සාහිත දැවැන්තයෙකු වන මිලාන් කුන්දේරාගේ නික්මයාම පිළිබඳ රතු මකරුන්ගේ ශෝකය

Share post:

දශක ගණනාවක් ජීවත් වූ පැරීසියේදී චෙක් ජාතික ලේඛක මිලාන් කුන්දේරා අවුරුදු 94 ආයු වළඳා මිය ගිය බව පසුගිය බදාදා දින ප්‍රකාශයට පත් විය. කුන්දේරාගේ වියෝව පිළිබඳ පුවත ලැබීමත් සමඟ බොහෝ චීන ජාතික පාඨක ලෝලීහු අන්තර්ජාලය හරහාශෝක පණිවිඩ නිකුත් කරමින් මෙම කෘතහස්ත ලේඛකයාට සිය උපහාර දැක්වීමට නොපසුබට වූහ.

කුන්දේරා 1929 දී ගිනිකොනදිග චෙක් නගරයේ Brno හි උපත ලැබීය. තරුණ වියේදී ප්‍රාග්හි අධ්‍යාපනය ලැබූ ඔහු, ප්‍රංශ කවිවර Apollinaire පරිවර්තනය කර ස්වතන්ත්‍ර කාව්‍ය සහ කෙටිකතා නිර්මාණයෙහි යෙදුනේය. 1975 දී ඔහුගේ බිරිඳ සමඟ ප්‍රංශයට සංක්‍රමණය වීමෙන් පසු, ඔහු පැරිසියේ Gallimard ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන කතුවරුන්ගෙන් කෙනෙකු බවට පත් වූ අතර 1980 ගණන්වල සිට ප්‍රංශ භාෂාවෙන් පොත් ලිවීමට පටන් ගත්තේය.
සාමාන්‍යයෙන් “The Unbearable Lightness of Being” (1984)නවකතාව ඔහුගේ විශිෂ්ටතම කෘතිය ලෙස සලකනු ලබන අතර ලොව පුරා පිටපත් මිලියන 300 කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇත. එපමණක්ද නොව, එය 1987 දී ජනප්‍රිය ඇමරිකානු සිනමා අධ්‍යක්ෂක ෆිලිප් කොෆ්මන් Philip Kaufman ගේ අනුවර්තන නිර්මාණයක් ලෙස Juliette Binoche සහ Daniel Day-Lewis රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් ලෙස නැවතත් ලොව පුරා දහසකුත් ප්‍රේක්ෂක අවධානයට ද යොමු විය.

විශේෂයෙන් 1980 සහ 90 වකවානුවේ දී කුන්දේරා චීනයේ ජනප්‍රිය විදේශීය කතුවරයකු වූ අතර, එය පාඨක ලෝලීන් අතර “Kundera fever” නමින් ජනප්‍රියත්වයේ උමතුවක් ලෙස සීඝ්‍රයෙන් පැතිර ගියේය. ඔහුගේ අත්සන සහිත නවකතාව වන “The Unbearable Lightness of Being” හි චීන අනුවාදය 1987 වසරේ දී නිකුත් විය. කුන්දේරාගේ කෘති ප්‍රථම වරට චීනයට හඳුන්වා දෙන ලද්දේ 1970 ගණන්වල නමුත් 1987 දී චීනයේ “The Unbearable Lightness of Being” ප්‍රකාශයට පත් කරන තෙක් වැඩි අවධානයක් දිනා තිබුනේ නැත. සෑහෙන කාලයක සිට,”The Unbearable Lightness of Being” “පියාපතක් වන් සැහැල්ලුව”, “Life is Elsewhere” “ජීවිතය වෙනත් තැනක” (කුන්දේරාගේ දෙවන නවකතාව තම ආදරණීය මවගෙන් මිදීමට අසමත් වී අත්බූත මරණයකින් මිය යන තරුණ කවියෙකුගේ කතාව ගෙන හැර දක්වයි) සහ “Kitsch” “කිට්ස්” (“The Unbearable Lightness of Being” හි කුන්දේරා නිතර සඳහන් කරන සංකල්පය) තරුණ චීන පරම්පරාවන් සහ සාහිත්‍ය ලෝලීන් අතර ජනප්‍රිය වචනය (buzzword) බවට පත්විය.

මෙම චෙක්-ප්‍රංශ නවකතාකරුවෙකු, කවියෙකු සහ රචනාකරුවෙකුගේ වන කුන්දිරාගේ සාහිත්‍ය බලපෑමට බොහෝ චීන ලේඛකයින් ද ලක්ව තිබීම ප්‍රසිද්ධ කරුණකි. නොබෙල් ත්‍යාගලාභී Mo Yan, ලේඛක සහ මහාචාර්ය Wang Anyi මෙන්ම ලේඛක Bi Feiyu ද කුන්දේරාගේ කෘති සම්බන්ධයෙන් ඔවුන්ගේ පර්යේෂණ පිළිබඳ ලිපි පළ කර ඇත. ඔහුගේ මායාවී උමතු ලේඛන ශානරය චීනයේ සාහිත්‍යයට එතරම්ම පෙළඹවීමක් ඇති කර තිබූ බව පසුගියදා චීන වැසියන්ගේ තැවුල් සිත් ක්‍රියාකල ආකාරයෙන් පැහැදිලි වේ.

චෙක්-ප්‍රංශ ලේඛක මිලාන් කුන්දේරාගේ අභාවය ගැන පුවත ලද චීන වෙබ් අඩවි විශාල වශයෙන් සිය ශෝකය පළ තිබුනි. ඒ අතර Weibo හි, ඔහුගේ බොහෝ කෘතිවල පරිශීලකයින් ඔවුන්ගේ ප්‍රියතම ඡේදයන් උපුටන ලෙස බෙදා ගත් බැවින්, කුන්දේරාගේ අභාවය පිළිබඳ පුවත මිලියන 39 වාරයක් පමණ වෙබ් සැරිසරන්නන් විසින් නරඹා ඇති බව සඳහන් වේ.

ගයාත්‍රී තන්තිරිවත්ත

පරිවර්තන සටහන
www.news.cgtn.com
www.ground.news.com ඇසුරෙන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...