සොඳුරුතම මාළිගා හැදුනේ, හිත ගියපු තැන්වල තමයි

Share post:

හිතින් අල්ලා ගනු හිතන්නේ
අතින් ගිළිහුණු ප්‍රේමයයි
සෙනෙහසක අයිතිය තියෙන්නේ
බෙදාගත් දුක් ගිනි වලයි
දැනෙන හිත්වල රිදුම් දන්නේ
දැනෙන හිත් විතරම තමයි
අඩු-වැඩිය කොහොමද කියන්නේ
ආදරේ යනු සිතිජයයි

ජීවිතේ රන් කොත් දිලෙන්නේ
හීන පෙම් මන්දිර වලයි
හොඳම බිම්කඩ නිති ලැබෙන්නේ
කඳුළු ගං ඉවුරක ළඟයි
ඔප්පු සහතික නැතත් තිබුණේ
ආදරේ හිමිකම් තදයි
සොඳුරුතම මාළිගා හැදුනේ
හිත ගියපු තැන්වල තමයි

සිතුමිණි රත්නමලල

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...