Tun Tun Fakir ගේ ගැඹුරු, මෝහනීය කටහඬ, යලි සිහිපත් වුන මොහොතක්

Share post:

බයිජ්නාත් මිශ්‍රා ලෙස උපත ලද බයිජු බව්රා මධ්‍යකාලීන ඉන්දියාවේ බිහිවූ විශිෂ්ට ද්‍රුපද් ශෛලියේ DRUPAD සංගීතඥයෙක්. බයිජු බව්රා පිළිබඳ ලියැවී ඇති සියලුම තොරතුරු පාහේ ජනප්‍රවාද පාදක ඒවා. සංගීත සමාජ විද්‍යාඥයින්ට අනුව ඒ තොරතුරැ ඓතිහාසික සත්‍යතාවයෙන් තොරයි. වඩාත්ම ජනප්‍රිය ප්‍රවාද කථා වලට අනුව, ඔහු 16 වන සහ 17 වන සියවස්වල (මෝගල් යුගයේ) ග්වලියර් රාජධානියේ Gwalior මහාරාජා වූ මන් සිං තෝමාර්ගේ රාජ සභාවේ සංගීතඥයෙක්.
1952 අවුරැද්දේ බයිජු බව්රා නමින් එළිදුටු චිත්‍රපටිය එවක බොක්ස් ඔෆිස් වාර්තා සියල්ල බිඳ දැමුමා. ඒ වුනාට ඒ චිත්‍රපටියේ කථා තේමාව සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් වග විචාරකයින් පැවසුවා. චිත්‍රපටියට සංගීත අධ්‍යක්ෂණය කළේ විශිෂ්ට සංගීතවේදී නෞෂාඩ්. එහි එන ගීත අතරේ ජනප්‍රියත්වයේ ඉහලටම එසවුනු ඕ දුනියා කේ රඛ්වාලේ ගීතය ගායනා කළේ මෙහොමඩ් රාෆි.
මේ ගීතය ගායනා කරන්නේ බවුල් Baul සංගීත ආරේ ගායනයට ප්‍රසිද්ධ, බංග්ලාදේශ් ගායක Tun Tun Fakir. බංග්ලාදේශයේ විසූ සුප්‍රකට දර්ශනවාදියෙකු සහ ආධ්‍යාත්මික ගුරැවරයෙකු වූ Lalon Fakir ලියූ ගීත ගායනයට Tun Tun Fakir ප්‍රකටයි. ඉපැරණි සංගීත ප්‍රභේදයක් වූ අඩිවාබ් Adiwab ශෛලියේ පිහිටා Lalon Fakir විසින් තනු නිර්මාණය වූ ගීත ගායනා සඳහා ඒක්තාර් නැමැති තත් භාණ්ඩය යොදා ගැනුනා.
මගේ කුඩා මොළයට දැනෙන විදියට Tun Tun Fakir ගේ ගැඹුරු, මෝහනීය කටහඬ, ඔහුගේ ශ්‍රාවකයින්ව ලෝකෝත්තර ගමන් මාර්ගයක අතරමං කරනවා.
ලෝක පාලන දෙවියනි !!!
මට කාරැණික වන්න.
මගේ වේදනාකාරී විලාපයන්ට සවන් දෙන්න.
බලාපොරොත්තු සහ බලාපොරොත්තු සුන්වීම යන වර්ණ ද්විත්වයෙන් ඔබ මේ ලොව අලංකාර කළා.
ඔබ බෝට්ටුවත් කුණාටුවත්,
එකමුතුවත් වෙන්වීමත් නිර්මාණය කළා.
අහෝ ඔබ මා පාවා දුන්නා.
දැන් මගේ ආදරයේ උපනිවේශය විනාශ වී හමාරයි.
අනේ ඉතිං දැන් ඔබ මා වෙනුවෙන් කඳුළු වගුරුවන්න.
(ඕ දුනියා කේ රඛ්වාලේ ගීතයේ මුල් පද පෙලේ ආසන්න තේරැම. අපට සමාවී දන්නා කෙනෙකු ලියනු මැනවි)

විෂ්ණු වාසු
VVishnu Vàsu

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...