ශානිගේ වාහනයට අත්වැරදීමකින් වෙඩි – කොස්තාපල් සිද්ධිය පිළිගනී !

Share post:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

අබේසේකරගේ නිවසේ නතර කර තිබූ මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ අතින් වෙඩි වැදී ඇති බවට මේ වනවිට කරුණු හෙළිදරව් වී තිබේ.

පසුගිය 17දා සිදු වූ මෙම සිදුවීම පිළිබඳව ශානි අබේසේකර විසින් බොරැල්ල පොලිසියට ද පැමිණිල්ලක් කර ඇත. සිද්ධිය වන අවස්ථාවේ ශානි අබේසේකර නිවසේ සිට නැත. සිය මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට යෑමේදී එහි ඉන්ධන කාන්දුවක් ඇති බවට හඳුනාගෙන ඇති අබේසේකර, වාහනය අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කිරීමේදී වාහනයේ ඉන්ධන ටැංකිය අසල වෙඩි සිදුරක් හඳුනාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී අබේසේකරගේ ආරක්ෂාවට සිටින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් අත්වැරදීමකින් මෙය සිදු වූ බව පවසා ඇත. මූලික විමර්ශනවලින් පසු මෙහි ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබේ.

ශානි අබේසේකර යනු ඝාතන, අතුරුදන් කිරීම් සහ පැහැරගෙන යෑම් පිළිබඳ ආන්දෝලනාත්මක විමර්ශන රැසක් මෙහෙයවූ පොලිස් නිලධාරියෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට, දකුණු පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත්කරන ලදි. ඉන්පසු ඔහුගෙන් දිගින්-දිගටම පළිගැනීම් සිදුවූ අතර, අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීම් සහ වැටුප් අහිමි කිරීම් ද ඒ අතර විය.

මේ සම්බන්ධයෙන් ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර තිබේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...