මුලතිව් විනිසුරු ඉවත් වීම : බලපෑම් කළ අය අල්ලන්න පොලිසිය – අධිකරණ සේවා කොමිෂන් සභාව පරීක්ෂණ අරඹති !

Share post:

මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බව කොමිසම සඳහන් කරයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මුලතිව් මහේස්ත‍්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමට බලපෑ හේතු සහ වගකිවයුත්තන් සොයා බලා, විනිශ්චයකාරවරුන් ස්වාධීනව සහ අපක්ෂපාතීව, ආයතන සහ පුද්ගලයන් වශයෙන් පිළිවෙලින් කටයුතු කිරීමට අධිකරණයට පවතින බාධා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අඟහරුවාදා (03) අධිකරණ සේවා සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

සබැඳි පුවත්

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...