දකුණු කොරියාවේ දූපත් දෙකකින් ජනතාව ඉවත් කිරයි

Share post:

දකුණු කොරියාවේ දූපත් දෙකකින් ජනතාව ඉවත් කිරීමට දකුණු කොරියාව තීරණය කරයි. උතුරු කොරියාව පැය කිහිපයක් ඇතුලත කාලතුවක්කු වෙඩි ප්‍රහාර මාලාවක් දූපත් ආශ්‍රිත මුහුදු තීරයට එල්ල කර තිබේ. ඒ හේතුවෙන් ආරක්ෂාව පිණිස දූපත් වලින් ඉවත්වන්නැයි දකුණු කොරියාව ජනතාවට දැනුම් දී ඇත. දකුණු කොරියා ඒකාබද්ධ ආරක්ෂක අංශ ප්‍රධානී කියා සිටින්නේ ප්‍රහාරවලින් කිසිවෙකුට හානි සිදුව නැති බවයි. එහෙත් කොරියා අර්ධද්වීපය තුල අස්ථාවර භාවයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාවේ ක්‍රියාමාර්ගය හේතු වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

උතුරු කොරියා වාර්තා කියා සිටින්නේ එල්ල වන විවිධ අභියෝග හේතුවෙන් මුහුදු තීරය ආශ්‍රිතව යුධ අභ්‍යාසයක් ක්‍රියාවට නැංවූ බවයි. එහෙත් දූපත් ආශ්‍රිත මුහුදු කලාපයට කාලතුවක්කු උණ්ඩ යොමු කිරීමෙන් ජාත්‍යන්තර නීති රීති ද උතුරු කොරියාව උල්ලංඝනය කර ඇතැයි දකුණු කොරියා ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කරයි.

Related articles

කාන්තා ඇඳුමේ රණ්ඩු සරුවල්

මේ ඈත අතීතයට අයිති බොහොම ලස්සන පිංතූරයක්.වර්ශය 1890-1900 අතර කාලයකටයි අයිති.ලන්ඩනයේ ප්‍රසිද්ධ වීදියක දර්ශණයක් විදිහට අපිට හඳුනා ගන්න...

​පාවුලෝ කොයියෝ: තමාගේ “පෞද්ගලික පුරාවෘත්තය” හඹා ගිය මිනිසාගේ කතාව

ඔහු නීතිඥයෙකු වීමට අකමැති වීම නිසා ඔහුගේ දෙමාපියන් ඔහුව මානසික රෝහලක සිර කර විදුලි සැර ප්‍රතිකාර ලබා දුන්හ....

අප තවමත් පොත් කියවනවාද? සාහිත්‍ය උළෙලවල් පොත්පත් ජීවමානව තබා ගන්නේ කෙසේද?

සාහිත්‍ය උළෙලක් නිර්වචනය වන්නේ එහි ප්‍රේක්ෂකාගාරයෙනි. සංවිධායකයින්, කථිකයින් හෝ සංග්‍රහ කරන්නන් ඕනෑම අයෙකු ආදේශ කළ හැකි වුවද, පාඨකයින්...

විදේශ සංචාර, නාට්‍ය කලාව සහ රාජ්‍ය අනුග්‍රහය

බුද්ධික දමයන්ත සහ චාමික හත්ලහාවත්ත නාට්‍යකරුවන් දෙදෙනාගේ නාට්‍ය දෙකක් ඉන්දියාවේ දිලි නුවර ජාත්‍යන්තර නාට්‍ය උලේලකට තේරී තිබෙන අතර...