මුලතිව් විනිසුරු ඉවත් වීම : බලපෑම් කළ අය අල්ලන්න පොලිසිය – අධිකරණ සේවා කොමිෂන් සභාව පරීක්ෂණ අරඹති !

Share post:

මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බව කොමිසම සඳහන් කරයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මුලතිව් මහේස්ත‍්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමට බලපෑ හේතු සහ වගකිවයුත්තන් සොයා බලා, විනිශ්චයකාරවරුන් ස්වාධීනව සහ අපක්ෂපාතීව, ආයතන සහ පුද්ගලයන් වශයෙන් පිළිවෙලින් කටයුතු කිරීමට අධිකරණයට පවතින බාධා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අඟහරුවාදා (03) අධිකරණ සේවා සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...