ටෙලිනාට්‍ය නිෂ්පාදිකා නෙත්තිකුමාරගේ නිවසේ කාන්තාවක මිය යෑම : පහරදීමෙන් සිදු වූ මරණයක් දැයි සැකයක් : විවෘත තීන්දුවක් දීලා තියෙන්නෙ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකගේ හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව thetime.lk වෙත පැවසීය.
අදාළ නිවසේ තිබූ රත්තරන් මුදුවක් නැති වීම සම්බන්ධයෙන් එහි සේවය කළ මෙම කාන්තාවට එරෙහිව නිවැසියන් පසුගිය 11දා වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්පසු කාන්තාව පොලිස් බාරයට ගෙන ඇති අතර, හදිසියේ ම කාන්තාව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් සහ වේදනාවක් ඇති බවයි. පොලිස් නිලධාරීන් විසින් ඇය කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය මිය ගොස් තිබිණි.
මේ සම්බන්ධයෙන් අප වැඩිදුරටත් කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවයි. එසේ ම පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙසේ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත්තේ බදුල්ල, දෙමෝදර පදිංචි ව සිටි ආර්. රාජ් කුමාරි ය. ඇය 42 හැවිරිදි ය.
සිද්ධිය සම්බන්ධයෙන් 11දා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු, එදින ම මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. ඒ වනවිටත් ඇය ට පහරදී තිබූ බවට සැක කළ හැකි සාධක තිබුණේ යැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.    
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහරදීමක් පිළිබඳ සැකයක් තිබුණද, මෙතෙක් අදාළ නිවැසියන් කිසිවකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමක් සිදු කර නැති බවයි. එසේ ම මරණ පරීක්ෂණය සඳහා සිරුර ඉදිරිපත් කිරීමේ ද යම් ප්‍රමාදයක් සිදු වූ බව වාර්තා වේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...