විරෝධයට බය වෙයි : විදුලි සේවකයෝ සතියක් ඉවසති : කොමිසමේ සභාපතිට රනිල්ගෙන් කැඳවීමක් !

Share post:

විදුලි ගාස්තු සියයට 65කින් ඉහළ දැමීමට අදාළ අවසාන තීරණය ගැනීම සතියකින් කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.

ඊයේ (02) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට විදුලිබල ඇමති කාංචන විජේසේකර විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් මතුවී ඇති විරෝධය පිළිබඳ සලකා, මෙය තවත් දින කිහිපයකින් ප්‍රමාද කිරීම වඩාත් සුදුසු බව මෙහිදී ඇමතිවරුන් කිහිපදෙනෙකු අවධාරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඊට එකඟ වී ඇති අතර, ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව වැඩිදුර සාකච්ඡා කිරීම ලබන සතියට කල් දමා ඇත.

විරෝධය සතියක් පස්සට

මේ අතර ඊයේ (02) පස්වරුවේ අදාළ ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වන අවසාන තීරණය ගත්තේ නම්, අද (03) මධ්‍යහ්න 12 සිට පස්වරු 2 දක්වා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන් පාරට බැස ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල කිරීමට සැලසුම් කර තිබිණි. ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් thetime.lk වෙත පැවසුවේ කැබිනට් මණ්ඩලයේ තීරණය නිසා එම විරෝධය සතියකින් කල්දැමූ බවයි. කෙසේ වෙතත් ආණ්ඩුව කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව ද ඔහු සඳහන් කළේය.

සභාපතිට කැඳවීමක්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පෙරේදා (01) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර තිබුණේ විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කුමන තීරණයක් ගත්තද, එය සලකා බැලීමට තමන් සභාපතිත්වය දරන කොමිෂන් සභාව සූදානම් නැති බවයි. එහෙත් ඊයේ (02) අප විසින් අනාවරණය කළේ මීට අදාළ ව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් සඳහන් කර ඇත්තේ විෂය බාර ඇමතිවරයාගේ තීරණයට ඉහළින් යෑමට කොමිෂන් සභාවට නොහැකි බවයි. එසේම කොමිෂන් සභාවේ සභාපතිවරයා මාරු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි ද අපි හෙළි කළෙමු.

මේ අතර ඊයේ (02) කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසු මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකට ජනාධිපතිවරයා හමුවන ලෙස දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.  

සබැඳි පුවත්

රුපියල් කෝටි 9,000ක් වැනසූ තාලයට ම විදුලි බිලත් සියයට 65කින් වැඩි කරයි : මහජන උපයෝගිතා කොමිසමත් අවසන් !

විදුලි බිල සියයට 65කින් ඉහළට – බිත්තර රටින් ගෙන්වයි : අවසාන තීරණය අද හවස !

විදුලි බිල තවත් ඉහළට – ව්‍යාපාර ක්ෂේත්‍රය කඩාවැටීමේ අවදානමක්!

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...