ජපාන ගුවන් අනතුරට හේතුව සෙවීමේ පරීක්ෂණ අරඹයි

Share post:

ජපාන ගුවන් අනතුරට හේතුව සෙවීමේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. ජපාන සිවිල් ගුවන් සේවා කාර්යාංශය කියා සිටින්නේ ගුවන් යානා වලට විධාන නිකුත් කළ ආකාරය සොයා බැලීමට මූලික අවධානය යොමු කර ඇති බවයි. ධාවන පථයේ දී වෙරළාරක්ෂක ගුවන් යානයක් සහ මගී යානයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මියගිය පස් දෙනා වෙරළාරක්ෂක ගුවන් යානයෙහි ගමන් කරමින් සිටි බව ජපාන වාර්තා පෙන්වා දෙයි. එහි කපිතාන්වරයා බරපතල තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මගී ගුවන් යානයෙහි සිටි තුන්සිය හැත්තෑ නව දෙනා ජීවිත හානියකින් තොරව ගලවා ගැනීමට හැකිව තිබේ. 14 දෙනෙකුට තුවාල සිදුව ඇති බව ජපාන වාර්තා සඳහන් කරයි. අනතුරෙන් මගී ගුවන් යානය ගිනි ගෙන විනාශ විය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...