හිතින් අල්ලා ගනු හිතන්නේ
අතින් ගිළිහුණු ප්‍රේමයයි
සෙනෙහසක අයිතිය තියෙන්නේ
බෙදාගත් දුක් ගිනි වලයි
දැනෙන හිත්වල රිදුම් දන්නේ
දැනෙන හිත් විතරම තමයි
අඩු-වැඩිය කොහොමද කියන්නේ
ආදරේ යනු සිතිජයයි
ජීවිතේ රන් කොත් දිලෙන්නේ
හීන පෙම් මන්දිර වලයි
හොඳම බිම්කඩ නිති ලැබෙන්නේ
කඳුළු ගං ඉවුරක ළඟයි
ඔප්පු සහතික නැතත් තිබුණේ
ආදරේ හිමිකම් තදයි
සොඳුරුතම මාළිගා හැදුනේ
හිත ගියපු තැන්වල තමයි