ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් : නැගෙනහිර පළාත අසීරු තත්ත්වයක බව සෞඛ්‍ය අධ්‍යක්ෂ කියයි !

Share post:

රට පුරා රෝහල් ගණනාවක ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ(chest physicians) සැලකිය යුතු හිඟයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට දිවයිනේ ශ්වසන රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් 30 දෙනකු සේවය කරන අතර, ඔවුන්ගෙන් 10 දෙනකුට ආසන්න පිරිසක් පසුගිය මාස කිහිපය තුළ රට හැරයෑම හේතුවෙන් රෝහල් කිහිපයක් එම වෛද්‍යවරුන්ගේ හිඟයකට මුහුණ පා ඇත.

එම ක්ෂේත්‍රයේ තවත් වෛද්‍යවරු පිරිසක් ද රට හැරයෑමට අනුමැතිය ඉල්ලා ඇත.

දැනට පවතින පුරප්පාඩු අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ පුරප්පාඩු දෙකක් සහ මහනුවර ජාතික රෝහලේ එක් පුරප්පාඩුවක් ද, වැලිසර ළය රෝහල, අවිස්සාවේල්ල මූලික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර, මඩකලපුව, යාපනය, පොළොන්නරුව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල්වල ද පුරප්පාඩුව බැගින් පවතී.

කෙසේවෙතත්, වෛද්‍ය වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යෑමට හේතු වී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී නොමැති බවට පාර්ශ්ව කිහිපයකින් රජයට චෝදනා එල්ල වී තිබේ.

ශ්වසන වෛද්‍ය විද්‍යාව පුළුල් පරාසයක රෝග ආවරණය කරන අතර ඇදුම, සිස්ටික් ෆයිබ්‍රෝසිස්, අන්තරාල පෙනහළු රෝග සහ පෙනහළු බද්ධ කිරීම වැනි රෝග ඒ අතර වේ.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ දැනට මාස 10කට වැඩි කාලයක් තිස්සේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැති වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.බී.එම්. කොස්තා පැවසුවේ පළාත් සභාව මගින් පාලනය වන ප්‍රධාන රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවයි.

දෙහිඅත්තකණ්ඩිය, පොතුවිල්, මහඔය, කින්නියා, මුතූර් ඇතුළු මූලික රෝහල් සියල්ලේ ම විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කළ ද, මෙතෙක් ඊට පිළිතුරක් ලබාදීමට අමාත්‍යංශය සමත් වී නැති බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරුන් යොමුකිරීම පිළිබඳ නිශ්චිත වගකීම දරන සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ මෙය රට පුරා පවතින තත්ත්වයක් බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...