ලෝක මලල ක්‍රීඩා පිටියේ කෙටිදුර ධාවන ඉසව් සඳහා විශාල අවධානයක් යොමුවෙන්නෙ ඒ තුල ඇති ජවය.. තරඟකාරීත්වය වගේම ඒ සඳහා සහභාගිවෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආකර්ශණීයත්වය හේතුකොටගෙනයි. නෙට්ෆ්ලික්ස් මගින් නිර්මාණය කරන ලද SPRINT වාර්ථා චිත්‍රපටිය නැරඹුවොත් මේ ගැන අදහසක් ගන්න පුළුවන්.
පිරිමි අංශයේ කෙටි දුර වාර්ථා නිරන්තරයෙන්ම අළුත් වෙන අතරෙ කාන්තා අංශයේ බොහොමයක් වාර්ථා අයිති වෙන්නෙ 1990 දශකයට හෝ ඊට පෙර වසරවලට බව අපිට දකින්න පුළුවන්.
ජැමෛකානු සුපිරි ක්‍රීඩක උසේන් බෝල්ට් මීටර් 100 හා 200 වාර්ථා 2009 වසරේදී පිහිටුවද්දි දකුණු අප්‍රිකාවේ වෑන් නීකර් මීටර් 400 ලෝක වාර්ථාව පිහිටුවන්නෙ 2016 වසරේදී.
කාන්තා අංශයේ මීටර් 100 හා 200 ඉසව් ලෝක වාර්ථාවලට හිමිකම් කියන්නෙ ඇමරිකානු ක්‍රීඩිකා ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් හෙවත් ෆ්ලෝ ජෝ විසින්.
1988 වසරේ… ඒ කියන්නෙ අදින් වසර 35 කට පෙර පිහිටවූ වාර්ථා තවමත් බිඳහෙලීමට වර්ථමාන ක්‍රීඩිකාවන් අසමත්වී තිබෙනවා.
මේ ගැන අපි මීට පෙර කතා කලා විස්තර සහිතව.
මාධ්‍යවල නිතර කතා නොවුනත් මීටත් වඩා පැරනි ලෝක වාර්ථාවක් පවතිනවා 1985 වර්ශයේදී පිහිටුවන ලද. මේ වාර්ථාව තමයි කාන්තා මීටර් 400 ධාවන ඉසව්ව.
1985 ඔක්තෝබර් 6 වෙනිදා මේ ලෝක වාර්ථාව පිහිටුවන්නෙ නැගෙනහිර ජර්මනියේ ( Marita Koch ) මාරීටා කෝච් විසින්.
වාර්ථාවන කාලය තත්පර 47. 6 ක්. තත්පර 48 සීමාව පසුකිරීමත් ඉතාම අසීරු කඩ ඉමක්ව තිබියදී තත්පර 47 සීමාවට ලඟාවීම Imposible එහෙමත් නැතිනම් කලනොහැකි ක්‍රියාවක් ලෙසයි විචාරකයන් හඳුන්වන්නෙ.
උදාහරණයක් විදිහට පසුගිය ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනූ මරිලෙයිඩි පෝලිනෝ ක්‍රීඩිකාව ( ඩොමිනිකන් රිපබ්ලික්) වාර්ථා කරනලද කාලය තත්පර 48.76ක්.
මේ වසරේ තත්පර 48 සීමාවට ලඟාවෙන්නෙ ක්‍රීඩිකාවන් තුන්දෙනෙක් හෝ හතර දෙනෙක් පමණයි.
මලල ක්‍රීඩා ඉතිහාසයේ මේ ඉසව්ව සඳහා තත්පර 47 සීමාවට ලඟාවී ඇත්තේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පමණක් වීම පුදුමයට කාරණයක්. මාරීටා කෝච්ට අමතරව චෙකොස්ලෝවැකියාවේ ජාර්මිලා ක්‍රටොච්විලෝවා ( jarmila kratochvílová) තත්පර 47.99 ක කාලයක් වාර්ථා කරනව 1985 වර්ශයේදීම.
( මේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව වන තත්පර 51.05 ට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාව බිහිකල සුපිරි ක්‍රීඩිකා දමයන්ති දර්ශා විසින්)
අවුරුදු 35 ක් තුල කිසිම ක්‍රීඩිකාවක් මේ ලෝක වාර්තාව ආසන්නයට ලඟා නොවීමට හේතුව කුමක් වෙන්න පුළුවන්ද.?
මීට 400 ඉසව්ව ඉතාම කල්පනාවෙන් ධාවනයේ යෙදිය යුතු තාක්ශණික ඉසව්වක්.
