තර්ජන නිසා මුලතිව් විනිසුරු ඉල්ලා අස්වීම : නීතිපති පාර්ශ්වයෙන් බලපෑම් කළාද ? – පූර්ණ විමර්ශනයක් අවශ්‍යයි !

Share post:

මුලතිව් මහේස්ත‍්‍රාත් ටී. සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පූර්ණ විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතිඥ සාමූහිකය අවධාරණය කර තිබේ.

මහේස්ත්‍රාත් ටී. සරවනරාජා ජීවිත තර්ජන ඇති බවට චෝදනා කරමින් ඉල්ලා අස්වීමේ වාර්තාව සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සාමූහිකය ප්‍රකාශ කරයි.

‘අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ කාරණා සඳහා එහි ඇති බරපතළ ඇඟවුම් සැලකිල්ලට ගෙන, ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සමඟ මෙම කාරණය සම්පූර්ණයෙන් විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ. විනිවිදභාවය ප්‍රධාන බව අපි විශ්වාස කරමු. එසේම එම පරීක්ෂණයේ ප්‍රතිඵල සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රමාදයකින් තොරව මහජනතාව දැනුවත් කළ යුතුය’ යනුවෙන් එහි දැක්වේ.

නීතිඥ සාමූහිකය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, උපුල් ජයසූරිය, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ජෙෆ්රි අලගරත්නම්, ඩිනාල් පිලිප්ස්, දුලින්ද්‍ර වීරසූරිය, අනුර මැද්දේගොඩ, සාලිය පීරිස්, එස්.ටී. ජයනාග, උපුල් කුමරප්පෙරුම සහ කේ.ඩබ්ලිව්. ජනරංජන එම නිවේදනයට අත්සන් තබා ඇත.

මේ අතර කුරුන්දුමලෙයි සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දු පිළිබඳව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහේස්ත්‍රාත්වරයා සමග සාකච්ඡා කර ඇතැයි ද විවිධ අංශ වාර්තා කර තිබිණි. එහිදී බලපෑමක් සිදු කළේද යන්න සම්බන්ධයෙන් නිශ්චිත නැතත්, යම් බලපෑමක් සිදු කළ බවට විවිධ පාර්ශ්ව සඳහන් කර තිබිණි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...