2010 ජනවාරි 24 සිට දින 5,000ක් : අන්තර්ජාතික පරීක්ෂණයක් නොඉල්ලා මම කුමක් කරන්නද ? – සන්ධ්‍යා එක්නැලිගොඩ විමසයි !

Share post:

දින 5,000ක් පුරා තමන් අපහාස – උපහාස විඳගනිමින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නම් තම ස්වාමියාට යුක්තිය ඉටුකර ගැනීම සඳහා අරගල කළ බව සන්ධ්‍යා එක්නැලිගොඩ අද (04) පැවසීය.

දින 5,000ක් ගතවීත් යුක්තිය අහිමි තමන්ට තවදුරටත් මෙරටදී සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, ඒ වෙනුවෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලීමට සිදුව ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙතෙක් කලක් මෙරට පරීක්ෂණයක් සම්බන්ධයෙන් තැබූ විශ්වාසය ගිලිහීමෙන් පසු තමන් වෙනත් කුමක් කරන්න දැයි එක්නැලිගොඩ මහත්මිය ප්‍රශ්න කර සිටී.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කොට දින 5,000ක් ගතවීම වෙනුවෙන් කොට්ටාව, මාකුඹුරේ පිහිටි ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ අදහස් පළකළාය.

‘දෙදාස් පහළොවේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මට කතා කරලා කිව්වා, බයවෙන්න එපා ප්‍රගීත්ට යුක්තිය ඉටුකරගන්න උදව් කරන්නම් කියලා. අද ඔහු ජනාධිපති. මං ඔහුගෙන් ඉල්ලන්නෙ අධිකරණයේ සිදු වන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න කියලා නෙමෙයි. ඒ ක්‍රියාවලිය සාධාරණව කරගෙන යන්න බාධාකරන එක නවත්තන්න කියලා.’

මෙහිදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ ‘මේගොල්ලො ළඟ දණින් වැටිලා කවදාවත් යුක්තිය ලබාගන්න බෑ. මේගොල්ලො ඔක්කොම ගෙදර යැවීමෙන් විතරයි යුක්තිය ලබාගන්න පුළුවන්’ යනුවෙනි.

මීට අමතරව ප්‍රගීත් එක්නැලිගොඩගේ සමීපතමයන්, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

2010 ජනවාරි 24දා ප්‍රගීත් එක්නැලිගොඩ දෙවැනි වරට අතුරුදන් කරන ලදි.

සබැඳි පුවත්

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...