එක්ස්ප්‍රස් පර්ල් : පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ මෝසම අගවිනිසුරු අතට !

Share post:

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇති වූ පරිසර හානිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත්, අගතියට පත්වූවන්ට වන්දි ගෙවන ලෙසත් නියෝග නිකුත් කරන්නැයි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මෝසම අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත යොමුකිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඊයේ (24) නියම කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ ඉල්ලීම ඇතුළත් කරමින් ගොනුකළ මෝසම ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම ඉදිරිපත් කර තිබූ පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව දන්වා සිටියේය. ඒ අනුව අදාළ මෝසම සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමුකිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

අදාළ පෙත්සම් ලබන 15දා යළි කැඳවීමට නියමිත ය.

මෙම බරපතළ අනතුර පිළිබඳ අධ්‍යයන රැසක් සිදු කළ පරිසර යුක්ති කේන්ද්‍රය නෞකාවේ තිබූ අන්තර්ගතය පිළිබඳ මෙසේ සඳහන් කරයි.

‘එම නෞකාවේ තිබූ බහාලුම් 1,486ක් අතරින් 81ක පරිසරයට ඉතා අහිතකර සහ අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය තිබූ අතර, බහාලුම් 349ක තිබූ මෙට්‍රික් ටොන් 9,700ක් වූ epoxy resin ද, මෙට්‍රික් ටොන් 6,700ක විවිධ වර්ගවල ප්ලාස්ටික් පබළු හා නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25ක්, ලිතියම් බැටරි, ඊයම්, මොලිබ්ඩික් අම්ලය ඇතුළුව පරිසරයට හානි කළ හැකි බොහෝ ද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ ගිනිගනිමින්, විශේෂයෙන් ම මීගමුව අවට මුහුදු තීරයේත්, ලංකාව වටා කිලෝමීටර් 750ක මුහුදු ප්‍රදෙශයකත්, ඉන්දියන් සාගරයේ පිහිටා ඇති වෙනත් රාජ්‍යයන් ද මුහුදු හා වෙරළ සම්පත් ද, අප්‍රිකාවේ සෝමාලියාව දක්වා ද සමුද්‍ර දූෂණය සිදුකරන ලදි.

එමගින් ඇසට දකින්නට ලැබුණු බහාලුම් කිහිපයක් සහ සරක්කුව අවට මුහුදු තීරය ප්ලාස්ටික් පබළුවලින් වැසී යන සේ දූෂණය වුවත්, නැව නිසා සිදු වූ මුළු දූෂණයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් මුහුදු ජලයේ සඟවාගෙන තිබිණි. මෙට්‍රික් ටොන් 80,000කට ආසන්න භාණ්ඩවලින් නැවත එකතු කරගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 1,762ක් පමණි.’

මේ නිසා 2021 ජුනි 30 වන විට තල්මසුන් අටදෙනෙක්, කැස්බෑවුන් 417ක්, ඩොල්පින් මසුන් 48ක් සහ සමුද්‍ර ජීවින් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී තිබිණි. පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ මෙම මරණ පිළිබඳව කිසිදු මරණ පරීක්ෂණයක් මෙතෙක් සිදුව නැති බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය සත්‍ය තොරතුරු සඟවන බවත් ය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...