ආරම්භයේදීම ශරීරය ක්ශණිකව නිෂ්පාදනය කරන ශක්තිය උපයෝගී කරගෙන මීටර් 50 ත් 80 ත් අතර ප්‍රමාණයක් උපරිම වේගයෙන් ධාවනය කරමින් ඉතිරි දුර ප්‍රමාණයට ගැලපෙන රිද්මයක් සොයාගන්න අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් අවසන් මීටර් 100ට ලඟාවෙද්දි මුළු ශරීරයම ලැක්ටික් ඇසිඩ් මගින් ගිල ගැනීමට තියන ඉඩකඩ වැඩියි.
.. දරාගැනීමේ හැකියාවත්.. රිද්මය හඳුනාගැනීමත් වගේම මානසික ශක්තියත් මීටර් 400 ඉසව්ව ධාවනයට අත්‍යාවශ්‍ය අංග.
සෑම මීටර් 100ක්ම තත්පර දොලහක් හෝ ඊට අඩුවෙන් නිමකරමින් තත්පර 47 සීමාවට ලඟාවෙන්න නැගෙනහිර යුරෝපීය ක්‍රීඩිකාවන්ට හැකිවුනේ කොහොමද.?
ඒත් එක්කම 1970-80 දශකවල නැගෙනහිර ජර්මානු ක්‍රීඩිකාවන් ලොව දක්ශතම ක්‍රීඩිකාවන් බවට පත්වුනේ කොහොමද.? උත්තරය සරලයි. රාජ්‍ය මට්ටමේ අනුග්‍රයෙන් ක්‍රියාත්මකවුනු තහණම් උත්තේජක භාවිතය.
ශරීරයේ ශක්තිය හා වේගය වැඩිකරන ඖශධ හෙවත් උත්තේජක පාලනයත් පරීක්ශාවත් ජාත්‍යන්තර මට්ටමෙන් හඳුන්වා දෙන්නෙ 1988 වසරේ සිට.
ඒ වනතෙක් නිසි පාලනයක් හෝ පරීක්ශාවක් සිදුවන්නෙ නැහැ.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ජර්මනිය දෙකඩ වන බවත් නැගෙනහිර ජර්මනිය සෝවියට් දේශයේ සහය යටතේ කොමියුනිස්ට් පාලනයට නතුවෙන බවත් අපි දන්නවා. මේ කාලය තුල ස්ටාසි සහය ඇතිව නැගෙනහිර ජර්මනියේ ක්‍රීඩා කඳවුරු හා ක්‍රීඩා පාසැල් නිර්මාණය කෙරෙනව.
මේ නේවාසික කඳවුරුවලින් නිර්මාණය වෙන්නෙ අධික වේගයක් ශක්තියක් ඇති… විශාල මාංශ පේශීන් සහිත ක්‍රීඩිකාවන්. ජාත්‍යන්තර ක්‍රීඩාතරඟවලදී සෝවියට් .. ඇමරිකානු හා අනෙකුත් ක්‍රීඩිකාවන් පරාජයට පත්කරමින් මේ ක්‍රීඩිකාවන් පහසුවෙන්ම ලෝක මට්ටමේ ජයග්‍රහන වාර්ථා කරන්නෙ මෙන්න මේ හේතුවෙන්.
පසු කලෙක මේ ක්‍රීඩිකාවන් සමහරෙක් ලිංග විපර්‍යාසයන්ට භාජනය වෙනවා.
ඒ කෙසේවෙතත් මරීටා කෝච්ගේ ධාවන විලාශයත්… ධාවන රිද්මයත් ඉස්තරම්. ලෝක වාර්ථාව පිහිටුවන අවස්ථාවේ ඇයත් සෙසු ක්‍රීඩිකාවනුත් අතර දකින්න ලැබෙන්නෙ විශාල පරතරයක්.
ජාර්මිලා ක්‍රටොච්විලෝවා ක්‍රීඩිකාව ශරීර ප්‍රමාණය හා හැඩය අතින් සමාන වෙන්නෙ පිරිමි ක්‍රීඩකයෙකුට.
විශාල මාංශපේශීන් සහිත ජාර්මිලා අදත් මීටර් 800 ලෝක වාර්ථාවට හිමිකම් කියන ක්‍රීඩිකාව.
1983 වර්ශයේ පිහිටුවනලද මේ වාර්ථාව සටහන් වෙන්නෙ විනාඩි 1 තත්පර 53.28 ක් විදිහට.
මීටර් 400 කාන්තා ලෝක වාර්ථාව බිඳදමන්න පුළුවන් ක්‍රීඩිකාවක් ඉන්නවද මගේ මිත්‍රයෙක් අහනවා.
