ඩයනා ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

Share post:

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (17) නියෝග කළේය.

එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම නඩුකරයට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයක් පැමිණ තම සේවාදායිකාවට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.

නඩුවට සම්බන්ධ නොමැති බාහිර පාර්ශවයකට මෙවැනි නියෝගයක් ලබාගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා එබැවින් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ සමගි ජන බලවේගයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද විරෝධය පළකර සිටි අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 15 වන දා ප්‍රකාශයට පත් කරන බවයි.

ඩයනා ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකර ලෙස ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් පැමිණිල්ල පසුගියදා පැමිණිළි ගොනු කළේය.

සබැඳි පුවත්

උප්පැන්නය – හැඳුනුම්පත – පාස්පෝට් සියල්ල ව්‍යාජයි : ඒක ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් නෙමෙයි – ඇමති ඩයනා ගමගේ

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...