තර්ජන නිසා මුලතිව් විනිසුරු ඉල්ලා අස්වීම : නීතිපති පාර්ශ්වයෙන් බලපෑම් කළාද ? – පූර්ණ විමර්ශනයක් අවශ්‍යයි !

Share post:

මුලතිව් මහේස්ත‍්‍රාත් ටී. සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පූර්ණ විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතිඥ සාමූහිකය අවධාරණය කර තිබේ.

මහේස්ත්‍රාත් ටී. සරවනරාජා ජීවිත තර්ජන ඇති බවට චෝදනා කරමින් ඉල්ලා අස්වීමේ වාර්තාව සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සාමූහිකය ප්‍රකාශ කරයි.

‘අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ කාරණා සඳහා එහි ඇති බරපතළ ඇඟවුම් සැලකිල්ලට ගෙන, ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සමඟ මෙම කාරණය සම්පූර්ණයෙන් විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ. විනිවිදභාවය ප්‍රධාන බව අපි විශ්වාස කරමු. එසේම එම පරීක්ෂණයේ ප්‍රතිඵල සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රමාදයකින් තොරව මහජනතාව දැනුවත් කළ යුතුය’ යනුවෙන් එහි දැක්වේ.

නීතිඥ සාමූහිකය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, උපුල් ජයසූරිය, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ජෙෆ්රි අලගරත්නම්, ඩිනාල් පිලිප්ස්, දුලින්ද්‍ර වීරසූරිය, අනුර මැද්දේගොඩ, සාලිය පීරිස්, එස්.ටී. ජයනාග, උපුල් කුමරප්පෙරුම සහ කේ.ඩබ්ලිව්. ජනරංජන එම නිවේදනයට අත්සන් තබා ඇත.

මේ අතර කුරුන්දුමලෙයි සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දු පිළිබඳව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහේස්ත්‍රාත්වරයා සමග සාකච්ඡා කර ඇතැයි ද විවිධ අංශ වාර්තා කර තිබිණි. එහිදී බලපෑමක් සිදු කළේද යන්න සම්බන්ධයෙන් නිශ්චිත නැතත්, යම් බලපෑමක් සිදු කළ බවට විවිධ පාර්ශ්ව සඳහන් කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...