කතුවරයාගේ අපූරු පරිකල්පනය මොනවට හෙළිකරන ‘ප්‍රේමානිශංස’

Share post:

මේක කියවද්දී මට හිතුනේම බරසාර පොතක් කියවනවා වගේ හැගීමක්. මුලදි කියවන්න අපහසු ගතියක් හිතට දැනුනත් කතාව මැදදී හිත කිව්වෙම කතාවේ අවසානය කුමක්දැයි දැනගැනීමට ඉක්මනින් පොත කියවන්න කියලමයි.

කතුවරයාගේ චරිත ඉදිරිපත් කිරීම නම් විශිෂ්ට බව නොවලහා පැවසිය යුතුමය. මේ කතාවේ කතා නායකයා තමයි “සයුරු” ඔහු පැවත එන්නේ බ්‍රිතාන්‍ය වැඩවසම් යුගයේදී වෙලදාමින් දියුනුවට පත්වූ විල්මුලගේ නැමති ධනපති පරම්පරාවෙන්. නමුත් ඒ පරම්පරාවෙ වංශවත් බව නම්බුව එලෙසම ඉදිරියට ගෙන යෑමට සයුරු සූදානම් නොවේ.

අරක්කු රේන්දයක් බ්‍රිතාන්‍ය නිලධාරින්ගේ මාර්ගයෙන් ලබා ගත් සයුරුගේ මුත්තා වෙළඳාමේ අංක එකට පැමිනියෙකි. ඔහුගේ මුදල්වල ගෑවී ඇති අරක්කු ගද මැකීමට දෝ ඔහුගේ පුතා විසින් පදුමාරාමය නමින් විහාරයක් ඉදිකොට පූජා කරන ලදි. එම විහාරස්ථානයේ පෙරහැරේ නිලමෙතුමාට සයුරු පෙනී සිටින්නේ අකමැත්තෙනි. පෙරහරේ යන අවස්ථාවේ සිය පවුලේ නෑදෑ පිරිස ඉදිරියෙන් ගමන් කරනවිට සිය ජංගම දුරකතනය බලමින් සයුරු ගමන් කරන්නේ පරම්පරාවෙ පුහු නම්බුවට හීනියට පහරක් ගසමිනි.

“පවුලේ එකම දරුවා වීමේ කරුමය මම ගෙවමින් සිටිමි .මා අවනත විය යුත්තේ මගේ ආත්ම පත්ල තුලින් මතුව එන කැමැත්තටද? එසේ නැත්නම් පාරම්පරික උරුමයේ වියමනටද? ” කතුවරයා එය ඉදිරිපත් කරන්නේ කෙතරම් සුමටවද.

“නිරූ ” යනු ආනන්ද කුමාරස්වාමිගේ පරපුරේ වත්මන් පුරුකකි.ඇය නිදහස් මත දරන්නියකි.සාම්ප්‍රදායෙන් ඔබ්බට සිතන්නියකි.සරලව ජීවිතය විදින්නියකි. කුමාරස්වාමි මහතාගේ මතකයන් ඔස්සේ පියනගන ඇය සයුරු හා එක්ව පුරාවිද්‍යාව
හදාරයි. ඈ මනා පෞරුෂත්වයකින් හෙබි කාන්තාවකි.

“මම නිසොල්මනේ අසා සිටියෙමි. ඈ මට ඉහලින්, මිනිස් දුවකට ඉහලින්, දෙව්දුවක් ලෙස දුටිමි……”

දෙදෙනා අතර හටගන්නා අකලංක ප්‍රේමය දිනෙන් දින වැඩි වූවා මිස අඩු නොවේ. සයුරු හා එකම නිවසක වාසය කල ඈ සයුරුගේ මුලු ආත්මයම වූ බව නිසැකය.

සයුරුගේ පියා විසින් ඇය දෙමලියෙකැයි කියා බැන වැදුණ විට ඇය සියල්ල අතහැර මව ලගට එනම් ඉන්දියාවට පැමිනෙන්නේ ඇගේ ආත්මාභිමානය නිසාද.

තොරතුරක් නොදන්වා නිරූගේ අතුරුදන්වීම සයුරුට බලපෑ ආකාරය කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරය පාඨක සිතේ හැගීම් ඔප්නංවයි. ඔවුන්ගේ පුරාවිද්‍යා සංචාරයන් අතරතුර වූ ඉමිහිරි රසවත් සිදුවීම් සුනම්‍ය අයුරින් ඉදිරිපත් කිරීම කතුවරයාගේ ප්‍රතිභාසම්පන්නභාවය විදහා දක්වන්නකි.

සයුරු සහ නිරූගේ පුරාවිද්‍යා සංචාරයන් මෙන්ම නිරූගේ මුත්තා වූ ආනන්ද කුමාරස්වාමි ජීවත් වූ නිවස සොයා යාපනයේ නේපාලයේ, ටිබටයේ ගමන් විස්තරද කතුවරයා මෙහිදී ඉදිරිපත් කරන්නේ පාඨකයා ද එහි රැගෙන යමිනි.

චිත්ත රූප මැවෙන ආකාරයෙන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව ඉදිරිපත් කිරීම රචිකයාගෙ පරිල්කල්පනය විදහා දක්වන්නකි නමුත් ටිබෙට් දේශය, නේපාලය හා දලයි ලාමා දර්ශනය පිලිබදව කතුවරයා වැඩිපුර විස්තරකර ඇති බවක් මා හට හැගුනි. එහිදී යොදා ගෙන ඇති පරිසර වර්ණනා ආදිය වැඩිවූවාදැයි මට සිතේ.

චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ අපුරු පරිකල්පනාව මොනවට හෙලිකරන ලද මෙම කෘතිය 2022 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමෙන්ම පැහැදිලි වේ.

දිල්හානි පත්මසිරි

කෘතිය : ප්‍රේමානිශංස

කතෲ : චන්ද්‍රරත්න බණ්ඩාර

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...