සන්ධ්‍යා නිසා ප්‍රගීත් එක්නැළිගොඩ ගැන ලෝකය දැනගන්නවා. ඒක තමයි ගොඩනැගීමක ප්‍රථිපලය.

Share post:

මගෙ ”මිනිහා” නැසූ එකා – දදය ඔබගෙ පාළුය කා – තව එක බුද දිනක් තකා – ඉන්නට ඉඩ නොදී මකා…
ප්‍රගීත් එක්නැළිගොඩ නිසා සන්ධ්‍යා එක්නැළිගොඩ ගැන දන්නවා නෙවෙයි දැන් සන්ධ්‍යා එක්නැළිගොඩ නිසා ප්‍රගීත් එක්නැළිගොඩ ගැන ලෝකය දැනගන්නවා. ඒක තමයි වෙන්න ඕනි. ඒක තමයි ගොඩනැගීමක ප්‍රථිපලය.

ඉස්සර මට මතකයි කවුරුහරි කියනව තාත්ත නිසා පුතා දැනගන්නවා නෙවෙයි පුතා නිසා තාත්ත ලෝකය විසින් දැනගන්න ඕනි කියල. ඒ කියන්නේ තාත්ත ගොඩ නගාගත්ත නම නිසා ”ආ ඒ අහවලාගේ පුතා නේ” කියනකොට ඉන්නේ තාත්ත.
එයින් කියවෙන දේ තමයි තාත්ත යම් නමක් දිනාගෙන තියනවා. ඒත් පුතා එයා පහුකරගෙන ගිහිල්ල නැහැ කියන එක. ඒ කියන්නේ පුතා (හෝ දුව) තවමත් ලෝකයේ විකසිත විය යුතු බව.

”ආ මේ අර අහවලාගේ තාත්ත නේ”. අන්න එතකොට තියනවා තාත්ත පසුකරගෙන ගිය පුතෙකුගේ පණිවිඩය.
අර්ජුන් තෙන්ඩුල්කාර් ගැන දැන් අපි දන්නේ සචින් තෙන්ඩුල්කාර්ගේ පුතා හැටියට. හැබැයි කවදාහරි අර්ජුන් සචින් තෙන්ඩුල්කාර්ට වඩා දක්ෂ ලෝ සුපතල ක්‍රිකට් ක්‍රීඩකයෙක් උනොත් අපි එතකොට කියන්නේ අර්ජුන්ගේ තාත්ත සචින් හැටියට. ”ආ මේ අර අර්ජුන්ගේ තාත්ත නේ”. අන්න එතැනට අර්ජුන්ට එන්න වෙනවා එයාගේ නම මේ ලෝකයේ තහවුරු කරගන්න.

මෙයින් කියන්නේ සන්ධ්‍යා එයාගේ නම තහවුරු කරගන්න සෙලෙබ්‍රටි ගේමක් ගැහුවා වගේ කතාවක් නෙවෙයි.
මින් කියවෙන්නේ සන්ධ්‍යා තමන්ගේම විදියකට අරගලයක් – සටනක් – යුක්තිය වෙනුවෙන් මුරගෑමක් කළා කියන එක. පෙරදිග ගැහැණියක් හැටියට මේ කරන සන්ධ්‍යාගේ අරගලය ප්‍රත්‍යෙක අධ්‍යයනයක් සඳහා සුදුසුයි (case study). එයා එකතැනකදී ප්‍රගීත් පහුකරලා ගිහිල්ල තියනවා. සමහර විට ලෝකයේම මෙවන් අවාසනාවන්ත දේවල් වලට මුහුණ දුන් අයගේ අරගලයක ආරම්භයක් විදියට.

එයාගේ අරගලය මාක්ස්වාදී -භෞතිකවාදී එකක් නෙවෙයි. එයා ආගම – වතාවත් – චාරිත්‍ර – ගුප්ත විශ්වාස – මැජික් – පාර භෞතික ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එයා එයාගේ යුක්තිය හොයන්නේ ඒවා අස්සේ රිංගල. ගැහැණියක් හැටියට කාලිට පුද පුජා කරලා. තට්ටේ ගාල . රතු ඇඳලා. පළිගහල. මට මතක් වෙන්නේ රැපියෙල් තෙන්නකෝන්ගේ ”හැවිල්ල”.

මගෙ ”මිනිහා” නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා …

මාක්ස්වාදීන්ට ඩාම් වෙන්න ඩූම් වෙන්න පුළුවන් සන්ධ්‍යාගේ අරගලය දෘෂ්ටිවාදී කියල. හැබැයි එයා දෙන පෝස්ට්මොඩන් සංඥාව ප්‍රභලයි (postmodern sign). එකම දේ එයා කරපු දේ වෙනුවෙන් මාර විදියට භක්තිමත් වෙච්ච එක. ඒ ඇති.

වෙන කිසිම පිළිසරණක් නැතිකොට මිනිස්සු පාර භෞතික වෙතට ඇදවැටෙන්න පුළුවන්. බිත්තියට හේත්තු වුණාම අතට අහුවෙන දෙයින් ගහල දමන්නත් පුළුවන්. ඒ ගහන එකක් ඇත්තටම වදින්නත් පුළුවන්.

ලොකු දේවල් පටන් ගන්නේ පොඩි දේවල් වලින්. ඒ නිසා තමන් කරන දේ මොකක් වුණත් කමක් නෑ ඒ දේ විශ්වාස කරන්න. භක්තිමත් වෙන්න…
මේ තියන විදියට නම් හරියට එකක් වැදුණත් ඇති…

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...