සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වන්නේ කෙසේද? – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයෙන් ඇමැති තුන්කට්ටුවකට යෝජනාවලියක් !

Share post:

අලි – මිනිස් ගැටුම ඇතුළු වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි විසඳීම සඳහා විකල්ප ඇතුළත් යෝජනාවලියක් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි සහ කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත වෙත ඉදිරිපත් කර තිබේ.

එම මධ්‍යස්ථානය මගින් යොමුකරන ලද සම්පූර්ණ යෝජනාවලිය පහත පළවේ.

වනසත්ත්ව හා මිනිස් විරසකයට පිළිතුරු වශයෙන් අප කරන යෝජනා සහ ඉල්ලීම.

අලි මිනිස් ගැටුම හා සතුන්ගෙන් ගොවිතැනට වන හානි ඇතුළුව වන සත්ව හා මිනිස් ගැටුම සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපි නව රජයෙන් ඉල්ලා සිටිමු. ඒ සඳහා පහත යෝජනා සළකා බලන ලෙස පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය, පරිසර අමාත්‍යංශයෙන් සහ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිමු.

යෝජනා

වන සත්ව හා මිනිස් ගැටුම සම්බන්ධ නිසි පර්යේෂණ දත්ත පදනම් කරගනිමින් ඔවුන්ගෙන් වන හානි, මිනිස් මරණ හා සත්ව මරණ අවම කරගැනීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම. අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු නැත්තේ නම් ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කර, ඒ සඳහා විසදුම් ලබා ගැනීම.

    කෙටි කාලීන විසදුම් ලෙස වගාවන් වලට හානි කරන සතුන් විද්‍යාත්මකව වන්ද්‍යාකරණ ක්‍රියාවලියකට යොමු කිරීම සුදුසු යැයි අපි යෝජනා කරන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

    එම ක්‍රියාමාර්ගය ගැනීමේ දී මේ සඳහා ප්‍රමාණාත්මක දැනුමක් ඇති පර්යේෂකයන් සහ පරිසර ක්ෂේත්‍රයේ උනන්දුවක් ඇති අය, ගොවි ජනතාවගේ අදහස් ලබා ගැනීමට සැළසුම් කිරීම.

    එම සියළු කරුණු කාරණා පදනම් කරගනිමින් එයට අවශ්‍ය සැළැස්මක් නිර්මාණය කිරීම හා වගකීම් ගොවි ජනතාවටත්, පරිසර සංවිධාන වලටත්, ආණ්ඩුවත් බෙදා ගැනීම සහ සමස්ත වගකීම බෙදා ගැනීම.

    දැනට අන්‍යෝන්‍ය සම්බන්ධයක් නොමැති පරිසර අමාත්‍යංශය, කෘෂිකර්මාන්ත අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය ඇතුළුව මේ සදහා අවශ්‍ය කරන සියළුම ආයතන සියල්ල සම්බන්ධීකරණය කරමින් නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම.

    මෙම යෝජනා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මඟින් පරිසර අමාත්‍යංශය හා කෘෂිකර්මාන්ත අමාත්‍යංශයට යොමු කරන අතර වන සත්ව උවදුරට කෙටි කාලීන හා දිර්ඝ කාලීන විසදුම් වෙනුවෙන් කටයුතු කරන මෙන් අප ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමු.

    මෙයට,
    ජාතික සම්බන්ධීකාරක,
    පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

    Related articles

    වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

    දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

    කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

    කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

    නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

    ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...