ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් : නැගෙනහිර පළාත අසීරු තත්ත්වයක බව සෞඛ්‍ය අධ්‍යක්ෂ කියයි !

Share post:

රට පුරා රෝහල් ගණනාවක ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ(chest physicians) සැලකිය යුතු හිඟයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට දිවයිනේ ශ්වසන රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් 30 දෙනකු සේවය කරන අතර, ඔවුන්ගෙන් 10 දෙනකුට ආසන්න පිරිසක් පසුගිය මාස කිහිපය තුළ රට හැරයෑම හේතුවෙන් රෝහල් කිහිපයක් එම වෛද්‍යවරුන්ගේ හිඟයකට මුහුණ පා ඇත.

එම ක්ෂේත්‍රයේ තවත් වෛද්‍යවරු පිරිසක් ද රට හැරයෑමට අනුමැතිය ඉල්ලා ඇත.

දැනට පවතින පුරප්පාඩු අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ පුරප්පාඩු දෙකක් සහ මහනුවර ජාතික රෝහලේ එක් පුරප්පාඩුවක් ද, වැලිසර ළය රෝහල, අවිස්සාවේල්ල මූලික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර, මඩකලපුව, යාපනය, පොළොන්නරුව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල්වල ද පුරප්පාඩුව බැගින් පවතී.

කෙසේවෙතත්, වෛද්‍ය වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යෑමට හේතු වී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී නොමැති බවට පාර්ශ්ව කිහිපයකින් රජයට චෝදනා එල්ල වී තිබේ.

ශ්වසන වෛද්‍ය විද්‍යාව පුළුල් පරාසයක රෝග ආවරණය කරන අතර ඇදුම, සිස්ටික් ෆයිබ්‍රෝසිස්, අන්තරාල පෙනහළු රෝග සහ පෙනහළු බද්ධ කිරීම වැනි රෝග ඒ අතර වේ.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ දැනට මාස 10කට වැඩි කාලයක් තිස්සේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැති වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.බී.එම්. කොස්තා පැවසුවේ පළාත් සභාව මගින් පාලනය වන ප්‍රධාන රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවයි.

දෙහිඅත්තකණ්ඩිය, පොතුවිල්, මහඔය, කින්නියා, මුතූර් ඇතුළු මූලික රෝහල් සියල්ලේ ම විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කළ ද, මෙතෙක් ඊට පිළිතුරක් ලබාදීමට අමාත්‍යංශය සමත් වී නැති බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරුන් යොමුකිරීම පිළිබඳ නිශ්චිත වගකීම දරන සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ මෙය රට පුරා පවතින තත්ත්වයක් බවයි.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...