විදුලි බිල සියයට 65කින් ඉහළට – බිත්තර රටින් ගෙන්වයි : අවසාන තීරණය අද හවස !

Share post:

විදුලි බිල සියයට 65කින් ඉහළ දැමීමට අදාළ අවසාන තීරණය අද (02) පස්වරුවේ ගැනීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මීට අදාළ ව ගනු ලබන තීරණය, ඉන්පසු මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමුකිරීමට නියමිත ය. මෙම යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් විදුලි ඒකකයක් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ස්ථාවර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ජනතාවගේ පෝෂණය

මීට අමතරව නව වසරේ පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී බිත්තර ආනයනය සම්බන්ධයෙන් ද අවසාන තීරණයක් ගැනීමට නියමිත බව වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු පැවසීය. බිත්තර මිල පාලනය කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත්, එය ජනතාවගේ පෝෂණ ගුණයට සෘජු ව බලපාන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජල ගාස්තුත් ඉහළට

මේ අතර ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු ඉහළ යන්නේ නම්, ඊට අනුරූප ව ජල ගාස්තු ද අනිවාර්යෙන් ම ඉහළ දැමීමට සිදු වන බවයි. පානීය ජලය බෙදාහැරීමේදී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විදුලි ඒකක විශාල ප්‍රමාණයක් වැයවීම මීට හේතුව බව ද මණ්ඩලය සඳහන් කරයි.

‘අපි සලකන්නෙ නෑ’

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි ගාස්තුව ඉහළ දැමීමට අදාළ ව කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත් කෙරෙන කිසිදු යෝජනාවක් සිය කොමිසම සැලකිල්ලට නොගන්නා බවයි. විදුලිබල මණ්ඩල පනත වැරදි ලෙස අර්ථකතනය කර, විදුලි ගාස්තු ඉහළ දැමීමේ සූදානමක් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...