අලෙවි කළ මෝටර් රථ මිලියන 1.6 ක් නැවත කැඳවීමට ටෙස්ලා සමාගම පියවර ගනී

Share post:

චීනයේ අලෙවි කරන ලද මෝටර් රථ මිලියන එකයි දශම හයක් නැවත කැඳවීමට ටෙස්ලා සමාගම පියවර ගනී. මාදිලි කිහිපයක සුක්කානම මෙහෙයවීම සහ දොර අගුලු ලෑමේ පද්ධතිවල දෝෂ වාර්තා වී තිබේ. ඒ හේතුවෙන් මෝටර් රථ නැවත කැඳවීමට තීරණය කර ඇතැයි ටෙස්ලා සමාගම පවසයි. ආර්ථික විශේෂඥයන් කියා සිටින්නේ ටෙස්ලා සමාගමට මෙම තත්ත්වය අයහපත් බලපෑම් ඇති කළ හැකි බවයි. පසුගිය වසරේ අවසන් කාර්තුවේදී ටෙස්ලා ඉලෙක්ට්‍රික් මෝටර් රථ අභිබවා චීනයේ BYD මෝටර් රථ අලෙවි වී තිබේ. එවැනි තත්ත්වයකදී ටෙස්ලා මෝටර් රථ නැවත කැඳවීම සමාගමට දැඩි ගැටලුවක් විය හැකි යැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...