“ඔබ පරිපූර්ණ මොහොත එනකම් බලන් ඉන්නව නම්, ඒක කවදාවත් එන්නේ නැහැ”

Share post:

ඔබ පරිපූර්ණ මොහොත එනකම් බලන් ඉන්නව නම්. ඔබට කවදාවත්ම ලියන්න ලැබනේනේ නැහැ, මොකද ඒක කවදාවත් එන්නේ නැහැ – මාග්‍රට් ඇට්වුඩ්

The Handmaid’s Tale නවකතාවෙන් ලෝකය පුරා ජනප්‍රිය වුණ මාග්‍රට් ඇට්වුඩ් 1939 දි කැනඩාවේ තමයි ඉපදුණේ. බුකර් සම්මානය දෙවරක් දිනාගත් අතලොස්සක් වන ලේඛක පිරිස අතරට ඇයද එක්වෙනවා. ජීවිතේ 85 වෙනි අවුරුද්ද ගත කරන ඇය විකේන්ද්‍රික චරිතයක්. ඇයගේ එක පොතක්වත් අවාසනාවට සිංහලට පරිවර්තනය වෙලා නැති නිසා හුඟදෙනෙක් ඇට්වුඩ් ගැන දන්නෙ නැහැ. ඇය වතාවක් තමන්ගේ පොත්වල සිටින චරිතවල නම් වෙන්දේසියේ දාලා අලෙවි කරලා තිබුණා. ඒ වගේ අමුතු වැඩ කරන ඇට්වුඩ් ගේ පොතක් අන්තිමට ආවෙ 2020 අවුරුද්දේ. මේ ඇට්වුඩ් ලිවීම ගැන කියපු දේවල් ටිකක්.

ලිවීමේ ක්‍රියාවලිය තුළ නිසඟයෙන්ම අසමත් වීමේ අනුපාතයක් තියෙනවා. කුණු කූඩ බිහිවෙලා තියෙන්නේ නිකන්ම නෙමෙයි.
ලිවීමේ මනෝභාවය එනකම් බලන් ඉන්න එපා. ලිවීමෙන් මනෝභාවයට පත්වෙන්න.
සමහර වෙලාවට මම ලියන්නේ කා වෙනුවෙන්වත් නෙමෙයි. සමහරවිට ළමයි හිමේ අකුරු ලියන කොට ලියන කෙනා වෙනුවෙන් ම වෙන්න ඇති.
පරිපූර්ණ වෙනකන් මම බලාගෙන හිටිය නම් … මම වචනයක්වත් ලියන එකක් නැහැ.
මම අත්නොවිඳපු බොහෝ දේවල් අත්විඳපු විදියට ලියනවා.

හැමෝම වගේ හිතනවා ලේඛකයෙක් මිනිස් මනස ගැන වැඩියෙන් දැනගෙන ඉන්න ඕන කියලා, ඒත් ඒක වැරදියි. ඒ අය දන්නේ අඩුවෙන්, ඒ නිසයි ඒ අය ලියන්නේ. අනිත් අය සුළුවෙන් තකන දේ සොයාගන්න ලේඛකයා උත්සාහ කරනවා.
ලිවීම … ඇදහිල්ලක්. ඒ වගේම ඒක බලාපොරොත්තුවේ ක්‍රියාවක් කියලත් මම විශ්වාස කරනවා. දේවල් දැන් පවතිනවාට වඩා හොඳ වෙයි කියන බලාපොරොත්තුව.
වචනයකට පස්සේ වචනයක් ඊට පස්සේ තවත් වචනයක්, වචන කියන්නේ බලය.

අනිත් හැමදේම වගේ කියවීම සහ ලිවීම පුහුණුවත් එක්ක වැඩිදියුණු වෙනවා. ඒ වගේම තරුණ පාඨකයන් සහ ලේඛකයන් නැත්නම් වැඩි කල් නොගිහින් මහලු ලේඛකයන් හෝ පාඨකයන් ඉන්න එකක් නැහැ. සාක්ෂරතාව විනාස වෙයි. ඒ වගේම හැමෝම ඒක එක්ක අත්වැල් බැඳ ගනී කියලා විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය මැරිලා යාවි.

පිට කොන්දට ව්‍යායාම කරන්න. වේදනාව අවධානය වෙන පැත්තකට යොමු කරනවා.

අලුත් පොතක රසවත් පළමු පිටු කිහිපය කියවන අහිංසක අපේක්ෂාවෙන් ඔබට ඔබේ පොත කවදාවත් කියවන්න බැහැ. මොකද ඔබයි පොත ලිව්වේ. ඔබ වේදිකාවෙන් පිටිපස්සෙයි හිටියේ. ඔබ දැක්කා කොහොමද තොප්පියට හාවෝ දැම්මේ කියලා. ඒ නිසා පොත ප්‍රකාශකයෙකුට දෙන්න කලින් ඔබේ මිතුරෙකු හෝ දෙන්නෙකුට ඒක කියවන්න දෙන්න. මේ මිත්‍රයා ඔබත් එක්ක ආදර සම්බන්ධයක පැටළුන කෙනෙක් නොවිය යුතුයි, ඔබට සම්බන්ධෙ කඩාගන්න ඕන නම් විතරක් දුන්නට කමක් නැහැ.

මට නම් ලිවීමේ අත්දැකීම කියන්නේ පාලනය අහිමිවීමේ අත්දැකීමක්. මම හිතන්නේ ඒක හරියට හීන දකිනවා වගේ වැඩක්… නැත්නම් සර්ෆ් කරනවා වගේ වැඩක්. ඔබ එතනට ගිහින් රැල්ලක් එනකන් බලන් ඉන්නවා. ඒක ඇවිල්ලා ඔබව කොහේ හෝ අරගෙන යාවි … ඔබ දන්නෑ ඒ කොහෙට ද කියලා.

රශ්මික මණ්ඩාවල (FB)

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...