සුධර්මාගේ නිවසේ සිටි – ඝාතනය වූ රාජ්කුමාරිට පොලිසියෙන් අමානුෂික ලෙස පහර දුන් බව ඇසින් දුටු සාක්ෂිකරු විවෘත අධිකරණයේදී කියයි !

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක වන ආර්. රාජ්කුමාරිගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා ඇත්තේ පොලිස් නිලධාරීන් අයට අමානුෂික ලෙස පහර දුන් බවයි.

ඊයේ (21) මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම සිදුකර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කකුලවෙල ඉදිරියේ ය.

එහිදී විවෘත අධිකරණයේ සාක්ෂි දීම සඳහා ආර්. රාජ්කුමාරි ව ගෘහ සේවිකාවක ලෙස නෙත්තිකුමාරගේ නිවෙසට යොමු කළ මහේන්ද්‍රන් සුරේෂ් පොලිසිය මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ රාජ්කුමාරිට වැලිකඩ පොලිසියේ නිලධාරින් විසින් අමානුෂික අයුරින් පහර දුන් බවට තමන් ඇසින් දුටු සාක්ෂිකරුවකු වන බවයි.

නෙත්තිකුමාරගේ නිවසේ සිටි අනෙකුත් මෙහෙකාරිය මාර්ගයෙන් තමන්ව සම්බන්ධ කර ගැනීමෙන් පසු කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී වැලිකඩ පොලිසියේ නිලධාරින් විසින් තමන්ව අත්අඩංගුවට ගත් බව ද ඔහු පවසා ඇත. තමන් ද ජීප් රථයේ නංවාගෙන බොරැල්ල, කොටා පාරේ පිහිටි රාජ්කුමාරි සේවය කළ නෙත්තිකුමාරගේ නිවස වෙත ගිය පොලිස් නිලධාරීන්, ඇය ව එහිදී අත්අඩංගුවට ගත් බවත්, තමන් සහ රාජ්කුමාරිව එක ම මාංචුවක ආධාරයෙන් වැලිකඩ පොලිසිය වෙත රැගෙන ආ බවත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර තිබේ.

වැලිකඩ පොලිසිය වෙත රැගෙන එන අවස්ථාවේදී රාජ්කුමාරි මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවත්, රැගෙන එන අතරවාරයේදී ඇය විසින් මුද්දක් සහ සුවඳ විලවුන් කුප්පියක් සොරා ගත්තාද යනුවෙන් පොලිසිය ප්‍රශ්න කළ බවත් සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ පවසා තිබේ.

පොලිසිය වෙත රැගෙන ආ රාජ්කුමාරිට වැලිකඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බටයක් ආධාරයෙන් අමානුෂික ලෙස පහර දුන් බවත්, තමන්ට ද ඒ අයුරින්ම පහර දුන් බව‍ත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කර ඇත.

මෙම මරණයට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය වෙත නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලද අතර, නඩුව ලබන ලබන 13දා යළි කැඳවීමට නියමිත ය.

සබැඳි පුවත්

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...