තරුණියගේ මරණයට සැක ප්‍රතිජීවක එන්නත ගැන මාසයකට පෙර සීඅයිඩියට කළ පැමිණිල්ල පැත්තකට දාලා : කෙහෙළිය ඉවත් වී විරෝධය සමනය කිරීමේ සැලැස්මක් ?

Share post:

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇමති ධුරයෙන් ඉවත් වනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඖෂධ ලබාදීමෙන් පසු සිදුවූ අසාත්මිකතා සහ විෂබීජ ආසාදන හේතුවෙන් මරණ කිහිපයක් සිදුවීම සමාජයේ දැඩි කැළඹීමට හේතුවී තිබේ. මෙම සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව රැසක් අවධාරණය කර තිබේ.

එසේ ම සිවිල් සංවිධාන කිහිපයක් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමටත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සිදුකරන පරීක්ෂණයක් ඉල්ලා සිටීමටත් කටයුතු කරමින් සිටී.

රනිල්ගෙන් සාකච්ඡාවක්

මේ තත්ත්වය යටතේ අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබිණි.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ ඖෂධ ලබාගැනීමේ ප්‍රමාදයක් සිදු නොවන බවට සහ පවතින සියලුම ඖෂධ සඳහා විනිවිදභාවයක් අවශ්‍ය බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ්අඩවි මගින් දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය සහ දිනකට එක් එක් රෝහලේ පවතින ඖෂධ ප්‍රමාණය ප්‍රකාශ කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා අතර වෙනම සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඒ සඳහා වජිර අබේවර්ධන ඇතුළු ජනාධිපතිවරයාගේ සමීපතමයන් කිහිපදෙනෙකු ද සහභාගි වී තිබේ.

අදාළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇමතිවරයා ධුරයෙන් ඉවත් වීම හරහා මේ පිළිබඳ පවත්වන පරීක්ෂණ යටපත් කෙරෙනු ඇති බවයි.

මාසයකට පෙර කළ පැමිණිලි

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන්නේ පේරාදෙණිය රෝහලේ තරුණියගේ මරණයට අදාළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට මාසයකට පෙර පැමිණිලි කළ බවයි.

මෙම එන්නත් කාණ්ඩයේ ප්‍රශ්න සහගත මිලදී ගැනීම් සහ අදාළ ක්‍රමවේදය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස එම සන්ධානය ඉල්ලා තිබිණි.

එසේ ම විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන සහ ජනාධිපතිවරයාගෙන අවස්ථා ගණනාවකදී සාකච්ඡාවක් ඉල්ලා සිටියද, මෙතෙක් ඊට අවස්ථාවක් ලබා නොදුන් බවයි.

මේ පිළිබඳව අප කළ සොයාබැලීමකදී හෙළිවූයේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බවයි.

විශ්වාසභංගයක් ?

මේ අතර සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...