රාජ්‍ය සේවය අදට ගැලපෙන අයුරින් මුළුමනින්ම වෙනස් විය යුතුව තිබේ !

Share post:

රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් සමාජය තුල විශාල කතාබහක් ඇතිව තිබේ.
මේ සමග ඇත්තේ ඒ සම්බන්ධව නිකුත්කර ඇති චක්‍රලේඛයකි.
රාජ්‍ය ලාංජන වාහන බඳේ අලවන්නට පෙර කලයුතුව ඇත්තේ රාජ්‍ය අංශයේ භාවිතා කළයුතු කුමන වාහනදැයි ප්‍රතිපත්තිම්‍ය තීරණයකට පැමිණීමය.
මේ වන විට රාජ්‍ය අංශය තුල v 8 ඇතුළුව භාවිතා කරනු ලබනා ඉන්ධන දහනය අධික වාහන වර්ගයන් බොහෝය.
රජයේ වාහන නිලධාරීන්ට නිකුත්කල යුත්තේ වැඩවසම් අවසම්ප්‍රදායන් පවත්වා ගැනීමට නොව අවශ්‍ය සේවය ලබාගැනීමටය.
රාජ්‍ය නිලධාරීන් අවංක නම් පළමුව සිය සඳළුතලවලින් බැස ඉන්ධන දහනය අවම සහ නඩත්තු වියදම් අවම වාහන භාවිතයට බැස ආදර්ශයක් සැපයිය යුතුය.
ලේබලයක් ඇලවීමෙන් පමණක් ප්‍රශ්ණය විසඳෙන්නේ නැත. කල යුතුව ඇත්තේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමයි.
රාජ්‍ය අංශයේ වාහන භාවිතාව යනු දැඩි විමසිල්ලට ලක් කල යුතු කරුණකි. මේ දැඩි විමර්ශනයට ලක් කල යුතු අංශයකි. එවන් විමර්ශනයක් කරන්නේ නම් මෙය විධිමත් කිරීම හරහා රටට විශාල සෙතක් සැදිය හැක.
එහෙත් වැඩවසම් දරහැව කරතබාගෙන යන දිරාපත් පරිපාලන ව්‍යුහයක් එලෙසම නඩත්තු කරමින් ලේබල් පමණක් අලවා මෙය විධිමත් කලහැකියයි සිතන්නේ නම් ඒ මුලාවකි.
මේ රජයේ විධායක මට්ටමේ ඉන්නා අවංක නිලධාරීන් මෙතෙක් බැඳ සිටි මුකවාඩම් මුදාලිය යුතු අවස්ථාවයි.
ඔවුන්ද තවදුරටත් නිහඬව සිටින්නේ නම් අපට කියන්නට ඇත්තේ වඩා නරක අයහපත් මිනිසුන්ගේ ක්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහැඬියාව බවයි.
අප ජරපත් ක්‍රමය වෙනස් කල යුතුමය. එහෙත් ඒ පැහැයෙන් නොව පදනමේ පටන්මය. රජයේ වාහන කතාවටද මෙය අදාලය.
වාහනයක් අවශ්‍යවන්නේ සේවය පිණිස මිස මහන්තත්වය අටවන්නට නොවේ.
මේ ඒ සඳහා වන එක් උදාහරණයකි.
ලංකාවේ ප්‍රාදේශිය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් යනුවෙන් තනතුරු දෙකකි. පසුව දිස්ත්‍රික් ලේකම් යන තනතුරට ඊට පෙර පැවති දිසාපති යන තනතුරු නාමයද භාවිතා කරන්නට ඉඩ දුනි.
දැන් සමහර තැන් වල ප්‍රාදේශීය මහලේකම්ලා සහ මහ දිසාපතිලාගේ බෝඩ් දකින්නට ලැබෙයි. මේ මහ කෑල්ල පිටුපස ඇත්තේ අප පිටු දැකිය යුතු දිසා හාමුදුරු මානසිකත්වයයි.
රාජ්‍ය සේවයේ ඇති මේ නිලධරවාදය සමස්ත සේවයටම කර ඇති විනාශය ඉතා බරපතලය.
රාජ්‍ය සේවය අදට ගැලපෙන අයුරින් මුලුමනින්ම වෙනස් විය යුතුව තිබේ.
අනුරලා හරිනිලා ඒ ගැඹුරු වෙනසට මුලපිරිය යුතුව තිබේ. අවංක රජයේ සේවකයන් ඒ සඳහා ඉදිරියට ආ යුතුව තිබේ.

චූලානන්ද සමරනායක

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...