ශ්‍රී ලංකාවට යළි ජාත්‍යන්තර රග්බි වරම්..!

Share post:

ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර රග්බි තහනම ඉවත් කරමින් යළි ශ්‍රී ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමට එම සම්මේලනය පියවර ගෙන ති‍බේ.

2022 වසරේ අප්‍රේල් මස 1 වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කරමින් එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ නිකුත් කළ ගැසට් පත්‍රය සැලකිල්ලට ගනිමින් ආසියානු රග්බි සම්මේලනය, ශ්‍රී ලංකාවට එරෙහිව අප්‍රේල් මස 12 වැනි තාවකාලික තනමක් පැනවූයේය.

එමෙන්ම මැයි මස 1 වැනිදා ශ්‍රී ලංකාව ආසියානු සම්මේලනයේ සාමාජිකත්වයෙන්ද ඉවත් කිරීමට එම සම්මේලනය කටයුතු කළේය.

අදාල තහනමත් සමග ශ්‍රී ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ සාමාජිකයකු ලෙස ඡන්දය භාවිතා කිරීමට මෙන්ම ශ්‍රී ලංකා ධජය යටතේ එම සම්මේලනය සංවිධානය කරන තරග වලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවිය.

මේ අතර එම ගැසට් නිවේදනය නීතියට පටහැනි ලෙස නිකුත් කර ඇති බවත් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.

එය කැඳවූ අවස්ථාවේ අදාල ගැසට් පත්‍රය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තීරණය කර ඇති බවට නීතිපතිවරයා විසින් පසුගිය (03) වැනිදා අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් රග්බි සංගමය තහනම් කිරීමේ ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැනීමත් සමග ආසියානු රග්බි සම්මේලනයද ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවත් කරගනිමින් යළිත් වරක් ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය ලබාදීමට කටයුතු කර තිබේ.

සබැඳි පුවත්

රග්බි පරිපාලනයට එරෙහි නාමල්ගේ ගැසට් නිවේදනය ඉවතට..!

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...