“සපත්තු විකුණන සමාගමකට අපිට ඇත්තේ පිස්සු සිහිනයක්ද නැද්ද යන්න කීමට අයිතියක් නැත”

Share post:

නිහඩව හිටියොත් ඔබට මොනවත් ලැබෙන්නෙ නෑ ඒ වගේම අපි දකින සිහින නරකද හොදද කියල කියන්න සමාගමිවලට බෑ ඒක තීරණය කරන්නෙ අපි !

Allyson Felix

Allyson Felix යනු සිහින දකින්නියක් පමණක් නොව අප්‍රතිහත ධෛර් යයකින් යුතුව ඒවා සෑබෑ කරගත් අයෝමය ගැහැණියකි ඇගේ මනරමි සිහින අතර ඔලිමිපික් රන් පදක්කමි 09 ක් ලබමින් ලෝක මළල ක්‍රීඩා ක්ෂේත්‍රෙය් එතෙක් පැවති එක්සත් ජනපදයේ හුසේන් බෝල්ටි ගේ රන් පදක්කමි වාර් තාව බිද දැමුවා විතරක්ද ? නැත ඒ සමගම ලෝක මළල ක්‍රීඩා ක්ෂේත්‍ර යේ අසම සම ක්‍රීඩිකාවද වුවාය ඒවා ඔිනෑම කාලයක ඔනෑම යුගයක අතිවිශිෂ්ට සිහිනයන්ය
එමෙන්ම ඇයට අනුග්‍රහය දැක්වු සුප්‍රකට Nike සමාගමෙි වැඩිම ගෙවීමක් ලද මළල ක්‍රීඩිකාව වුයේද ඇයයි එහෙත් සියල්ල වෙනස් වුයේ ඇයට මවක් වීමෙි නොතිත් ආශාවයි ඇය ගැබිනියක් වී මාස 5 කින් පසුව මෙි පිලිබද සිය අනුග්‍රාහක සමාගමට පැවසුවාය සමාගමට අවශ්‍ය ක්‍රීඩිකාවක් මිස ගැබිණි මවක් නොවෙි සමාගම ගත් කටටම කිවිවෙි,
‘‘ ඔක මහ පිස්සු හීනයක්නෙ අනික ඔයා ඔයාගෙ තරම දැනගෙන වැඩ කරන්න එතැනින් නොනැවතුන සමාගම ඇලිසන් ෆීලික්ස් සමග ගිවිසුමි ගත මුදලෙන්70 % ක් කපා හරින බවට තර්ජනය කළේය.

මෙි ඒ පිලිබදව ඇය 2019 දී nytimes පුවත් පතට දුන් සමිමුඛ සාකචිඡාවෙි තෝරාගත් කොටස්ය

මගේ අදහස් ප්‍රකාශ කිරීම මගේ වෘත්තියට හානියක් විය හැකි බව මම දනිමි. හැඟීම් නොපෙන්වා, මිනිසුන් මගෙන් බලාපොරොත්තු වන දේ අපේක්ෂා කිරීමට සහ එය කිරීමට මම උත්සාහ කළෙමි. . නමුත් නිශ්ශබ්දතාවයෙන් ඔබට කිසිවක් වෙනස් කළ නොහැක.
පසුගිය සතියේ, මගේ හිටපු Nike කණ්ඩායමේ සගයන් දෙදෙනෙකු වූ ඔලිම්පික් ධාවකයන් වන ඇලිසියා මොන්ටානෝ සහ කාරා ගවුචර්, නිව් යෝක් ටයිම්ස් සමග ඔවුන්ගේ ගැබ්ගැනීම් පිළිබඳ කථා බෙදා ගැනීමෙන් සමාගම සමඟ ඇති ඔවුන්ගේ අනාවරණය නොකිරීමේ ගිවිසුම් වීරෝදාර ලෙස බිඳ දැමූහ.
මළල ක්‍රීඩිකාවන් වන අපට අප ගර් භනී සමයේදී සහ ඉන් පසුව අනුග්‍රාහකයන් අපේ වැටුප් කප්පාදු කරත්, ඒවා ක්‍රීඩා කර්මාන්තයක අවධානම පිළිබද ප්‍රබල උදාහරණයන්ය, ගර් භණි නමි වැටුප් අඩුකල යුතුය. මෙි අශීලාචාර නීති ගැහැණිය උදෙසා හදන්නේ බොහෝවිට
පිරිමින්ය.

මගේ ජීවිතයේ වැඩි කාලයක් මම එක දෙයක් කෙරෙහි අවධානය යොමු කළෙමි: ඒ පදක්කම් දිනා ගැනීම වෙනුවෙනි. ඒ වගේම මම ඒකට දක්ෂ වුනා කැපවුනා මම මගේ වයස. 32 දී, එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම සරසා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයෙක්මි : හය වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනූවෙක්මි සහ 11 වතාවක් ලෝක ශූරයෙක් වීමි. නමුත් පසුගිය වසරේ මගේ සිහිනය වෙනස් එකක් විය. මට වෘත්තීය මලල ක්‍රීඩකයෙකු සහ මවක් වීමට එකවිට අවශ්‍ය විය. යම් ආකාරයකින්, එකී සිහිනය පිස්සු විය හැක.

2018 දී මම පවුලක් ආරම්භ කිරීමට තීරණය කළේ මගේ කර්මාන්තයේ ගැබ් ගැනීම “මරණයේ සිපගැනීමක්” විය හැකි බව දැන දැනය. අනෙක් අතට, . 2017 දෙසැම්බරයේ අවසන් වූ මගේ නයික් කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට මම සාකච්ඡා කරමින් සිටි නිසා එය මට භයානක කාලයක් විය. එහෙත් අවසානයේ මම මෙි පිලිබදව Nike සමාගමට කීවෙමි.
‘‘ ඔබට තියෙන්නෙ මහ පිස්සු හීනයක්නෙ ! තරම දැනගෙන වැඩ කරන්න ‘‘ ඒ වගේම ඔබ ඕක කලොත් අපි ඔබේ ගිවිසුම් ගත මුදලින් 70 % ක් කපා හරිනවා ඒ සමාගමේ අන්තිම වචන ටිකයි.

අපේ සාකච්ඡා සාර්ථක වූයේ නැත. මගේ සියලු ජයග්‍රහණ තිබියදීත්, නයික්ට අවශ්‍ය වූයේ මට පෙරට වඩා සියයට 70ක් අඩුවෙන් ගෙවීමටයි. එත් මට අවශ්‍ය වුණා අලුත් ප්‍රමිතියක් හදන්න. නයික් හි වඩාත් පුළුල් ලෙස අලෙවි කරන ක්‍රීඩකයෙකු වන මට මෙම ආරක්ෂාව ලබා ගත නොහැකි නම්, කාටද හැකි වන්නේ? මම සිතුවෙි එසේය. නමුදු නයික් මගේ අදහස ප්‍රතික්ෂේප කළේය. අපි එතැන් සිට නැවතී සිටිමු.

හාස්‍යයට කරුණක් නම්, දශකයකට පමණ පෙර නයික් සමඟ අත්සන් කිරීමේදී මා සඳහා තීරණාත්මක සාධකයක් වූයේ නයික් හි මූලික ප්‍රතිපත්ති යැයි මා සිතූ දෙයයි. එනමි ‘‘ Nike සමඟ සම්බන්ධ වීමෙන්, කාන්තාවන් සවිබල ගැන්වීමට මට උදව් කළ හැකි බව ‘‘ මොන විහිලුවක්ද ?
මගේ ගැබ් ගැනීමෙන් පසු මට නැවත පැමිණීමට හැකි දැයි ඔවුන් විශ්වාස කළේ නැත. මම ඒවා වැරදි බව ඔප්පු කළෙමි. දරු ප්‍රසූතියෙන් මාස හයකට පසු එක්සත් ජනපද ජාතික ශූරතාවක් දිනා දරු ප්‍රසූතියෙන් මාස 10 දී මම තවත් ජාතික ශූරතාවක් දිනුවේ මගේ දුවට කිරි දෙන ගමන්ය. මම චීනයේ බීජිං හි පැවති ලෝක ශූරතාවලියට පෙනී සිටියේ මගේ දියණියට කිරි දෙන අතරය මම මගේ කිරි මිරිකා බෝතල් කර දින 10 කට සෑහෙන සේ මගේ දියණියට නැව්ගත කළෙමි.

අවසාන වශයෙන් මම කියමි සපත්තු විකුණන සමාගමකට අපිට ඇත්තේ පිස්සු සිහිනයක්ද නැද්ද යන්න කීමට අයිතියක් නැත සිහිනය පිස්සුද නැද්ද යන්න එය තීරණය කරන්නේ අපිය. ඒ වගේම අපි තමයි අපේ දුවලාට සිහින සහ වෙළඳ දැන්වීම් අතර වෙනස කියා දෙන්නේ. කව්ද දන්නේ? සමහර විට මවක් සහ ශූරියක් වීම පිස්සු සිහිනයක් විය හැකිය මගේ බලාපොරොත්තු දැල්වීම නයික් ගැන පමණක් නොව, විශාල වශයෙන් ක්‍රීඩා ඇඟලුම් කර්මාන්තය ක්‍රීඩිකාවන්ට සලකන ආකාරය ගැන ය. මෙය ගැබ් ගැනීමක් පමණක් නොවේ. අපි අනුමත කරන සන්නාම පිටුපසින් ඇති ඛෙිදවාචකය ගැනය , නමුත් ඔවුන් අපව අලෙවි කරන විට ඊළඟ පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පාරිභෝගිකයින් වෙත ආයාචනා කිරීම සඳහා අපිට නව පරපුර වෙනුවෙන් වගවීම අවශ්‍ය වේ.
පසුගිය සතියේ, නිර්භීත කාන්තාවන් කිහිප දෙනෙකුගේ හඬට ස්තූතිවන්ත වෙන්න , කර්මාන්තය නිවැරදි දිශාවට පියවරක් තැබීය. Burton, Altra, Nuun සහ Brooks වැනි සන්නාම ඔවුන්ගේ අනුග්‍රාහකත්වයන් යටතේ දරුවන් සිටින කාන්තාවන් සඳහා නව ගිවිසුම් සහතික කිරීම් ප්‍රකාශයට පත් කිරීමට ඉදිරිපත් විය. දින කිහිපයකට පසු, නයික් සිය මාතෘ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ද කැප වූ අතර, ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට අනුව, “ගර්භණී සමයේදී ඔවුන්ගේ වැටුප ආරක්ෂා කරනබවට නව ගිවිසුම් සඳහා එකගතා එකතු කරන බව” නිවේදනය කළේය.
‘‘ ඔබ නිහඩව සිටියොත් කිසිවක් ලැබෙන්නේ නැත ‘‘

ප්‍රදීප් පීරිස්

ඡායාරුප – අන්තර්ජාලයෙන්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...