ඡන්දයට බාධා කළ රාජ්‍ය නිලධාරීන්ට මොකද කරන්නේ? : පැෆ්රල් මැතිවරණ කොමිසමෙන් තොරතුරු ඉල්ලයි !

Share post:

මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතුවලට සහයෝගය ලබානොදුන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර මොනවාදැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆ්රල් සංවිධානය එම කොමිසමෙන් ලිඛිතව විමසීමක් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ බලතල සහ කාර්යයන් ක්‍රියාවේ යෙදවීමට සහාය වීම රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය වගකීමක් බවත්, එය ඉටුනොකිරීම පිළිබඳව ගන්නා පියවර දැනුම් දෙන ලෙසත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගේ අත්සනින් යොමු කළ ලිපියක සඳහන් වේ.

කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවාට සහ එහි සාමාජිකයන් වන එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ යන කොමසාරිස්වරුන්ට ඊයේ මෙම ලිපිය යොමු කර ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

‘2023.03.09 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතු මැතිවරණ කොමිෂන් සභාව මගින් නියමිත පරිදි පවත්වාගෙන යමින් සිටින අතරතුර එකී ව්‍යවස්ථාපිත කටයුත්ත සඳහා සහයෝගය ලබාදිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු ගෙන හැර පාමින් ඡන්ද විමසීමට බාධාවන අයුරින් කටයුතු කරන බවත් දිගින් දිගටම දක්නට ලැබිණි.

ඡන්ද විමසීමක් පවත්වනු ලබන අවස්ථාවක එම කටයුත්ත සාර්ථකව නිම කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, පොලීසිය, රජයේ මුද්‍රණාලය, ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඇතුලු සියලු රාජ්‍ය ආයතන වල හා නිලධාරීන්ගේ සහයෝගය එකී ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් අවාසනාවකට මෙන් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දින නියම කර, එම කටයුත්ත ඉදිරියට යද්දී ඉහත පාර්ශවයන් සහයෝගය ලබානොදීම හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට බරපතල බාධා එල්ල වූ බවත් අපහට නිරීක්ෂණය විය.

මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සම්බන්ධයෙන් බලන කළ අතිශයින් හානිකර තත්ත්වයක් වන අතර ඉදිරියේදී පවත්වනු ලබන මැතිවරණ වලදී නරක පූර්වාදර්ශයක් වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ බලතල කාර්යය හා කර්තව්‍යයට සහයෝගය ලබා නොදුන් නිලධාරීන් සම්බන්ධව දැනට ගෙන ඇති පියවර කවරේද යන්නත් එලෙස පියවරක් ගෙන නොමැත්තේ නම් ඉදිරියේදී ගනු ලැබීමට අපේක්ෂිත පියවර කවරේද යන්නත් පිළිබඳවත් අපව දැනුවත් කිරීමට කටයුතු කරන්නේ නම් අතිශයින් කෘතඥවන්ත වෙමි.’

මේ අතර මැතිවරණ ක්‍රියාවලියේදී චෝදනාවට ලක්වූ රාජ්‍ය නිලධාරීන් බරපතළ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කටයුතු කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කළහ.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...