ජාජබ විරෝධයේදී තුවාල ලැබූ අයෙක් මියයයි : ආණ්ඩුව වගකීම භාරගත යුතුයි

Share post:

මැතිවරණය කල් දැමීමට විරෝධය පළ පළ කරමින් ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මියගොස් තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිමල් අමරසිරි (60) නැමැති නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකි.

ඊයේ (26) පස්වරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් ඇරඹි සාමකාමී විරෝධතා පා ගමනට ලිප්ටන් වටරවුම ආසන්නයේදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරිණි.

මෙහිදී පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා සිටියේ මෙම අහිමි වුණු ජීවිතයේ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගත යුතුව ඇති බවයි.

සාමාකාමී උද්ඝෝෂණයකට පහර දෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම ඉතාම බරපතල තත්වයක් බවත් එලෙස පහර දෙන්නේ රනිල් වික්‍රමසිංහලාගේ ඒකාධිපති පාලනය ආරක්ෂා කර ගැනීමට බවද ප්‍රධාන ලේකම් වරයා එහිදී පවසා සිටියේය.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...