බොහෝවිට ඔව්… නමුත් මේ වසරේ ඒ වාර්ථාව අසලට ඒමට සමත් කිසිදු ක්‍රීඩිකාවක් නැහැ. යම් දිනක මේ වාර්ථාව බිඳදැමීමේ හැකියාව ඇමරිකා එක්සත් ජනපදයේ සිඩ්නි මැක්ලාෆ්ල්න් ක්‍රීඩිකාවට තියනව.
තත්පර 48 සීමාවට කීපවරක්ම පැමිණි සිඩ්නි මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවක්.
තහණම් උත්තේජක හා වංචාවන් පැත්තකින් තිබ්බොත් මේ ඉසව්වට ලොව මෙතෙක් බිහිවූ දක්ශතම ක්‍රීඩිකාව කවුද.? උත්තරය විදිහට ක්‍රීඩිකාවන් කීප දෙනෙක් ගැනම සඳහන් කරන්න පුළුවන්.
බහමාස් රාජ්‍යයේ ශෝන් මිලර්… එක්සත් ජනපදයේ සානියා රිචර්ඩ්ස් හා වැලරි බ්‍රිස්කෝ … ඕස්ට්‍රේලියාවේ කැතී ෆ්‍රීමන් මේ අතරින් විශේෂයි.
නමුත් වඩාත්ම කැපී පෙනෙන හා ආකර්ශණීයම ක්‍රීඩිකාව වන්නේ ඔලිම්පික් රන් පදක්කම පිට පිටම දෙවතාවක් දිනාගත් ප්‍රංශයේ මාරි ජොසේ පෙරෙක්.
1996 දී ඔලිම්පික් වාර්ථාව පිහිටුවමින් පෙරෙක් වාර්ථා කරනලද කාලය තත්පර 48.25ක්.
මීටර් 400 කාන්තා ඉසව්ව ගැන සඳහන් කරන හැම අවස්ථාවකම අමතක කරන්න බැරි නමක් තමයි දමයන්ති දර්ශා. ශ්‍රී ලංකා වාර්ථාවට තවමත් හිමිකම් කියන දමයන්ති දර්ශා මීටර් 400 ඉසව්වට ආසියාවේ සිටි දක්ශතම ක්‍රීඩිකාව. පාසැල් ක්‍රීඩා පිටියෙන් මලල ක්‍රීඩා පිටියට පැමිණෙන දර්ශා මීටර් 100,200 හා 400 ඉසව් තුනටම එකවගේම දස්කම් දක්වමින් ජාතික හා ජාත්‍යන්තර වාර්ථා පිහිටුවනවා.
බහරේන්හි සල්වා එඩ් නසාර් විසින් බිඳදමන තෙක්ම ආසියානු ශූරතා වාර්ථාවට හිමිකම් කියන ලද්දේ දමයන්ති දර්ශා ක්‍රීඩිකාව විසින්. පසු කලෙක තහණම් උත්තේජක භාවිතය සම්භන්ධයෙන් දඬුවම් ලැබූ නසර් වසර දෙකක තහණමකට යටත් වූ බව අපිට මතකයි.
කිසිවිටක තහණම් උත්තේජක චෝදනාවලට ලක් නොවූ දර්ශා ක්‍රීඩා පිටියේත් ඉන් පිටතත් ආදරයටත් ගෞරවයටත් ලක්වූ ක්‍රීඩිකාවක්. දර්ශාගේ ශ්‍රී ලංකා වාර්ථාව බිඳ දැමීමට හැකියාවක් ඇති ක්‍රීඩිකාවක් විදිහට තරුශි කරුණාරත්න නම් කරන්න පුළුවන්.
මෙවර මීටර් 400 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනාගන්නෙ කවුද කියන ප්‍රශ්ණය අපිට අහන්න පුළුවන්.
මේ සඳහා නිර්මාණය වෙලා තියෙන්නෙ තියුණු තරඟයක්.
මරිලේයිඩි පෝලිනෝ – ඩොමිනිකන් රිපබ්ලික්.
නිකීශා ප්‍රයිස්- ජැමෙයිකාව.
නතාලියා කශ්මරෙක්- පෝලන්තය.
ඇම්බර් ඇනින්ග්ස්- බ්‍රිතාන්‍ය.
රශීඩා අඩෙලේයිකේ- අයර්ලන්තය …
මෙන්න මේ ක්‍රීඩිකාවන් අතර තියුණු තරඟයක් අපිට දැකබලා ගන්නට පුළුවන් වෙනවා මෙවර පැරිස් ඔලිම්පික් උලෙලේදී.
මේ වසරේදී මීටර් 400 ලෝක වාර්ථාව බිඳවැටේවිද.. ? උත්තරය නැහැ.