ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

Share post:

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (17) නියෝග කළේය.

එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයක් පැමිණ තම සේවාදායිකාවට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.

නඩුවට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයකට මෙවැනි නියෝගයක් ලබාගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා එබැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ සමගි ජන බලවේගයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද විරෝධය පළකර සිටි අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 15 වන දා ප්‍රකාශයට පත් කරන බවයි.

ඩයනා ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකර ලෙස ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් පැමිණිල්ල පසුගියදා පැමිණිළි ගොනු කළේය.

සබැඳි පුවත්

උප්පැන්නය – හැඳුනුම්පත – පාස්පෝට් සියල්ල ව්‍යාජයි : ඒක ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් නෙමෙයි – ඇමති ඩයනා ගමගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...