ශ්‍රී ලංකාවට යළි ජාත්‍යන්තර රග්බි වරම්..!

Share post:

ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර රග්බි තහනම ඉවත් කරමින් යළි ශ්‍රී ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමට එම සම්මේලනය පියවර ගෙන ති‍බේ.

2022 වසරේ අප්‍රේල් මස 1 වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කරමින් එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ නිකුත් කළ ගැසට් පත්‍රය සැලකිල්ලට ගනිමින් ආසියානු රග්බි සම්මේලනය, ශ්‍රී ලංකාවට එරෙහිව අප්‍රේල් මස 12 වැනි තාවකාලික තනමක් පැනවූයේය.

එමෙන්ම මැයි මස 1 වැනිදා ශ්‍රී ලංකාව ආසියානු සම්මේලනයේ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීමට එම සම්මේලනය කටයුතු කළේය.

අදාල තහනමත් සමග ශ්‍රී ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ සාමාජිකයකු ලෙස ඡන්දය භාවිතා කිරීමට මෙන්ම ශ්‍රී ලංකා ධජය යටතේ එම සම්මේලනය සංවිධානය කරන තරග වලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවිය.

මේ අතර එම ගැසට් නිවේදනය නීතියට පටහැනි ලෙස නිකුත් කර ඇති බවත් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.

එය කැඳවූ අවස්ථාවේ අදාල ගැසට් පත්‍රය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තීරණය කර ඇති බවට නීතිපතිවරයා විසින් පසුගිය (03) වැනිදා අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් රග්බි සංගමය තහනම් කිරීමේ ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැනීමත් සමග ආසියානු රග්බි සම්මේලනයද ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවත් කරගනිමින් යළිත් වරක් ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය ලබාදීමට කටයුතු කර තිබේ.

සබැඳි පුවත්

රග්බි පරිපාලනයට එරෙහි නාමල්ගේ ගැසට් නිවේදනය ඉවතට..!

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...