දකුණු කොරියාවේ දූපත් දෙකකින් ජනතාව ඉවත් කිරයි

426

දකුණු කොරියාවේ දූපත් දෙකකින් ජනතාව ඉවත් කිරීමට දකුණු කොරියාව තීරණය කරයි. උතුරු කොරියාව පැය කිහිපයක් ඇතුලත කාලතුවක්කු වෙඩි ප්‍රහාර මාලාවක් දූපත් ආශ්‍රිත මුහුදු තීරයට එල්ල කර තිබේ. ඒ හේතුවෙන් ආරක්ෂාව පිණිස දූපත් වලින් ඉවත්වන්නැයි දකුණු කොරියාව ජනතාවට දැනුම් දී ඇත. දකුණු කොරියා ඒකාබද්ධ ආරක්ෂක අංශ ප්‍රධානී කියා සිටින්නේ ප්‍රහාරවලින් කිසිවෙකුට හානි සිදුව නැති බවයි. එහෙත් කොරියා අර්ධද්වීපය තුල අස්ථාවර භාවයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාවේ ක්‍රියාමාර්ගය හේතු වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

උතුරු කොරියා වාර්තා කියා සිටින්නේ එල්ල වන විවිධ අභියෝග හේතුවෙන් මුහුදු තීරය ආශ්‍රිතව යුධ අභ්‍යාසයක් ක්‍රියාවට නැංවූ බවයි. එහෙත් දූපත් ආශ්‍රිත මුහුදු කලාපයට කාලතුවක්කු උණ්ඩ යොමු කිරීමෙන් ජාත්‍යන්තර නීති රීති ද උතුරු කොරියාව උල්ලංඝනය කර ඇතැයි දකුණු කොරියා ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කරයි.