කතුවරයාගේ අපූරු පරිකල්පනය මොනවට හෙළිකරන ‘ප්‍රේමානිශංස’

Share post:

මේක කියවද්දී මට හිතුනේම බරසාර පොතක් කියවනවා වගේ හැගීමක්. මුලදි කියවන්න අපහසු ගතියක් හිතට දැනුනත් කතාව මැදදී හිත කිව්වෙම කතාවේ අවසානය කුමක්දැයි දැනගැනීමට ඉක්මනින් පොත කියවන්න කියලමයි.

කතුවරයාගේ චරිත ඉදිරිපත් කිරීම නම් විශිෂ්ට බව නොවලහා පැවසිය යුතුමය. මේ කතාවේ කතා නායකයා තමයි “සයුරු” ඔහු පැවත එන්නේ බ්‍රිතාන්‍ය වැඩවසම් යුගයේදී වෙලදාමින් දියුනුවට පත්වූ විල්මුලගේ නැමති ධනපති පරම්පරාවෙන්. නමුත් ඒ පරම්පරාවෙ වංශවත් බව නම්බුව එලෙසම ඉදිරියට ගෙන යෑමට සයුරු සූදානම් නොවේ.

අරක්කු රේන්දයක් බ්‍රිතාන්‍ය නිලධාරින්ගේ මාර්ගයෙන් ලබා ගත් සයුරුගේ මුත්තා වෙළඳාමේ අංක එකට පැමිනියෙකි. ඔහුගේ මුදල්වල ගෑවී ඇති අරක්කු ගද මැකීමට දෝ ඔහුගේ පුතා විසින් පදුමාරාමය නමින් විහාරයක් ඉදිකොට පූජා කරන ලදි. එම විහාරස්ථානයේ පෙරහැරේ නිලමෙතුමාට සයුරු පෙනී සිටින්නේ අකමැත්තෙනි. පෙරහරේ යන අවස්ථාවේ සිය පවුලේ නෑදෑ පිරිස ඉදිරියෙන් ගමන් කරනවිට සිය ජංගම දුරකතනය බලමින් සයුරු ගමන් කරන්නේ පරම්පරාවෙ පුහු නම්බුවට හීනියට පහරක් ගසමිනි.

“පවුලේ එකම දරුවා වීමේ කරුමය මම ගෙවමින් සිටිමි .මා අවනත විය යුත්තේ මගේ ආත්ම පත්ල තුලින් මතුව එන කැමැත්තටද? එසේ නැත්නම් පාරම්පරික උරුමයේ වියමනටද? ” කතුවරයා එය ඉදිරිපත් කරන්නේ කෙතරම් සුමටවද.

“නිරූ ” යනු ආනන්ද කුමාරස්වාමිගේ පරපුරේ වත්මන් පුරුකකි.ඇය නිදහස් මත දරන්නියකි.සාම්ප්‍රදායෙන් ඔබ්බට සිතන්නියකි.සරලව ජීවිතය විදින්නියකි. කුමාරස්වාමි මහතාගේ මතකයන් ඔස්සේ පියනගන ඇය සයුරු හා එක්ව පුරාවිද්‍යාව
හදාරයි. ඈ මනා පෞරුෂත්වයකින් හෙබි කාන්තාවකි.

“මම නිසොල්මනේ අසා සිටියෙමි. ඈ මට ඉහලින්, මිනිස් දුවකට ඉහලින්, දෙව්දුවක් ලෙස දුටිමි……”

දෙදෙනා අතර හටගන්නා අකලංක ප්‍රේමය දිනෙන් දින වැඩි වූවා මිස අඩු නොවේ. සයුරු හා එකම නිවසක වාසය කල ඈ සයුරුගේ මුලු ආත්මයම වූ බව නිසැකය.

සයුරුගේ පියා විසින් ඇය දෙමලියෙකැයි කියා බැන වැදුණ විට ඇය සියල්ල අතහැර මව ලගට එනම් ඉන්දියාවට පැමිනෙන්නේ ඇගේ ආත්මාභිමානය නිසාද.

තොරතුරක් නොදන්වා නිරූගේ අතුරුදන්වීම සයුරුට බලපෑ ආකාරය කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරය පාඨක සිතේ හැගීම් ඔප්නංවයි. ඔවුන්ගේ පුරාවිද්‍යා සංචාරයන් අතරතුර වූ ඉමිහිරි රසවත් සිදුවීම් සුනම්‍ය අයුරින් ඉදිරිපත් කිරීම කතුවරයාගේ ප්‍රතිභාසම්පන්නභාවය විදහා දක්වන්නකි.

සයුරු සහ නිරූගේ පුරාවිද්‍යා සංචාරයන් මෙන්ම නිරූගේ මුත්තා වූ ආනන්ද කුමාරස්වාමි ජීවත් වූ නිවස සොයා යාපනයේ නේපාලයේ, ටිබටයේ ගමන් විස්තරද කතුවරයා මෙහිදී ඉදිරිපත් කරන්නේ පාඨකයා ද එහි රැගෙන යමිනි.

චිත්ත රූප මැවෙන ආකාරයෙන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව ඉදිරිපත් කිරීම රචිකයාගෙ පරිල්කල්පනය විදහා දක්වන්නකි නමුත් ටිබෙට් දේශය, නේපාලය හා දලයි ලාමා දර්ශනය පිලිබදව කතුවරයා වැඩිපුර විස්තරකර ඇති බවක් මා හට හැගුනි. එහිදී යොදා ගෙන ඇති පරිසර වර්ණනා ආදිය වැඩිවූවාදැයි මට සිතේ.

චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ අපුරු පරිකල්පනාව මොනවට හෙලිකරන ලද මෙම කෘතිය 2022 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමෙන්ම පැහැදිලි වේ.

දිල්හානි පත්මසිරි

කෘතිය : ප්‍රේමානිශංස

කතෲ : චන්ද්‍රරත්න බණ්ඩාර

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...