සුමිත්‍රා නම් සිංහල සිනමා ඉතිහාසය…!

Share post:

‘දෙලොවක් අතර’: මම ලෙස්ටර් පීරිස්ගේ කැමතිම චිත්‍රපටිය කීවොත් ඒක හරියටම හරි. රිය අනතුරකින් පසු පොලීසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම තමයි මේ චිත්‍රපටය අස්සේ අපිට පේන්නේ. දැනෙන්නේ. ඉහළ සමාජ පසුබිමක ජීවත්වෙන නිශ්ශංක විජේසිංහ තමයි මේ චිත්‍රපටියේ කතා නායකයා. මේ චරිතය රඟන්නේ ටෝනී රණසිංහ. මේ චිත්‍රපටයේ සමහර දර්ශන තවමත් මට මතකයි. ඒ මේ චිත්‍රපටය ඒ තරමට ජීවිතය අස්සට කිඳාගෙන බැස්ස නිසා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කළේ ලෙස්ටර් පීරිස් වුණාට මේ චිත්‍රපටය සංස්කරණය කළේ සුමිත්‍රාවන්. සුමිත්‍රා පීරිස් තමයි මේ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා. ෆිල්ම් එකක සංස්කරණ ශිල්පියා කියන්නේ ෆිල්ම් එකේ හදවත පනගන්වන කෙනා කීවොත් හරියටම හරි. අධ්‍යක්ෂකවරයාට ෆිල්ම් එක අස්සේ කාල කෑලි එකතු කිරීම ගැන මූලික අදහසක් තිබෙන්න පුලුවන්. හැබැයි සාර්ථකම එඩිටර් කෙනෙක්ට විතරයි ඒ අදහස 100%ක් අල්ලා ගන්න ඇහැක් වෙන්නේ. කැමරාවෙන් අල්ලාගත්ත කාලය සංස්කරණ මැදිරියේදී එක කාලාවකාශයක් උඩට ගේන්නේ කොහොමද? නෙක රිද්මයන් එක රිද්මයකට නින්නාද කරන්නේ කොහොමද? අන්න ඒ අල්ලා ගැනීම තමයි සංස්කරණ ශිල්පියාගේ දක්ෂතාවය. ඒකට ඉව විතරක් තිබිලා මදී. සංස්කරණය කියන්නේ තාක්ෂණය මත පදනම් වූ කලාවක්. එතකොට ඒක අල්ලගන්න ඒ තාක්ෂණය දැනගෙන ඉන්න ඕනෑ. මම දන්න විදිහට සුමිත්‍රා පීරිස් කියන්නේ සිනමා සංස්කරණ බටහිරින් අධ්‍යයනය කරලා ආපු කෙනෙක්. මේක සුමිත්‍රාගේ ඇගේ තිබුණ ප්‍රථිභාව නැත්තං ඉව එක්ක එකට මොන්ටාජ් වෙලා තිබුණා. දෙළොවක් අතර කියන්නේ මට අනුව මේ කතාවට දෙන්න පුලුවන් හොඳම උදාහරණය.

දෙලොවක් අතර විතරක් නෙවෙයි සුමිත්‍රාගේ සංස්කරණයෙන් හැඩ වුණේ, ගම්පෙරළිය, බක්මහ දීගේ, මඩොල් දූව, අහසින් පොළොවට, ගඟ අද්දර මේ ෆිල්ම්ස් වලත් සංස්කරණ ශිල්පියා සුමිත්‍රාවන්ම තමයි. සිමිත්‍රාගේ තිබුණ සංස්කරණ හැකියාව හොඳටම පෙන්වන චිත්‍රපටි තමයි මේවා. මීට අමතරව සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂනය කරන්න පටන් ගන්නවා. ඇයගේ චිත්‍රපට නාමාවලිය අස්සේ මම ආසම චිත්‍රපටය තමයි ගඟ අද්දර. ඒ ෆිල්ම් එකේ රිද්මයට මම මාර ආශක්තයි. ඒකේ හදන මූඩ් එක මාරයි. ඒ මූඩ් එක හදන්නේ කැමරාව අධ්‍යක්ෂනය විතරක් නෙවෙයි සංස්කරණයත් ඒ මූඩ් එක හදන වැඩේ ඉන්නවා.

ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ වගේ චිත්‍රපටි ගොන්නක් ඇය මේ පහුගිය කාලේ අපිට දීලා තිබෙනවා. සිංහල සිනමාවේ කිවිඳිය කියලා තමයි ඇය සමහර විචාරකයින් හඳුන්වන්නේ. ඒකට හේතුව මේ ලය මානය වෙන්න ඕනී. ඇය තිරය උඩට ගේන රිද්මය අපේ හිතේ හදන ආවේගය ඇය කිවිඳියක් කළා වෙන්න පුලුවන්. සිනමාව පටන් ගන්නේ කවිය නතරවුණ තැනින් කියලා ප්‍රකට කියමනක් තිබෙනවා. අනික් පැත්තෙන් සිනමාවෙන් කවි ලියන්න උත්සාහ ගත්ත අධ්‍යක්ෂකවරුන් සෑහෙන්න ලෝකයේ ඉන්නවා. ඒ අතරේ ඇය සිංහල සිනමාවේ කිවිඳිය වෙනවා. ඒකෙන්ම පේනවා ලාංකේය සිංහල සිනමාව අස්සේ ඇගේ චාරිකාව. ඇත්තටම ඒක වීර චාරිකාවක්. සිංහල සිනමාවේ කැමරාව පිටුපස හිටගත්ත කාන්තාවන්ගේ ඉතිහාසය ඔබ ටිකක් සොයා බලනවා නම් මේ වීර චාරිකාව ගැන කතාව ඔබහට කියවන්නට හැකිවේවි..!

ලෙස්ටර් සුමිත්‍රා යුවල කියන්නේ ලංකාවේ තිබුණ බයිස්කෝප් කලාව සිනමා කලාව දක්වා ඔසවන්න විශාලම දායකත්වය දුන්න දෙන්නා කීවොත් හරි. සිංහල සිනමාවේ විශාලම පදාසයක්, විශාලම ලස්සනක්, වර්ණයක් අයත් කරගත්ත ප්‍රධානම යුවල තමයි මේ දෙදෙනා. ඒ ආදරේ සිංහල සිනමාව අස්සේ දියවුණා. ඒ රසායනය සිනමාව සිනමා කලාව කියන මානයට ඔසවා තබන්න තරම් ශක්තියක් වුණා කීවොත් මම වැරදි නෑ.

අපි අද සිනමාව කරන්න හීන දකිනවා. ඒ හීන අස්සේ අපිට පේන තරු ප්‍රභාවන් අස්සේ මේ යුවල තවතවත් විකසිතව ප්‍රභාවම විහිදවනවා. ඉතිං අද සුමිත්‍රා පීරිස් යන්න ගිහිං. ඇයට සුබ ගමන්..!

කේ. සංජීව

Related articles

“තවදුරටත් ට්‍රම්ප්ගේ වචන විශ්වාස කරන්න බෑ. මින් ඉදිරි හෝරා කිහිපය අතිශයින්ම තීරණාත්මකයි” – ඉරානය

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කරගෙන 22 වැනිදා අළුයම ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පස්සේ අල්-ජසීරා රූපවාහිනය...

“අරගලයෙන් ඔබ්බට 200+”: මලයහ දෙමළ ජනයා පිළිබඳ ප්‍රබල දෘශ්‍ය වංශකථාවක්

දීර්ඝකාලීනව ලාංකික සිවිල් සමාජයේ බිම් මට්ටමේ ප්‍රජා සේවාවන්හි නියැ⁣ලෙන Center for Policy Alternatives, Suya Shakthi Institute සහ Uva...

ඇමරිකානු නිළධාරීන් පුදුමයට පත්කරමින් ට්‍රම්ප් සටන් විරාමයක් නිවේදනය කරයි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරාන නිලධාරීන් සමඟ කතා කිරීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් හදිසියේම ඊශ්‍රායලය සහ ඉරානය අතර...

අකටයුතු නාදකයන්ගේ දිනය අදයි – ඒ කවුද? : මොනවද කරන්නෙ?

අද (23) අකටයුතු නාදකයන්ගේ ජාත්‍යන්තර දිනයයි. (International Whistleblowers Day) අකටයුතු නාදකයන් යනු කවුද, ඔවුන් සමාජයක ඉදිරි ගමනට කොපමණ...