ජපාන ගුවන් අනතුරට හේතුව සෙවීමේ පරීක්ෂණ අරඹයි

Share post:

ජපාන ගුවන් අනතුරට හේතුව සෙවීමේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. ජපාන සිවිල් ගුවන් සේවා කාර්යාංශය කියා සිටින්නේ ගුවන් යානා වලට විධාන නිකුත් කළ ආකාරය සොයා බැලීමට මූලික අවධානය යොමු කර ඇති බවයි. ධාවන පථයේ දී වෙරළාරක්ෂක ගුවන් යානයක් සහ මගී යානයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මියගිය පස් දෙනා වෙරළාරක්ෂක ගුවන් යානයෙහි ගමන් කරමින් සිටි බව ජපාන වාර්තා පෙන්වා දෙයි. එහි කපිතාන්වරයා බරපතල තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මගී ගුවන් යානයෙහි සිටි තුන්සිය හැත්තෑ නව දෙනා ජීවිත හානියකින් තොරව ගලවා ගැනීමට හැකිව තිබේ. 14 දෙනෙකුට තුවාල සිදුව ඇති බව ජපාන වාර්තා සඳහන් කරයි. අනතුරෙන් මගී ගුවන් යානය ගිනි ගෙන විනාශ විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...