අලෙවි කළ මෝටර් රථ මිලියන 1.6 ක් නැවත කැඳවීමට ටෙස්ලා සමාගම පියවර ගනී

Share post:

චීනයේ අලෙවි කරන ලද මෝටර් රථ මිලියන එකයි දශම හයක් නැවත කැඳවීමට ටෙස්ලා සමාගම පියවර ගනී. මාදිලි කිහිපයක සුක්කානම මෙහෙයවීම සහ දොර අගුලු ලෑමේ පද්ධතිවල දෝෂ වාර්තා වී තිබේ. ඒ හේතුවෙන් මෝටර් රථ නැවත කැඳවීමට තීරණය කර ඇතැයි ටෙස්ලා සමාගම පවසයි. ආර්ථික විශේෂඥයන් කියා සිටින්නේ ටෙස්ලා සමාගමට මෙම තත්ත්වය අයහපත් බලපෑම් ඇති කළ හැකි බවයි. පසුගිය වසරේ අවසන් කාර්තුවේදී ටෙස්ලා ඉලෙක්ට්‍රික් මෝටර් රථ අභිබවා චීනයේ BYD මෝටර් රථ අලෙවි වී තිබේ. එවැනි තත්ත්වයකදී ටෙස්ලා මෝටර් රථ නැවත කැඳවීම සමාගමට දැඩි ගැටලුවක් විය හැකි යැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

Related articles

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...