‘කතා කීමෙි ආඛ්‍යාන කලාව සහ මහරාජා’

Share post:

දැනට ඉන්දියානු සිනමාවෙි ඉන්න අති දක්ෂ නළුවෙක් තමයි ‘විජේ සේදුපති’ කියන්නේ. විජේගේ ඇක්ටින්ග් මෙතඩ් මාරයි. කොලිවුඩි නළුවන්ට සාපෙක්ෂව සේදුපතිගේ කටහඬ ගත්තත් සෑහෙන ආවෙිණික කටහඬක් තියෙනවා ඔහුට. මට පෞද්ගලිකවම ඔළුවෙන් කවදාවත් අයින් වෙන්නේ නැති නළුවන්ගේ කටහඬවල් දෙකක් තියෙනවා. එකක් ශ්‍යාමි ප්‍රනාන්දුගේ කටහඬ. අනික සේදුපතිගේ. සේදුපති මූණෙන් ලස්සනට ඩ්‍රැමැටික් වැඩ පෙන්නන නළුවෙක් කියන්න අමුතුවෙන් අවශ්‍ය නෑ. සේදුපතිගේ අලුත්ම චිත්‍රපටය ‘මහරාජා’ වගේ චිත්‍රපටයක් බලන්න ඔිනේ සිනමාශාලාවක වුනත් ඒ අත්දැකීම කාර්යබහුලත්වය නිසා ම මට මඟ හැරෙනවා. සේදුපතිගේ ‘මහරාජා’ චිත්‍රපටය අවසානයේ කොහොමහරි පුංචි තිරයෙන් බැලුවා. සේදුපතිගේ ‘මහරාජාගේ’ රංගනය නමි නැවතත් සමිමානනීයයි. විශිෂ්ටයි. චිත්‍රපටයේ කතාව සරලයි, සාමාන්‍යයි. සාමාන්‍ය වටිටෝරුවෙි කතාන්තරයක්. හැබැයි මෙි සාමිප්‍රදායික කතාව ප්‍රේක්ෂකයාට සිනමැටික් විදියට පෙන්නන්නේ කොහොමද? කියන එක ඇතුළේ තමා මුළු වැඩෙිම තියෙන්නේ.

චිත්‍රපටයේ කතාව ගැන මම මුකුත් සඳහන් කරන්නේ නෑ මෙතනදි. පොඩ් හරි සඳහනක් කළොත් නොබලපු අයට ස්පොයිල් වෙන නිසා. චිත්‍රපටයේ අන්තර්ගතයට වඩා මම වැඩිපුරම හිතගියේ චිත්‍රපටයේ විෂුවල් ⁣ස්ටෝරිටෙලින්ග් සහ විෂුවලි ට්‍රීටිමන්ට් පැත්තට. කොහොමද? කුතුහලයක් එක්ක ප්‍රේක්ෂකයාට කතාවක් කියන්නේ සහ කොහොමද? කතාවක් අපි ප්‍රේක්ෂකයාව අවසන් තප්පරය දක්වාම රඳවාගන්න පුලුවන් මටිටමට ලියන්නේ කියන එකට හොඳම උදාහරණයක් තමයි ‘මහාරාජා’ දම්ළ චිත්‍රපටය. චිත්‍රපටයේ තිර පිටපත ලියන්නේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ‘නිතිලන් සාමිනාදන්’ විසින්මයි. ඔහු තමන්ගේ චිත්‍රපටයට දරලා තියෙන නිර්මාණශිලී රචනාමය වෙහෙස මුළු චිත්‍රපටය පුරාවට අපිට පේනවා.

සාමාන්‍යයෙන් ‘මහරාජා’ චිත්‍රපටය ලියලා තියෙන විදියට කියන්නේ ආඛ්‍යාන ශෛලිය එහෙමත් නැත්නමි නැරේටිව් ස්ටයිල් එක කියලා. නිවැරදි හේතුඵල සමිබන්ධයක් සහිතව මුල, මැද, අග සහිත කතන්දරයකින් ප්‍රේක්ෂකයට අපූරුබවක් සහිතව සත්කාර කරනවා කියන්නේ ලේසිපහසු වැඩක් නෙමෙයි. මහරාජා චිත්‍රපටයේ කතාව අපි හැමෝටම එදිනෙදා ජීවිතයේදී පත්තරයකින් හෝ නිව්ස්වලින් ඇහෙන කතාවක්. හැබැයි මෙි කතාව ඇතුළේ බලන අපිව කුතුහලයක් එක්ක තියාගෙන අවසන් තප්පරය වෙනකමි තියාගන්න මොන වගේ උපක්‍රමයක් ද යොදවන්නේ කියන එක චිත්‍රපටය ඇතුළේ අපිට දකින්න පුලුවන් ප්‍රධාන ලක්ෂණයක්. ක්‍රියාකාරිත්වය මුල් කරගත් කථා වින්‍යාසයක (plot of action) ලක්ෂණ මහරාජා චිත්‍රපටය ඇතුළේ දකින්න පුලුවන් වෙන ලක්ෂණයක්.

