සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වන්නේ කෙසේද? – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයෙන් ඇමැති තුන්කට්ටුවකට යෝජනාවලියක් !

Share post:

අලි – මිනිස් ගැටුම ඇතුළු වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි විසඳීම සඳහා විකල්ප ඇතුළත් යෝජනාවලියක් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි සහ කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත වෙත ඉදිරිපත් කර තිබේ.

එම මධ්‍යස්ථානය මගින් යොමුකරන ලද සම්පූර්ණ යෝජනාවලිය පහත පළවේ.

වනසත්ත්ව හා මිනිස් විරසකයට පිළිතුරු වශයෙන් අප කරන යෝජනා සහ ඉල්ලීම.

අලි මිනිස් ගැටුම හා සතුන්ගෙන් ගොවිතැනට වන හානි ඇතුළුව වන සත්ව හා මිනිස් ගැටුම සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපි නව රජයෙන් ඉල්ලා සිටිමු. ඒ සඳහා පහත යෝජනා සළකා බලන ලෙස පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය, පරිසර අමාත්‍යංශයෙන් සහ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිමු.

යෝජනා

වන සත්ව හා මිනිස් ගැටුම සම්බන්ධ නිසි පර්යේෂණ දත්ත පදනම් කරගනිමින් ඔවුන්ගෙන් වන හානි, මිනිස් මරණ හා සත්ව මරණ අවම කරගැනීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම. අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු නැත්තේ නම් ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කර, ඒ සඳහා විසදුම් ලබා ගැනීම.

    කෙටි කාලීන විසදුම් ලෙස වගාවන් වලට හානි කරන සතුන් විද්‍යාත්මකව වන්ද්‍යාකරණ ක්‍රියාවලියකට යොමු කිරීම සුදුසු යැයි අපි යෝජනා කරන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

    එම ක්‍රියාමාර්ගය ගැනීමේ දී මේ සඳහා ප්‍රමාණාත්මක දැනුමක් ඇති පර්යේෂකයන් සහ පරිසර ක්ෂේත්‍රයේ උනන්දුවක් ඇති අය, ගොවි ජනතාවගේ අදහස් ලබා ගැනීමට සැළසුම් කිරීම.

    එම සියළු කරුණු කාරණා පදනම් කරගනිමින් එයට අවශ්‍ය සැළැස්මක් නිර්මාණය කිරීම හා වගකීම් ගොවි ජනතාවටත්, පරිසර සංවිධාන වලටත්, ආණ්ඩුවත් බෙදා ගැනීම සහ සමස්ත වගකීම බෙදා ගැනීම.

    දැනට අන්‍යෝන්‍ය සම්බන්ධයක් නොමැති පරිසර අමාත්‍යංශය, කෘෂිකර්මාන්ත අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය ඇතුළුව මේ සදහා අවශ්‍ය කරන සියළුම ආයතන සියල්ල සම්බන්ධීකරණය කරමින් නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම.

    මෙම යෝජනා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මඟින් පරිසර අමාත්‍යංශය හා කෘෂිකර්මාන්ත අමාත්‍යංශයට යොමු කරන අතර වන සත්ව උවදුරට කෙටි කාලීන හා දිර්ඝ කාලීන විසදුම් වෙනුවෙන් කටයුතු කරන මෙන් අප ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමු.

    මෙයට,
    ජාතික සම්බන්ධීකාරක,
    පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

    Related articles

    අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

    පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...

    මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

    ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව...

    යුද සමයක මානුෂීය නායකත්වය !

    ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට...

    ඇමෙරිකන් අධිරාජ්‍යයේ සංකේතීය අවසානය….

    හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් අරන් යන්න දෙන්නේ චීන යුවාන්වලට විතරයි කියල ඉරානේ දැන් කියනවා. ඒකට ප්‍රතිපක්ෂව හෝමුස් නිදහස්...