සුධර්මාගේ නිවසේ සිටි – ඝාතනය වූ රාජ්කුමාරිට පොලිසියෙන් අමානුෂික ලෙස පහර දුන් බව ඇසින් දුටු සාක්ෂිකරු විවෘත අධිකරණයේදී කියයි !

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක වන ආර්. රාජ්කුමාරිගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා ඇත්තේ පොලිස් නිලධාරීන් අයට අමානුෂික ලෙස පහර දුන් බවයි.

ඊයේ (21) මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම සිදුකර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කකුලවෙල ඉදිරියේ ය.

එහිදී විවෘත අධිකරණයේ සාක්ෂි දීම සඳහා ආර්. රාජ්කුමාරි ව ගෘහ සේවිකාවක ලෙස නෙත්තිකුමාරගේ නිවෙසට යොමු කළ මහේන්ද්‍රන් සුරේෂ් පොලිසිය මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ රාජ්කුමාරිට වැලිකඩ පොලිසියේ නිලධාරින් විසින් අමානුෂික අයුරින් පහර දුන් බවට තමන් ඇසින් දුටු සාක්ෂිකරුවකු වන බවයි.

නෙත්තිකුමාරගේ නිවසේ සිටි අනෙකුත් මෙහෙකාරිය මාර්ගයෙන් තමන්ව සම්බන්ධ කර ගැනීමෙන් පසු කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී වැලිකඩ පොලිසියේ නිලධාරින් විසින් තමන්ව අත්අඩංගුවට ගත් බව ද ඔහු පවසා ඇත. තමන් ද ජීප් රථයේ නංවාගෙන බොරැල්ල, කොටා පාරේ පිහිටි රාජ්කුමාරි සේවය කළ නෙත්තිකුමාරගේ නිවස වෙත ගිය පොලිස් නිලධාරීන්, ඇය ව එහිදී අත්අඩංගුවට ගත් බවත්, තමන් සහ රාජ්කුමාරිව එක ම මාංචුවක ආධාරයෙන් වැලිකඩ පොලිසිය වෙත රැගෙන ආ බවත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර තිබේ.

වැලිකඩ පොලිසිය වෙත රැගෙන එන අවස්ථාවේදී රාජ්කුමාරි මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවත්, රැගෙන එන අතරවාරයේදී ඇය විසින් මුද්දක් සහ සුවඳ විලවුන් කුප්පියක් සොරා ගත්තාද යනුවෙන් පොලිසිය ප්‍රශ්න කළ බවත් සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ පවසා තිබේ.

පොලිසිය වෙත රැගෙන ආ රාජ්කුමාරිට වැලිකඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බටයක් ආධාරයෙන් අමානුෂික ලෙස පහර දුන් බවත්, තමන්ට ද ඒ අයුරින්ම පහර දුන් බව‍ත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර ඇත.

මෙම මරණයට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය වෙත නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලද අතර, නඩුව ලබන ලබන 13දා යළි කැඳවීමට නියමිත ය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...