කීර්ති වැලිසරගේගෙ අළුත්ම බර අඩිය ‘උත්පත්ති’

Share post:

ඒ උණු දූවිලි, මායා තීර්ථ, කාල සර්ප, ගරුඩ මුහුර්තය, රුදු රොන් සුනු වැනි කෘතීන් තුළින් සාහිත්‍ය ලෝකයේ බර අඩි තියා ආ කීර්ති වැලිසරගේගෙ අළුත්ම බර අඩිය. උත්පත්ති.

කීර්තිගෙ හැම පොතකම හමුවන ඔහුගේ භාෂාව මේ පොතෙත් නොඅඩුව මුණගැහෙනවා. ඔහු චරිත සංයමයෙන් ගොඩනංවන්නෙත්, සිද්ධි ඉවසිලිවන්තව විස්තර කරන්නෙත් ඔහුට ආවේණික ඒ සුමට නමුත් විදග්ධ භාෂාවේ ආධාරයෙන්. පළමුවැනි පිටුවේදීම මුණගැහෙන ඒ භාෂාව පොත අත නොහැර කියවන්න රුකුලක් වෙනවා.

කතාව පටන් ගන්නෙ අවුරුදු හැටකට එපිටින්. 1963 මැයි මාසයෙන්. කතාව ගලාගෙන යද්දි, තවමත් වැඩවසම් ලක්ෂණ නොබිඳි අවුරුදු හැටකට එපිට යුගයේ පැවති සමාජ ආර්ථික වටපිටාව කතුවරයා අතින් යටිපෙළක් ලෙසින් විස්තර වෙනවා. පාඨකයාට හිරිහැරයක් නොවී.

ඉඩම් හිමි ප්‍රභූ තරුණයෙකු අතින් අගතියට පත්වන යුවතියක පාඨකයාට පොතේ මුණගැහෙනවා. එය අපේ සාහිත්‍ය කෘතිවල දුලබ දෙයක් නෙවෙයි. නමුත් මේ කෘතියේදි ඒ චරිත එතැන් සිට හැසිරෙන ආකාරය වැලිසරගේ සුවිශේෂ කතා ගොතන්නකු බවට පත් කරනවා.

ඇතැම් චිත්‍රපට වලදි ඉතා කුඩා චරිත සඳහා ඒ චරිතයන්ට ගැලපෙන නළුවන්/නිළියන් යොදා ඒ චරිතයන් අපේ හිතේ සදහට ජීවමාන කරවන්නාසේ මේ පොතේ පිටු තුන හතරකට හෝ පිටු හත අටකට සීමා වෙන කුඩා චරිත පවා කතුවරයා මැනැවින් අකුරු ගන්වා තිබූ බැවින් පාඨකයාගේ හිතේ රැඳෙනවා.
පොත අවුරුදු තිහකට කිට්ටු කාලයක් පුරා දිවෙන පරම්පරා දෙකක කතාවක්. පරම්පරා කතාවක් ලියන එක ලේඛකයකුට කිසියම් අභියෝගයක්. මොකද පලවෙනි පරම්පරාවෙ කතාව කියලා, ඊළඟට ඒ චරිත පිටිපස්සෙ ආසනයට දාලා, පොඩියට හිටපු උන්ව එක පාරටම ලොකු කරලා, උන්ගෙ කතාව කියන්න වෙන නිසා. පාඨකයා තාමත් හිතින් ඉන්නෙ කලින් පරම්පරාවෙ චරිත එක්ක නම් වැඩේ අමාරුයි. දෙවෙනි පරම්පරාවෙ කතාව මුල් කතාව විතර පාඨකයාට ඇල්ලුවෙ නැති නම් කතෘගෙ ව්‍යායාමය අසාර්ථකයි. කීර්ති මේ භාරධූර රාජකාරියෙ අවදානමට මූණ දෙනවා ඔහුගේ භාෂාව පහුරක් කරගෙන.
තමන්ගේ ළබැඳියෙකුට සමාව දෙන්නට හිත හදා ගන්නට නොහැකිවීම ජීවිත කාලයක් පුරා තමන්ටම ආරෝපණය කරගන්නා දඬුවමක් නොවන්නේද? තමන්ටම සමාව දීගන්නට නොහැකිව පශ්චත්තාපයේ ගිලී යාම ඊටත් එහා ගිය ව්‍යාධියක් නොවන්නේද? ඒවා තමයි පොත කියවද්දි පපුවට දැනුනු කාරණා.
පොත කියවා අවසන් කල මොහොතේ හිතුනේ කීර්ති වැලිසරගේ නම් සාහිත්‍යධරයාට අප, එනම් ඔහුගේ පාඨක ප්‍රජාව, සලකනවා මදි නේද කියලයි.

සුසන්ත ආරියරත්න

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...