සාහිත දැවැන්තයෙකු වන මිලාන් කුන්දේරාගේ නික්මයාම පිළිබඳ රතු මකරුන්ගේ ශෝකය

Share post:

දශක ගණනාවක් ජීවත් වූ පැරීසියේදී චෙක් ජාතික ලේඛක මිලාන් කුන්දේරා අවුරුදු 94 ආයු වළඳා මිය ගිය බව පසුගිය බදාදා දින ප්‍රකාශයට පත් විය. කුන්දේරාගේ වියෝව පිළිබඳ පුවත ලැබීමත් සමඟ බොහෝ චීන ජාතික පාඨක ලෝලීහු අන්තර්ජාලය හරහාශෝක පණිවිඩ නිකුත් කරමින් මෙම කෘතහස්ත ලේඛකයාට සිය උපහාර දැක්වීමට නොපසුබට වූහ.

කුන්දේරා 1929 දී ගිනිකොනදිග චෙක් නගරයේ Brno හි උපත ලැබීය. තරුණ වියේදී ප්‍රාග්හි අධ්‍යාපනය ලැබූ ඔහු, ප්‍රංශ කවිවර Apollinaire පරිවර්තනය කර ස්වතන්ත්‍ර කාව්‍ය සහ කෙටිකතා නිර්මාණයෙහි යෙදුනේය. 1975 දී ඔහුගේ බිරිඳ සමඟ ප්‍රංශයට සංක්‍රමණය වීමෙන් පසු, ඔහු පැරිසියේ Gallimard ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන කතුවරුන්ගෙන් කෙනෙකු බවට පත් වූ අතර 1980 ගණන්වල සිට ප්‍රංශ භාෂාවෙන් පොත් ලිවීමට පටන් ගත්තේය.
සාමාන්‍යයෙන් “The Unbearable Lightness of Being” (1984)නවකතාව ඔහුගේ විශිෂ්ටතම කෘතිය ලෙස සලකනු ලබන අතර ලොව පුරා පිටපත් මිලියන 300 කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇත. එපමණක්ද නොව, එය 1987 දී ජනප්‍රිය ඇමරිකානු සිනමා අධ්‍යක්ෂක ෆිලිප් කොෆ්මන් Philip Kaufman ගේ අනුවර්තන නිර්මාණයක් ලෙස Juliette Binoche සහ Daniel Day-Lewis රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් ලෙස නැවතත් ලොව පුරා දහසකුත් ප්‍රේක්ෂක අවධානයට ද යොමු විය.

විශේෂයෙන් 1980 සහ 90 වකවානුවේ දී කුන්දේරා චීනයේ ජනප්‍රිය විදේශීය කතුවරයකු වූ අතර, එය පාඨක ලෝලීන් අතර “Kundera fever” නමින් ජනප්‍රියත්වයේ උමතුවක් ලෙස සීඝ්‍රයෙන් පැතිර ගියේය. ඔහුගේ අත්සන සහිත නවකතාව වන “The Unbearable Lightness of Being” හි චීන අනුවාදය 1987 වසරේ දී නිකුත් විය. කුන්දේරාගේ කෘති ප්‍රථම වරට චීනයට හඳුන්වා දෙන ලද්දේ 1970 ගණන්වල නමුත් 1987 දී චීනයේ “The Unbearable Lightness of Being” ප්‍රකාශයට පත් කරන තෙක් වැඩි අවධානයක් දිනා තිබුනේ නැත. සෑහෙන කාලයක සිට,”The Unbearable Lightness of Being” “පියාපතක් වන් සැහැල්ලුව”, “Life is Elsewhere” “ජීවිතය වෙනත් තැනක” (කුන්දේරාගේ දෙවන නවකතාව තම ආදරණීය මවගෙන් මිදීමට අසමත් වී අත්බූත මරණයකින් මිය යන තරුණ කවියෙකුගේ කතාව ගෙන හැර දක්වයි) සහ “Kitsch” “කිට්ස්” (“The Unbearable Lightness of Being” හි කුන්දේරා නිතර සඳහන් කරන සංකල්පය) තරුණ චීන පරම්පරාවන් සහ සාහිත්‍ය ලෝලීන් අතර ජනප්‍රිය වචනය (buzzword) බවට පත්විය.

මෙම චෙක්-ප්‍රංශ නවකතාකරුවෙකු, කවියෙකු සහ රචනාකරුවෙකුගේ වන කුන්දිරාගේ සාහිත්‍ය බලපෑමට බොහෝ චීන ලේඛකයින් ද ලක්ව තිබීම ප්‍රසිද්ධ කරුණකි. නොබෙල් ත්‍යාගලාභී Mo Yan, ලේඛක සහ මහාචාර්ය Wang Anyi මෙන්ම ලේඛක Bi Feiyu ද කුන්දේරාගේ කෘති සම්බන්ධයෙන් ඔවුන්ගේ පර්යේෂණ පිළිබඳ ලිපි පළ කර ඇත. ඔහුගේ මායාවී උමතු ලේඛන ශානරය චීනයේ සාහිත්‍යයට එතරම්ම පෙළඹවීමක් ඇති කර තිබූ බව පසුගියදා චීන වැසියන්ගේ තැවුල් සිත් ක්‍රියාකල ආකාරයෙන් පැහැදිලි වේ.

චෙක්-ප්‍රංශ ලේඛක මිලාන් කුන්දේරාගේ අභාවය ගැන පුවත ලද චීන වෙබ් අඩවි විශාල වශයෙන් සිය ශෝකය පළ තිබුනි. ඒ අතර Weibo හි, ඔහුගේ බොහෝ කෘතිවල පරිශීලකයින් ඔවුන්ගේ ප්‍රියතම ඡේදයන් උපුටන ලෙස බෙදා ගත් බැවින්, කුන්දේරාගේ අභාවය පිළිබඳ පුවත මිලියන 39 වාරයක් පමණ වෙබ් සැරිසරන්නන් විසින් නරඹා ඇති බව සඳහන් වේ.

ගයාත්‍රී තන්තිරිවත්ත

පරිවර්තන සටහන
www.news.cgtn.com
www.ground.news.com ඇසුරෙන්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...