තරුණියගේ මරණයට සැක ප්‍රතිජීවක එන්නත ගැන මාසයකට පෙර සීඅයිඩියට කළ පැමිණිල්ල පැත්තකට දාලා : කෙහෙළිය ඉවත් වී විරෝධය සමනය කිරීමේ සැලැස්මක් ?

Share post:

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇමති ධුරයෙන් ඉවත් වනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ අසාත්මිකතා සහ විෂබීජ ආසාදන හේතුවෙන් මරණ කිහිපයක් සිදුවීම සමාජයේ දැඩි කැළඹීමට හේතුවී තිබේ. මෙම සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව රැසක් අවධාරණය කර තිබේ.

එසේ ම සිවිල් සංවිධාන කිහිපයක් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමටත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සිදුකරන පරීක්ෂණයක් ඉල්ලා සිටීමටත් කටයුතු කරමින් සිටී.

රනිල්ගෙන් සාකච්ඡාවක්

මේ තත්ත්වය යටතේ අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබිණි.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ ඖෂධ ලබාගැනීමේ ප්‍රමාදයක් සිදු නොවන බවට සහ පවතින සියලුම ඖෂධ සඳහා විනිවිදභාවයක් අවශ්‍ය බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ්අඩවි මගින් දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය සහ දිනකට එක් එක් රෝහලේ පවතින ඖෂධ ප්‍රමාණය ප්‍රකාශ කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා අතර වෙනම සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඒ සඳහා වජිර අබේවර්ධන ඇතුළු ජනාධිපතිවරයාගේ සමීපතමයන් කිහිපදෙනෙකු ද සහභාගි වී තිබේ.

අදාළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇමතිවරයා ධුරයෙන් ඉවත් වීම හරහා මේ පිළිබඳ පවත්වන පරීක්ෂණ යටපත් කෙරෙනු ඇති බවයි.

මාසයකට පෙර කළ පැමිණිලි

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන්නේ පේරාදෙණිය රෝහලේ තරුණියගේ මරණයට අදාළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට මාසයකට පෙර පැමිණිලි කළ බවයි.

මෙම එන්නත් කාණ්ඩයේ ප්‍රශ්න සහගත මිලදී ගැනීම් සහ අදාළ ක්‍රමවේදය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස එම සන්ධානය ඉල්ලා තිබිණි.

එසේ ම විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන සහ ජනාධිපතිවරයාගෙන අවස්ථා ගණනාවකදී සාකච්ඡාවක් ඉල්ලා සිටියද, මෙතෙක් ඊට අවස්ථාවක් ලබා නොදුන් බවයි.

මේ පිළිබඳව අප කළ සොයාබැලීමකදී හෙළිවූයේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බවයි.

විශ්වාසභංගයක් ?

මේ අතර සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...