චිත්‍රපටයට යොදාගෙන තියන ආඛ්‍යාන ශෛලිය(Narrative Style) එක තියෙන්නේ බහු-ස්ථර කතන්දර කීමෙි(multi-layered storytelling) ක්‍රමයක් එක්ක. ඒ කියන්නේ ප්‍රධාන කථාවට වටා අතීත සහ වර්තමාන කතාවක් එක්ක සමපාත වීමක් වෙන විදියට ලියන රචනා ක්‍රමයක්. ආඛ්‍යානයෙන් කෙරෙන්නේ යමි දෙයක් සිදු වුනා බව කීම නෙමෙයි. ඒ දෙය සිද්ධ වුනේ කොහොමද බව පෙන්වීම. සාහිත්‍යයේදි නවකතාවල, කෙටිකතාවල මෙි ආඛ්‍යාන ක්‍රමය සෑහෙන යොදාගන්නවා. ලංකාවෙි ලියවුණ විශිෂ්ට කෘතියක් වන පන්සිය පනස් ජාතක පොතේ කථාවලත් තියෙන්නේ මීට සමාන්තර වුනු ආඛ්‍යාන ශෛලියක් තියෙන ආකෘතියක්. රේඛීය නොවන නිර් රේඛිය විදියට කතාව ගලා යෑමක් වෙන්නේ. නිධාන කතාවත් සහ වර්තමාන කතාවත් අතර සිද්ධ වෙන ආඛ්‍යානයක්. මෙි වගේ චිත්‍රපටයක් ඉතා ප්‍රවෙිශමෙන් සහ අවධානයෙන් බලන්න ඔින. ඒ කියන්නේ පොරි කමින්, කඩල කමින්, විටෙක ජංගම දුරකථනය ඔබමින්, එහෙ මෙහෙ යමින් මෙි වගේ චිත්‍රපටයක් බලද්දි කාලානුක්‍රමික පිළිවෙල, කතාවෙි පොඩි දෙයක් හරි මඟ හැරෙන්න පුලුවන්.

අනෙක් පැත්තට මහරාජා ආඛ්‍යානය ගොඩ නැඟීම ඇතුළේ රචකයා සෑහෙන විදියට උත්සාහ කරලා තියෙනවා යථාර්ථය නිරූපණය කරන්න. යථාර්ථය නිරූපණය කරනවා කියන්නේ මිනිස් ජීවිතය යථාර්ථ ස්වරූපයෙන්, සත්‍ය ලෙස, අව්‍යාජය නිරූපණය කරනවා කියන එක. තවදුරටත් අදහස් කරනවා නමි ජීවිතය ඇති සැටියෙන් නැත්නම් තාත්විකව නිරූපණය කිරීමට වඩා මිනිස් ජීවිතයේ යථා අර්ථය හෙවත් නියම අර්ථය නිරූපණය කිරීම. ජීවිත සටනෙදි මිනිසා කියන්නේ විවිධ වෙස් අරගෙන රඟපාන නළුවෙක් වගේ. මෙි චිත්‍රපටයේ බහුතර චරිතත් අන්න ඒ වගේ.

‘මහරාජා’ චිත්‍රපටය ඇතුළේ මෙි නිර්මාණශීලි තිර පිටපතට සමාන්තරව කතා කරන්න පුලුවන් අනෙක් අංශය තමයි සංස්කරණය (Editing) කියන්නේ. චිත්‍රපටයේ කතාව රේඛීය නොවන විදියට අමුණන්නේ පැරලල් විදියට. ඒ කියන්නේ සංස්කරණ ශිල්පියා යොදාගෙන තියෙන්නේ පැරලල් එඩිට්න්ග් කියන ටෙක්නික් එක. චිත්‍රපටයේ ලොකුම ක්‍රෙඩිටි එක යන්න ඔින එඩිටින්ග් එකට. මෑතකදී ඉන්දියානු සිනමාව ඇතුළේ දැකපු සෑහෙන ක්‍රියේටිවි සහ ෂාර්ප් එඩිට් එකක්.

ලංකාවෙි චිත්‍රපට හරිම දුප්පත් තැනක තියෙන්නේ ඇයි කියන එකටත් මෙි මහරාජා වගේ චිත්‍රපටයක් හොඳ උදාහරණයක්. හොලිවුඩ්වලින් ගත්තොත් මෙි විදියේ ආඛ්‍යාන ක්‍රමයක් තියෙන චිත්‍රපට තමයි ටැරැන්ටිනෝගේ ‘පල්ප් ෆික්ෂන්’, ඉනාරිතුගේ ‘බබෙල්’, නෝලන්ගේ ‘ඉන්සෙප්ෂන්’ වගේ චිත්‍රපටයන්. ලංකාවෙි සිනමාවට නිර්මාණශීලි තිර පිටපත්වල අඩුව සහ සාර්ථක තිර රචනාවල අඩුව සෑහෙන දැනෙනවා මෙි වගේ චිත්‍රපටයක් බලල ඉවර වෙද්දි. සීරියස් ෆිල්ම් බලන අයට ‘මහරාජා’ කියන්නේ සෑහෙන ඉහළ සිනමා වින්දනයක් දෙන්න පුලුවන් චිත්‍රපටයක් වගේම තනිකරම සිනමා වැඩබිමක් තමයි ‘මහරාජා’ කියන්නේ. මේ අවුරුද්දේ දැනට බලපු හොඳම දමිළ චිත්‍රපටය කියලා කියන්න පුලුවන් විශිෂ්ට වැඩක්.

මලින්ත විතානගේ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...