73 වන ගුවන් හමුදා දිනයට සමගාමීව උතුරේ පාසල් 73ක් සංවර්ධනය කෙරේ

Share post:

73 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය මාර්තු 02 වනදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් “මිත්‍රත්වයේ පියාපත් උතුර- දකුණ යා කරන සහයෝගීතාව” ( Wings of Friendship) මෙවර තේමාව කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
කැලණිය රජමහා විහාරස්ථානයේ පිච්චමල් පූජාව හා සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය සැමරිම ආරම්භ කරන අතර මෙවරත් ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදා ආචාර පෙළපාළිය සිදු කිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන අරමුණුවලට අනුකූලව ගුණාත්මක අධ්‍යාපනය හා පාරිසරික තිරසාරකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර උතුරු පළාත් කේන්ද්‍ර කොටගෙන ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා මූලිකත්වය දෙමින් ගුවන් හමුදා දිනය සැමරීමට අපේක්ෂා කරන බව ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව් යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි සංවර්ධනය කළ යුතු පාසල් 73ක් හඳුනාගෙන එම පාසල් සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තුකර ඇති මුදල මිලියන 100කිඑම වැඩසටහන යටතේ තෝරාගත් පාසල් සඳහා පොත් 73000ක් ප්‍රදානය කිරීම සිදු කරන අතර මේ සඳහා රුපියල් මිලියන 25ක් පමණ වියදම් වන බව ඇස්තමේන්තුකර ඇත. එසේම මාර්තු මස 6 සිට 10 දක්වා යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී එයාර් ටැටූ 2024 තාක්ෂණික අධ්‍යාපන ප්‍රදර්ශනය හා සැණකෙළිය (Air Tattoo 2024- Technological ,Educational Exhibition) පැවැත්වේ. මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා හා සම්පත් ප්‍රදර්ශනය හා ගුවන් හමුදාවේ කාර්යභාවය, තාක්ෂණික අධ්‍යාපන පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදුකෙරේ . මෙම ප්‍රදර්ශනයේදී පැරෂුට් සංදර්ශන, ගුවන් කරනම්, නර්තන, හා ආපදාවකදී කටයුතු කළ යුතු ආකාරය දක්වන සංදර්ශන, අංගම්පොර, සුනඛ සංදර්ශන, ඩ්‍රෝන යානා ප්‍රදර්ශන ඇතුළත් වේ.මෙම ප්‍රදර්ශනයට උතුරු පළාතේ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට ඔවුන්ගේ නවෝත්පාදන උපකරණ ප්‍රදර්ශනය කිරීමටද අවස්ථාව සලසා ඇති අතර මෙම ප්‍රදර්ශනය පාසල් සිසුන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීමට හැකි ගුවන් හමුදාව භාවිතා කොට භාවිතයෙන් ඉවත් කළ ගුවන් යානා එන්ජිමක් යාපනයේ විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කෙරේ. ඒසේම මීට සමගාමිව දිවයින පුරා පැළ හැත්ත තුන්දාහක් බෙදා හැරීමේ ව්‍යාපෘතිය මෙන්ම ශ්‍රී ලංකාවේ විශාලතම පාපැදි සවාරිය වන ශ්‍රී ලංකා ගුවන් හමුදා මිත්‍රත්වය අභියෝගතා කුසලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය දින පහක් පුරාවට පැවැත්වේ. මේ සියලු කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ඒයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්ත මහතා වන අතර උතුරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ සහ යාපනය වාණිජ මණ්ඩලයේ නොමසුරු සහයෝගය මේ සඳහා ලබා දෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. මේ සමාජ සත්කාර ආදිය සඳහා සියලු වියදම් රජයේ මැදිහත්වීමකින් තොරව සිදු කරන අතර ඒ සඳහා දේශීය හා විදේශීය වශයෙන් විශාල දායකත්වයක් ලබා දෙන අතර තවදුරටත් එයට සහයෝගය ලබා දෙන ලෙස ද ගුවන් හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...