‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

Share post:

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන ජංගම පාලමකි. සිනමාව තුළ බහුල ලෙස දුමිරිය ප්‍රධාන නළුවෙකු ලෙස යොදාගත් අවස්ථා බහුල ය. 2024 වසරට බොලිවුඩි සිනමාවෙන් දායාද වන ‘8 A.M. Metro’ චිත්‍රපටයේ ද ප්‍රධාන සාධකය බවට පත්වන්නේ දුමිරියයි. ගල් අඟුරු ධාවක කෝචිචියේ සිට නූතන විදුලි දුමිරිය ලෙස ස්ථානගත වන වර්තමාන ඉන්දියාවෙි ‘මෙටිරෝ’ දුමිරිය වෙිදිකාවක් තුළ දී අහමිබයෙන් හමුවන එක් විවාහපත් දෙපළකි. ඇය ඉරාවතී ය. ඔහු ‘ප්‍රීතමි’ ය. දෙදෙනාටම සමීප විය හැකි ආවෙිණික වූ දරුණු අතීතකාමයක් ද ඇත. එම අඳුරු පැහැ අතීතකාමයෙන් මොවුන් දෙපළගේ ජීවිතය ඉදිරියට ගලාගෙන යයි. සැබැවින්ම අහඹු හමුවීමිවල සිද්ධ වන අවසන් ප්‍රතිඵලය කිනමි අතට ගලාගෙනයාවිද? යන්න කිව හැක්කේ දෛවයටම පමණකි.

‘8 A.M. Metro’ යනු මිනිස් සිතට අතිශය කා වදිනසුළු සංවෙිදී චිත්‍රපටයකි. භාවනාවකට සමවැදීමකි. මෙම භාවනාවම ප්‍රේක්ෂකයා තුළ දරුණු ආතතියක් ජනිත කරයි. චිත්‍රපටය තුළින් ප්‍රකාශිතවන අදහස් ගොනු අතර ව්වාහය නමැති සංස්ථාව තුළ අතිශය කාර්යබහුලබව, ආදරයට ලැබෙන වටිනාකම තක්සේරු කිරීම යන කාරණා මිනිස් ජීවිතවලට අතිශය පොදු කාරණා වෙති. හමුවීමි සහ බැඳිමි අතර ඇති ගැටගැසුණු ස්වභාවය විසින් කෙටි කලකට හෝ ජීවිතයට ලැබෙන නව ප්‍රාණයත් ඔස්සේ අලුත් වෙිදනාවන්, අලුත් අත්දැකීම්වලට සුදානමි වෙන්නැයි කරන අණ කිරීම සබඳතාවන්හි ස්වභාවයයි. සබඳතා නියමිද? අනියමිද? ප්‍රේමයද? මිත්‍රත්වයද? නැත්නමි වෙනයමි දෙයක්ද? යැයි තනි ඉරකින් බෙදා වෙන්කළ නොහැකි බවත් චිත්‍රපටය විසින් ප්‍රකාශිතවන එක් අදහසක්. මුළු චිත්‍රපටය පුරාවටම විශිෂ්ට රංගනයක නියැළෙන නළු ‘Gulshan Devaiah'(ප්‍රිතමි) සහ නිළි ‘Saiyami Kher'(ඉරාවතී) රංගනය නමි සමිමානයට පාත්‍ර විය යුතුමයි. ‘මල්ලාඩි වෙන්කට ක්‍රිෂ්ණ මූර්ති’ නමි තෙළිඟු ලේඛකයා විසින් 1980 දශකයේ ලියන ලද ‘Andamina Jeevtam’ සුප්‍රසිද්ධ තෙළිඟු නවකතාව අනුසාරයෙන් ‘8 A.M. Metro’ චිත්‍රපටය නිර්මාණය කර තිබීම සුවිශේෂී.

‘8 A.M. Metro’ චිත්‍රපටය තුළ ඉරාවතී සහ ප්‍රීතමි, එකිනෙකා ගැන කොතරම් සැලකිල්ලක් දැක්වුව ද, අවසානයේදී ඔවුන්ට පාලනය කිරීමට නොහැකි විශාල තත්වයන් නිසා ඉවත්ව යාමට සිදු වේ. කිසිවක් සදාකාලිකව පවතින්නේ නැත, කාලය ගෙවී යයි, දේවල් මැකී යයි, ඔබ ආදරය කරන, විශේෂ සැළකිල්ලක් දක්වන පුද්ගලයින්ට යම් දිනෙක විරාමයක් තැබිය යුතු ය. වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේ වර්තමානයේ ජීවත් වීමත්, අනාගතය පිළිබඳ බොරු සිහින මවාගෙන ජීවත් වීමෙි ඵල රහිත බව සහ ඔබේ ආදරණීයයන් ඔවුන් සමඟ පිටවන්නේ කවදාදැයි ඔබ නොදන්නා නිසා ඔවුන් සමඟ හැකිතාක් කාලය ගත කිරීමයි.
ඔවුන් නැති වූ පසු, ඔබට බලාපොරොත්තු විය හැක්කේ යම් දිනෙක නැවත හමුවීමයි. සමහර විට ඔබ එසේ කරනු ඇත, නමුත් සමහර විට ඔබ ඒවා නැවත කිසි දිනෙක දකින්නේ නැත. එහෙත්, ඔවුන් නැති වූ විට පවා, ඔවුන්ගේ මතකයන් පවතිනු ඇති අතර, එම පුද්ගලයා සමඟ හැකිතාක් කාලය ගත කිරීම වටිනවා. “8 A.M. Metro” යනු ප්‍රේමය හා සබඳතා පිළිබඳ සාපේක්‍ෂව හා යථාර්ථවාදී දෘෂ්ටියක් අපට ඉදිරිපත් කරන චිත්‍රපටයක් වන අතර කාලය හා අවකාශය අපට සමීපතමයන්ගෙන් පවා අපව වෙන් කරන්නේ කෙසේද? යන්න අවධාරණයෙන් පෙන්වා දෙනවා. අපගෙන් බොහෝ දෙනෙකුට අපට සමීප පුද්ගලයන් හැර යාම පිළිබඳව හැමවිටම දුකක්, කඳුළක් එක්කරන අතර, ඊට ප්‍රතිවිරුද්ධ වු තත්ත්වයක් “8 A.M. Metro” නිර්මාණය කරයි. ඉතින් එවන් වූ අහමිබයන් බොහෝ තිබිය හැකිය. ඒ අහඹු හමුවීමි කායික ශාරීරික ප්‍රමෝදයෙන් පිට පැන අධ්‍යාත්මික ස්වරූපයකින් යුක්තව ගලා යයි. අප්‍රකට එවන් වූ ආදර කතාවන් ඇත. සමහරවිට මෙය ඔබෙි කතාව විය හැකිය. ඒ ‘8 A.M. Metro’ ය.

මලින්ත විතානගේ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...