තුර්කියේ යළිත් ප්‍රබල භූ කම්පනයක් : ජනාධිපති එර්ඩෝගන්ට චෝදනාවක් !

Share post:

අද (17 – සඳුදා) උදෑසන තුර්කියේ අෆ්සින් නගරයට කිලෝමීටර් 23ක් නිරිත දෙසින් රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණායතනය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට එහි බලපෑම නගර රැසකටම දැනී ඇති අතර, බොහෝ ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව තිබේ.

2023 පෙබරවාරි 06 දින රිච්ටර් මාපක ඒකක 7.8 ක භූමිකම්පාවක් එහි ඇති වූ අතර, එය තුර්කියේ පළාත් ගණනාවකට බලපෑවේය.

එම භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ 48,000කට අධික පිරිසක් මිය ගිය අතර, ගොඩනැගිලි 173,000කට බරපතළ හානි සිදු විය.

එතැන් සිට මේ දක්වා තුර්කයේ විවිධ ස්ථානවල පසු කම්පන 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

අද උදෑසන සිදුවූ භූමිකම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි සම්බන්ධ තොරතුරු මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව වදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ලෝකයේ වඩාත්ම සක්‍රීය භූ කම්පන කලාපයක එවැනි ප්‍රබල කම්පනවලට මුහුණ දීමට හැකි වන පරිදි බොහෝ මහල් නිවාස ඉදිකර නොමැති බවට එරට බලධාරීන්ට චෝදනා එල්ල වේ.

එමෙන්ම එවැනි ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩදුන්නේ මන්දැයි තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සහ ඔහුගේ රජයට ජනතාව චෝදනා කරයි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...