මුල් තැන- සිම්බාබ්වේ : අවසානය – ස්විට්සර්ලන්තය : දුක්ඛිත රටවල් අතර 11 වැනි තැන ලංකාව !

Share post:

ලෝකප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක්ගේ 2022 වාර්ෂික දර්ශකයට අනුව ලොව දුක්ඛිතම රටවල් අතර 11 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

මෙම දර්ශකයට අනුව ලොව දුක්ඛිතම රටවල් අතර සිම්බාබ්වේ පළමු ස්ථානයට පත්ව ඇති අතර වෙනිසියුලාව දෙවැනි ස්ථානයත් සිරියාව එහි තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.

හතරවැනි ස්ථානයේ සිට දහවැනි ස්ථානය දක්වා පිළිවෙලින් ලෙබනනය, සුඩානය ආජන්ටිනාව, යේමනය, කියුබාව, තුර්කිය, පත්ව තිබේ.

දුක්ඛිත දර්ශකය යනු රටවල් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා පිළිබඳ මිනුම් දණ්ඩක් වන අතර විරැකියා අනුපාතය සහ උද්ධමන අනුපාතය අනුව එය ගණනය කරයි.

ආර්ථික විද්‍යාඥ ආතර් ඕකුන් 1970 දී දුක්ඛිත දර්ශකය නිර්මාණය කළ අතර ඒ තුළින් ඔහු ඇමරිකානු ජනතාවගේ ජීවන මට්ටම මැනීමට උත්සාහ කළ අතර විරැකියා සහ උද්ධමන ජන ජීවිතයට බලපාන වැදගත්ම සාධක දෙකක් බව ඕකුන් විශ්වාස කළේය.

ස්ටීව් හැන්කේගේ වාර්තාවට අනුව සිම්බාබ්වේ වෙනිසියුලාව, ලෙබනනය, සුඩානය, ආජන්ටිනාව, යේමනය,කියුබාව, තුර්කිය සහ ශ්‍රී ලංකාව යන රටවල් ඉහල උද්ධමනය හේතුවෙන් දුක්ඛිතභාවයට පත්ව ඇත.

සිරියාව සහ යුක්ක්‍රේනය විරැකියාව නිසා දුක්ඛිතභාවයට පත්ව ඇත.

මෙම දර්ශකයේ ඉන්දියාව 103 වන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාවේ දුක්ඛිත තත්ත්වයට ප්‍රධාන හේතුව විරැකියාවයි.

එමෙන්ම මෙම දර්ශකයට රටවල් 157 ක් ඇතුලත් ව ඇති අතර එහි 157 වැනි ස්ථානයේ පසුවන්නේ ස්විට්සර්ලන්තයයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...