මුල් තැන- සිම්බාබ්වේ : අවසානය – ස්විට්සර්ලන්තය : දුක්ඛිත රටවල් අතර 11 වැනි තැන ලංකාව !

Share post:

ලෝකප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක්ගේ 2022 වාර්ෂික දර්ශකයට අනුව ලොව දුක්ඛිතම රටවල් අතර 11 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

මෙම දර්ශකයට අනුව ලොව දුක්ඛිතම රටවල් අතර සිම්බාබ්වේ පළමු ස්ථානයට පත්ව ඇති අතර වෙනිසියුලාව දෙවැනි ස්ථානයත් සිරියාව එහි තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.

හතරවැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා පිළිවෙලින් ලෙබනනය, සුඩානය ආජන්ටිනාව, යේමනය, කියුබාව, තුර්කිය, පත්ව තිබේ.

දුක්ඛිත දර්ශකය යනු රටවල් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳ මිනුම් දණ්ඩක් වන අතර විරැකියා අනුපාතය සහ උද්ධමන අනුපාතය අනුව එය ගණනය කරයි.

ආර්ථික විද්‍යාඥ ආතර් ඕකුන් 1970 දී දුක්ඛිත දර්ශකය නිර්මාණය කළ අතර ඒ තුළින් ඔහු ඇමරිකානු ජනතාවගේ ජීවන මට්ටම මැනීමට උත්සාහ කළ අතර විරැකියා සහ උද්ධමන ජන ජීවිතයට බලපාන වැදගත්ම සාධක දෙකක් බව ඕකුන් විශ්වාස කළේය.

ස්ටීව් හැන්කේගේ වාර්තාවට අනුව සිම්බාබ්වේ වෙනිසියුලාව, ලෙබනනය, සුඩානය, ආජන්ටිනාව, යේමනය,කියුබාව, තුර්කිය සහ ශ්‍රී ලංකාව යන රටවල් ඉහල උද්ධමනය හේතුවෙන් දුක්ඛිතභාවයට පත්ව ඇත.

සිරියාව සහ යුක්ක්‍රේනය විරැකියාව නිසා දුක්ඛිතභාවයට පත්ව ඇත.

මෙම දර්ශකයේ ඉන්දියාව 103 වන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාවේ දුක්ඛිත තත්ත්වයට ප්‍රධාන හේතුව විරැකියාවයි.

එමෙන්ම මෙම දර්ශකයට රටවල් 157 ක් ඇතුලත් ව ඇති අතර එහි 157 වැනි ස්ථානයේ පසුවන්නේ ස්විට්සර්ලන්තයයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...