තුර්කියේ යළිත් ප්‍රබල භූ කම්පනයක් : ජනාධිපති එර්ඩෝගන්ට චෝදනාවක් !

Share post:

අද (17 – සඳුදා) උදෑසන තුර්කියේ අෆ්සින් නගරයට කිලෝමීටර් 23ක් නිරිත දෙසින් රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණායතනය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට එහි බලපෑම නගර රැසකටම දැනී ඇති අතර, බොහෝ ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව තිබේ.

2023 පෙබරවාරි 06 දින රිච්ටර් මාපක ඒකක 7.8 ක භූමිකම්පාවක් එහි ඇති වූ අතර, එය තුර්කියේ පළාත් ගණනාවකට බලපෑවේය.

එම භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ 48,000කට අධික පිරිසක් මිය ගිය අතර, ගොඩනැගිලි 173,000කට බරපතළ හානි සිදු විය.

එතැන් සිට මේ දක්වා තුර්කයේ විවිධ ස්ථානවල පසු කම්පන 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

අද උදෑසන සිදුවූ භූමිකම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි සම්බන්ධ තොරතුරු මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව වදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ලෝකයේ වඩාත්ම සක්‍රීය භූ කම්පන කලාපයක එවැනි ප්‍රබල කම්පනවලට මුහුණ දීමට හැකි වන පරිදි බොහෝ මහල් නිවාස ඉදිකර නොමැති බවට එරට බලධාරීන්ට චෝදනා එල්ල වේ.

එමෙන්ම එවැනි ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩදුන්නේ මන්දැයි තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සහ ඔහුගේ රජයට ජනතාව චෝදනා කරයි.

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...