උ. පෙළ සිසුන් වෙනුවෙන් HRCSL ශ්‍රේෂ්ඨාධිකරණයට

Share post:

උසස් පෙළ විභාග කාල සීමාව තුළ අඛණ්ඩ විදුලිය සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (ජන. 30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව අදාල නඩුව ගොනු කර ඇත.

2023 ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වෙන උසස් පෙළ විභාග කාල සීමාව තුළ අඛණ්ඩ විදුලිය ලබා දීමට ඉහත පාර්ශවයන් සමග එකඟතාවක් ඇති කරගෙන තිබියදී ත්, ලංකා විදුලිබල මණ්ඩලය හිතාමතා සහ ද්වේෂසහගතව එය නොසලකාහැර දිගින් දිගට ම විදුලිය විසන්ධි කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන යටතේ අපහාස කිරීමේ වරදට ලංකා විදුලි බල මණ්ඩලය සභාපතිවරයා වැරදිකරු වන බව ඔවුන් කියා සිටියේ ය.

තවද මෙම විභාගය පැවැත්වෙන් කාල සීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත් වීම දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ය.

එමගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අපහාස සහතිකයක් අස්සන් කර එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අපහාස කිරීමේ නඩුවක් ද ගොනු කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...