ටෙලිනාට්‍ය නිෂ්පාදිකා නෙත්තිකුමාරගේ නිවසේ කාන්තාවක මිය යෑම : පහරදීමෙන් සිදු වූ මරණයක් දැයි සැකයක් : විවෘත තීන්දුවක් දීලා තියෙන්නෙ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකගේ හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව thetime.lk වෙත පැවසීය.
අදාළ නිවසේ තිබූ රත්තරන් මුදුවක් නැති වීම සම්බන්ධයෙන් එහි සේවය කළ මෙම කාන්තාවට එරෙහිව නිවැසියන් පසුගිය 11දා වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්පසු කාන්තාව පොලිස් බාරයට ගෙන ඇති අතර, හදිසියේ ම කාන්තාව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් සහ වේදනාවක් ඇති බවයි. පොලිස් නිලධාරීන් විසින් ඇය කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය මිය ගොස් තිබිණි.
මේ සම්බන්ධයෙන් අප වැඩිදුරටත් කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවයි. එසේ ම පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙසේ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත්තේ බදුල්ල, දෙමෝදර පදිංචි ව සිටි ආර්. රාජ් කුමාරි ය. ඇය 42 හැවිරිදි ය.
සිද්ධිය සම්බන්ධයෙන් 11දා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු, එදින ම මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. ඒ වනවිටත් ඇය ට පහරදී තිබූ බවට සැක කළ හැකි සාධක තිබුණේ යැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.    
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහරදීමක් පිළිබඳ සැකයක් තිබුණද, මෙතෙක් අදාළ නිවැසියන් කිසිවකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමක් සිදු කර නැති බවයි. එසේ ම මරණ පරීක්ෂණය සඳහා සිරුර ඉදිරිපත් කිරීමේ ද යම් ප්‍රමාදයක් සිදු වූ බව වාර්තා වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...