය නලින් ද සිල්වා ද එම පත්තරයම විකුණමින් සිටියේය. එදා මගේ වයස දහහතරකි.
නොගැලපීම්, නුරුස්නාකම් කවරක් තිබුණත් ඔහු අවංක මිනිසෙකු ලෙසත්, එකම කඳවුරේ මිනිසෙකු ලෙසත් , අසාමාන්‍ය උගතෙකු හා බුද්ධිමතෙකු ලෙසත් ඔහු අද අවසන් ගමන් යන තෙක්ම මගේ බුහුමනට ලක්විය. දෙමළ ඇතුළු සුළු ජාතීන්ගේ අයිතීන් ගැනත් අනෙකුත් සමලිංගිකයින් වැනි සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් ගැනත් සමාජයට දැනෙන ලෙස පළමුවරට හඬ නැඟුවේ බාහු සහෝදරයාය. ඒ වෙනුවෙන් ඔහු පුද්ගලිකවම අවමන් වින්දේය. පහර කෑවේය. අවාසි භුක්ති වින්දේය. ඔහු ජාතින් ගැන හා සුළුතර ප්‍රජාවන් ගැන මතුකළ දෙය සමස්ත වාමාංශික කඳවුරම වාගේ අද වන විට පිළිගෙන ඇත.
බුද්ධිමතුන් අතර රජෙකු ලෙස මෙරටත් රටින් පිටතත් ජීවත්ව සිටිය හැකිව තිබූ ඔහු බැරැක්ක වීදියේ තෝසෙ කමින් ප්ලේනටි බොමින් රැය පහන් කළේය. අරගලය කොතනද ආරාධිතව හෝ අනාරාධිතවම එයට සහභාගි විය. සෙනඟ දසදහසටද, විසිපහටද සමාන උද්‍යෝගයකින් ඔවුන් ඇමතීය. දශක හයකට වැඩි කාලයක් ඔහු දැරෑ වෙහෙසේ ප්‍රතිඵල වාම සංස්කෘතියට මුසු වී ඇත.
වාම දේශපාලනය තුල සිටි කඩවසම්ම මිනිසා ඔහුය.
පුරෝගාමී සහෝදරය ඔබට සුබගමන්…

චන්ද්‍රරත්න බණ්ඩාර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...