කොළඹ වරාය තුළ චීන ගබඩාවක් : වසර 50ක ගිවිසුමකින් පාලනය චීනයට !

Share post:

කොළඹ වරාය තුළ ගබඩා සංකීර්ණයක් පවත්වාගෙන යාම සඳහා චීන සමාගමකට අවසර දීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබෙන බව The Diplomat වෙබ් අඩවිය ඊයේ (03) වාර්තා කළේය.

China Merchants Port Holdings Company (CMPH) වන මෙම සමාගම චීන රජය සතු සමාගමක් වන අතර, ඩොලර් මිලියන 392ක කොන්ත්‍රාත්තුවක් යටතේ වසර 50 කාලයක් සඳහා කොළඹ වරායේ ගබඩා සංකීර්ණයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය එම සමාගමට අවසර ලබාදී තිබේ.

යහපාලන රජය යටතේ හම්බන්තොට වරායේ පාලනය වසර 99ක බදු ගිවිසුමක් යටතේ පවරා ඇත්තේද මෙම සමාගමට ය. එසේම දකුණු ආසියානු කලාපයේ ඉහළ වටිනාකමක් ඇති කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ අයිතියෙන් 85% ක ප්‍රමාණයක් ද පෙරකී චීන සමාගම සතුවේ.

කොළඹ වරාය තුළ ගබඩා සංකීරණය කළමණාකරණය කිරීමේ අයිතිය CMPH සමාගමට හිමිවීමත් සමගම අදාළ සමාගම මේ වනවිට ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවූ ආයෝජන සිදුකර ඇති බව එම සමාගම සඳහන් කරයි.

එසේම තවත් චීන සමාගමක් වන China Harbor Engineering Company (CHEC) ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගොඩනැංවීමට ගිවිසුම් අත්සන් කර තිබේ. එසේම කොළඹ වරාය නගරය (Port City) ගොඩනැගීම සිදුකරන්නේද මෙම චීන සමාගම විසින් ය.

කොළඹ වරාය ආසියාතික නෞකා මාර්ගයේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන අතර, එය සැලකෙන්නේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වෙළඳ සහ ප්‍රවාහන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලැස්මේ තීරණාත්මක සාධකයක් ලෙසට ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග මෙම ගබඩා සංකීර්ණය වෙනුවෙන් අත්සන් කළ ගිවිසුමට අනුව Fortune Centre Group Limited (FCGL) නමින් උප සමාගමක් පිහිටුවීමට නියමිත අතර, එම සමාගමේ ගාස්තු සහ නීති-රීතිවලට පරිබාහිරව කටයුතු කිරීමට හෝ තෙවැනි පාර්වශ්යකට අවසර ලබාදීමට වරාය අධිකාරියට බලය හිමි නොවේ. ඒ නිසා මෙම කොන්ත්‍රාත්තුව අනුව මෙම ගබඩා සංකීර්ණය පාලනය කිරීමේ විශේෂ බලතල අදාළ සමාගමට හිමිවීම සැලකිලිමත්විය යුතු සාධකයකි.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඉන්දියාව ප්‍රකාශ කර ඇති අතර, කොළඹ වරාය වැනි ඉන්දියාවේ ආරක්ෂාවට ඉතා දැඩි බලපෑමක් ඇති ස්ථානයක් තුළ චීන රජය හා සම්බන්ධ සමාගම්වල ක්‍රියාකාරිත්වය මෙසේ ඉහළ යාම ඉන්දියාවට ගැටළුවකි. මේ සම්බන්ධව ඉන්දීය ප්‍රධාන මාධ්‍ය සියල්ල ම වාර්තා කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීමේ ගිවිසුම සඳහා ඉන්දියාව සහ ජපානය ඉතා විශාල පීඩනයක් ශ්‍රී ලංකා රජයට එල්ල කළ ද, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය යටතේ එය චීන සමාගමකට ලබාදීමට කටයුතු කරනු ලැබීය. එහිදී ඇතිවූ ඉන්දු-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගැටළුව සමබර කිරීමේ අරමුණින් කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදීමට කටයුතු කරනු ලැබීය.

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...