‘කාලෙකට පස්සෙ මම හොඳට නිදාගත්තා – කනගාටුවක් දැනුණත් දැන් යම් සැනසීමක් තියෙනවා !’

Share post:

ඊයේ නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරිය ජසින්ඩා ආර්ඩර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළා, ඇයට තවත් වාරයක් ඒ ධූරයේ කටයුතු කරන්න බැහැ කියලා. මෑත කාලයේ ලෝකයේ බිහි වූ සාර්ථකම රාජ්‍ය නායිකාවක් ලෙස ඇයව අවිවාදයෙන් පිළිගන්න පුළුවන්.

ඇයගේ තීරණය නවසීලන්තය විතරක් නෙමෙයි, ලෝකයම පුදුමයට පත් කරපු කාරණයක් වීම ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයයි..
ඊයේ ඇය සිය ඉල්ලා අස්වීම ගැන කිව්වට පස්සේ අද ඇයව මාධ්‍යවේදීන් හමුවෙලා ඇයගේ තීරණය ගැන අහනවා ඒ වෙලාවේ ජසින්ඩා කියනවා “කාලයකට පස්සේ මම හොඳට නිදාගත්තා” කියලා, ඒ වගේම “කණගාටුවක් දැනුත් දැන් යම් සැනසීමක් තියෙනවා” කියලත් ඇය කියනවා.

අපේ රටේ රාජ්‍ය නායකයාව අඩුම මාධ්‍යවේදීන්ට ඍජුවම ප්‍රශ්න කරන්න හරි අවස්ථාවක් තියෙනවද? නැහැ.. ඒත් මේ රටවල..
ඇයට තියෙන ජනප්‍රියත්වය සහ ඇයගේ දේශපාලනික ගමන නිසා ඇය දෙවන වරටත් තරඟ කළොත් අනිවාර්යෙන්ම ඇයට ජයග්‍රහණය කරලා තවත් වාරයක් ධූරයේ කටයුතු කරන්න පුළුවන්. ඒත් ඇය කරන්නේ සිය ධූර කාලය ඉතිරි වෙලා තියෙද්දී ඉල්ලා අස්වෙන එක. මොකද ඇය දන්නවා ඇය කරපු වැඩ ‍කොටස ප්‍රමාණවත්, දැන් වෙන තීරණයකට ඉඩ දෙන්න ඕන කියලා.
වෙන රටක රාජ්‍ය නායකයෙකුට තමන්ගේ ධූරය සෑහෙන්න වගකීමක්, ඔවුන්ට තමන්ගේ පෞද්ගලික ජීවිතය පවා ඒ හින්දා අහිමි වෙනවා. හැබැයි ඔවුන් ඒවා කැප කරලා තමන්ගේ රටේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරනවා.

(ඒකට අපේ රටේ රෑ 10ට නිදාගන්න ජනාධිපතිවරුයි, ජනතාව තමන්ගේ මතය දැනුම් දීලා තියෙද්දීත් දේශපාලනයෙන් ඉවත් නොවී ජනේලයක හරි එල්ලීලා බලයට එන්න දඟලන උන්දැලයි, මට අත තිබ්බොත් 10-15ක් මරනවා කියන පුත්තලම් බූරුවොයි විතරයි මේ රටේ දේශපාලනය ඇතුළේ ඉන්නේ.)

ඉතින් අපිට ඉතිරි වෙලා තියෙන්නේ වෙන රටක රාජ්‍ය නායකයෙක් සමුගද්දී අපිට අහිමි ඒ දේශපාලන සංස්කෘතිය, සමාජ ක්‍රමය සහ ඒ ක්‍රියාවන් ගැන මේ වගේ මහ ඉහළින් කතා කරන්න විතරයි…

මම හිතන්නේ නැහැ අපේ ජීවිත කාලය ඇතුළෙවත් මෙහෙම දේශාපලන තීන්දු ගන්න නායකයෝ මේ රටේ පහළ වෙයි කියලා..
ජසින්ඩා ආර්ඩර්න් වගේ රාජ්‍ය නායකයෝ හරි අව්‍යාජයි, ඒකයි අපි වගේ මජර දේශපාලන සංස්කෘතියක් තියෙන රටක මිනිස්සුන්ට පවා ඔවුන් ගැන අවධානයක් ඇතිවෙන්නේ..

සංජේ රණවක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...