ශානිගේ වාහනයට අත්වැරදීමකින් වෙඩි – කොස්තාපල් සිද්ධිය පිළිගනී !

Share post:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

අබේසේකරගේ නිවසේ නතර කර තිබූ මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ අතින් වෙඩි වැදී ඇති බවට මේ වනවිට කරුණු හෙළිදරව් වී තිබේ.

පසුගිය 17දා සිදු වූ මෙම සිදුවීම පිළිබඳව ශානි අබේසේකර විසින් බොරැල්ල පොලිසියට ද පැමිණිල්ලක් කර ඇත. සිද්ධිය වන අවස්ථාවේ ශානි අබේසේකර නිවසේ සිට නැත. සිය මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට යෑමේදී එහි ඉන්ධන කාන්දුවක් ඇති බවට හඳුනාගෙන ඇති අබේසේකර, වාහනය අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කිරීමේදී වාහනයේ ඉන්ධන ටැංකිය අසල වෙඩි සිදුරක් හඳුනාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී අබේසේකරගේ ආරක්ෂාවට සිටින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් අත්වැරදීමකින් මෙය සිදු වූ බව පවසා ඇත. මූලික විමර්ශනවලින් පසු මෙහි ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබේ.

ශානි අබේසේකර යනු ඝාතන, අතුරුදන් කිරීම් සහ පැහැරගෙන යෑම් පිළිබඳ ආන්දෝලනාත්මක විමර්ශන රැසක් මෙහෙයවූ පොලිස් නිලධාරියෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට, දකුණු පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත්කරන ලදි. ඉන්පසු ඔහුගෙන් දිගින්-දිගටම පළිගැනීම් සිදුවූ අතර, අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීම් සහ වැටුප් අහිමි කිරීම් ද ඒ අතර විය.

මේ සම්බන්ධයෙන් ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...