‘කාලෙකට පස්සෙ මම හොඳට නිදාගත්තා – කනගාටුවක් දැනුණත් දැන් යම් සැනසීමක් තියෙනවා !’

Share post:

ඊයේ නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරිය ජසින්ඩා ආර්ඩර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළා, ඇයට තවත් වාරයක් ඒ ධූරයේ කටයුතු කරන්න බැහැ කියලා. මෑත කාලයේ ලෝකයේ බිහි වූ සාර්ථකම රාජ්‍ය නායිකාවක් ලෙස ඇයව අවිවාදයෙන් පිළිගන්න පුළුවන්.

ඇයගේ තීරණය නවසීලන්තය විතරක් නෙමෙයි, ලෝකයම පුදුමයට පත් කරපු කාරණයක් වීම ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයයි..
ඊයේ ඇය සිය ඉල්ලා අස්වීම ගැන කිව්වට පස්සේ අද ඇයව මාධ්‍යවේදීන් හමුවෙලා ඇයගේ තීරණය ගැන අහනවා ඒ වෙලාවේ ජසින්ඩා කියනවා “කාලයකට පස්සේ මම හොඳට නිදාගත්තා” කියලා, ඒ වගේම “කණගාටුවක් දැනුත් දැන් යම් සැනසීමක් තියෙනවා” කියලත් ඇය කියනවා.

අපේ රටේ රාජ්‍ය නායකයාව අඩුම මාධ්‍යවේදීන්ට ඍජුවම ප්‍රශ්න කරන්න හරි අවස්ථාවක් තියෙනවද? නැහැ.. ඒත් මේ රටවල..
ඇයට තියෙන ජනප්‍රියත්වය සහ ඇයගේ දේශපාලනික ගමන නිසා ඇය දෙවන වරටත් තරඟ කළොත් අනිවාර්යෙන්ම ඇයට ජයග්‍රහණය කරලා තවත් වාරයක් ධූරයේ කටයුතු කරන්න පුළුවන්. ඒත් ඇය කරන්නේ සිය ධූර කාලය ඉතිරි වෙලා තියෙද්දී ඉල්ලා අස්වෙන එක. මොකද ඇය දන්නවා ඇය කරපු වැඩ ‍කොටස ප්‍රමාණවත්, දැන් වෙන තීරණයකට ඉඩ දෙන්න ඕන කියලා.
වෙන රටක රාජ්‍ය නායකයෙකුට තමන්ගේ ධූරය සෑහෙන්න වගකීමක්, ඔවුන්ට තමන්ගේ පෞද්ගලික ජීවිතය පවා ඒ හින්දා අහිමි වෙනවා. හැබැයි ඔවුන් ඒවා කැප කරලා තමන්ගේ රටේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරනවා.

(ඒකට අපේ රටේ රෑ 10ට නිදාගන්න ජනාධිපතිවරුයි, ජනතාව තමන්ගේ මතය දැනුම් දීලා තියෙද්දීත් දේශපාලනයෙන් ඉවත් නොවී ජනේලයක හරි එල්ලීලා බලයට එන්න දඟලන උන්දැලයි, මට අත තිබ්බොත් 10-15ක් මරනවා කියන පුත්තලම් බූරුවොයි විතරයි මේ රටේ දේශපාලනය ඇතුළේ ඉන්නේ.)

ඉතින් අපිට ඉතිරි වෙලා තියෙන්නේ වෙන රටක රාජ්‍ය නායකයෙක් සමුගද්දී අපිට අහිමි ඒ දේශපාලන සංස්කෘතිය, සමාජ ක්‍රමය සහ ඒ ක්‍රියාවන් ගැන මේ වගේ මහ ඉහළින් කතා කරන්න විතරයි…

මම හිතන්නේ නැහැ අපේ ජීවිත කාලය ඇතුළෙවත් මෙහෙම දේශාපලන තීන්දු ගන්න නායකයෝ මේ රටේ පහළ වෙයි කියලා..
ජසින්ඩා ආර්ඩර්න් වගේ රාජ්‍ය නායකයෝ හරි අව්‍යාජයි, ඒකයි අපි වගේ මජර දේශපාලන සංස්කෘතියක් තියෙන රටක මිනිස්සුන්ට පවා ඔවුන් ගැන අවධානයක් ඇතිවෙන්නේ..

සංජේ රණවක

Related articles

ධාවන පිටියේ අර්බුධය

ලෝක මලල ක්‍රීඩාව ගැන කතා කලොත් අමතක කරන්න බැරි වචනය හෝ රට ජැමෙයිකාව.ඇමරිකා එක්සත් ජනපදයේ කෙටි දුර ආධිපත්‍යට...

බොහිමියානු පැවැත්මක් ඇති විෂ්ණු වාසුගේ Made in India

සංචාරක අත්දැකීම් ආඛ්‍යානගත කිරීම වර්තමානයේ ජනප්‍රිය ව්‍යවහාරයක් බවට පත්ව ඇත. මෙම අත්දැකීම් හුදු ස්ථානීය විස්තර ලෙසද ජන සමාජය...

වැටුපට සිරගතවූවෙකුගේ මතකය පහුරුගෑම හෙවත්, සිරකරුවා දෙස යතුරු හිලකින් බැලීමට බලකිරීම

මො.ල. සෙනවිරත්නගේ “සිපීර්” කියපන් මටඅහන්නම් මමබැනපන් මටඅහන්නම් මමගහපන් මටවිඳින්නම් මමමරපන් මමමැරෙන්නම් මමකොඳුරන්න එපා මටමුමුණන්න එපා මටඉවසන්න බෑ මට එක්තරා නත්තල්...

චෝදනා කළ කොමිසමත් එක්ක වැඩ බලන පොලිස්පති හවුලකට යයි : ශානි අධීක්ෂණයට ෆ්‍රයිඩ් රයිස් වෝටර් මෙලන් – අනුර ඊළඟට මොනවා කරයිද ?

ආන්දෝලනයට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අධ්‍යක්ෂ ධුරය දරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති...