විදුලි බිල සියයට 65කින් ඉහළට – බිත්තර රටින් ගෙන්වයි : අවසාන තීරණය අද හවස !

Share post:

විදුලි බිල සියයට 65කින් ඉහළ දැමීමට අදාළ අවසාන තීරණය අද (02) පස්වරුවේ ගැනීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මීට අදාළ ව ගනු ලබන තීරණය, ඉන්පසු මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමුකිරීමට නියමිත ය. මෙම යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් විදුලි ඒකකයක් සඳහා අයකරනු ලබන ගාස්තු සහ ස්ථාවර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ජනතාවගේ පෝෂණය

මීට අමතරව නව වසරේ පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී බිත්තර ආනයනය සම්බන්ධයෙන් ද අවසාන තීරණයක් ගැනීමට නියමිත බව වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු පැවසීය. බිත්තර මිල පාලනය කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත්, එය ජනතාවගේ පෝෂණ ගුණයට සෘජු ව බලපාන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජල ගාස්තුත් ඉහළට

මේ අතර ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු ඉහළ යන්නේ නම්, ඊට අනුරූප ව ජල ගාස්තු ද අනිවාර්යෙන් ම ඉහළ දැමීමට සිදු වන බවයි. පානීය ජලය බෙදාහැරීමේදී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විදුලි ඒකක විශාල ප්‍රමාණයක් වැයවීම මීට හේතුව බව ද මණ්ඩලය සඳහන් කරයි.

‘අපි සලකන්නෙ නෑ’

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි ගාස්තුව ඉහළ දැමීමට අදාළ ව කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත් කෙරෙන කිසිදු යෝජනාවක් සිය කොමිසම සැලකිල්ලට නොගන්නා බවයි. විදුලිබල මණ්ඩල පනත වැරදි ලෙස අර්ථකතනය කර, විදුලි ගාස්තු ඉහළ දැමීමේ සූදානමක් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...