දේශපාලන ඇඟිලි ගැසීම් වැඩියි : ලෝක සංගමයෙන් ලංකාවේ රග්බි තහනම් කරයි

Share post:

ලෝක රග්බි සංගමය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට ඊයේ (17) තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට නැවත දැනුම්දෙන තුරු කිසිඳු ජාත්‍යන්තර හෝ කලාපීය රග්බි තරගයකට සහභාගී වීමට නොහැකි වනු ඇත.

ඊයේ විශේෂ නිවේදනයක් කරමින් ලෝකයේ රග්බි පාලන ව්‍යූහය වෙන World Rugby Union ප්‍රකාශ කර තිබුණේ වහාම ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවනු බවයි.

එමෙන්ම ලෝක රග්බි සංගමය ආසියානු කලාපයේ රග්බි සංගමය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව සාමාජිකයන් 12 දෙනෙක්ගෙන් සමන්විත ලෝක රග්බි සංගමයේ විධායක කමිටුව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන බලඅධිකාරිය විසින් රග්බි ක්‍රීඩාවට අනිසි බලපෑම් සිදු කරන බවත් ඒ හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අහිමි කරන බවට ඔවුන් නිවේදනය කර ඇත.

මෙම බලපෑම් හේතුවෙන් ලෝක රග්බි නීතීරීති උල්ලංඝනය වන බවද ඔවුන් පෙන්වාදෙයි.

පසුගිය 2022 අප්‍රේල් 9 තායිලන්තයේදී රැස්වුණු ආසියානු රග්බි සංගමය විසින් ලංකාවේ රග්බි සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට කටයුු කළේය.

පසුව මැයි මාසයේ රැස්වුණු ආසියානු රග්බි විධායක කමිටුව ඒ තීරණය සනාථ කරමින් සම්පූර්ණයෙන්ම සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළ අතර ඊට හේතු ලෙස ඔවුන් සඳහන් කළේද ක්‍රීඩාවට අනිසි දේශපාලන මැදිහත්වීම් සහ රග්බි සංගමයේ ගැටළු ඇති බවයි.

ඊට ආසන්නම හේතුව ලෙස සඳහන් වූයේ එවකට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ලංකාවේ රග්බි සංගමයේ කටයුතු තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කිරීමයි.

ආසියානු රග්බි සංගමය ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවීමට ප්‍රධානම හේතුව වූයේ නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ ගැසට් නිවේදනය බවට රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රිස්ලි ඉල්යාස් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එම ගැසට් නිවේදනය නීතියට පටහැනි ලෙස නිකුත් කර ඇති බවත් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින් රිට් පෙත්සමක් ගොනු කර කළේය.

එය කැඳවූ අවස්ථාවේ අදාල ගැසට් පත්‍රය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තීරණය කර ඇති බවට නීතිපතිවරයා විසින් පසුගිය (03) වැනිදා අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් රග්බි සංගමය තහනම් කිරීමේ ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැනීමත් සමග ආසියානු රග්බි සම්මේලනයද ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවත් කරගනිමින් යළිත් වරක් ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය ලබාදීමට කටයුතු කර කළේය.

පසුගිය අප්‍රේල් 11 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා රග්බි සංගමය විසුරවාහැර අතුරු කමිටුවක් පත් කළේය. එහෙත් ජාතික ඔලිම්පික් කමිටුවඇමතිවරයා විසින් පත්කරපු මේ අතුරු කමිටුව පිළිගැනීමට හැකියාවක් නැතැයි ලිපියකින් දැනුම් දීමට කටයුතු කළේය.

කෙසේවෙතත් ලංකාවේ රග්බි සංගමය වහාම මේ ගැටළු නිරාකරණය කර ගත යුතු බවට ලෝක රග්බි සංගමය දැනුම් දී ඇති අතර ඊට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම ලෝක රග්බි සංගමය යෝජනා කර ඇත.

එමෙන්ම මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක රග්බි සංගමයේ සහ ආසියානු රග්බි සංගමයේ සාමාජිකයන් ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...