උප්පැන්නය – හැඳුනුම්පත – පාස්පෝට් සියල්ල ව්‍යාජයි : ඒක ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් නෙමෙයි – ඇමති ඩයනා ගමගේ

Share post:

සංචාරක රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් නීතිවිරෝධී ලෙස මෙරට ආගමන විගමන බලපත්‍රයක් (Passport)ලබාගෙන ඇති බවට අධිකරණයට තොරතුරු ඉදිරිපත් විය.

ආගමන විගමන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) මෙම තොරතුරු දැනුම් දුන් අතර, ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව ද එම නිලධාරීන් පෙන්වා දුන්නේය.

2014 න් අවසන්

එම නිලධාරීන් දෙපාර්තමේන්තු ලිපිලේඛන උපුටා දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේ 2014 වසරේදී ඇමතිවරියගේ ශ්‍රී ලංකා ආගමන විගමන බලපත්‍රය අවසන් වී ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තු ලිපින ලේඛන අනුව නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර හේවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකි.

ද්විත්ව නෙමෙයි !

ඒ අනුව ඇය ද්විත්ව පුරවැසිභාවය උසුලන්නියක් නොව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත, නීතිවිරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමිකාරිනියක බව ද ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අධිකරණයට පෙන්වා දුන්නේය.

නඩුව ඉදිරියට

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ අදාළ කරුණු අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ මේ නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමටයි.

විමර්ශනවලදී අනාවරණය වූ කරුණු හැකි ඉක්මනින් විශ්ලේෂණය කර මෙම අධිකරණ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙහිදී නියෝග කළේය.

ඩයනාගේ පිළිතුර !

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනාව සම්බන්ධයෙන් thetime.lk ඇයගෙන් විමසීමක් කළේය.

  • මේ චෝදනාව සම්බන්ධයෙන් ඔබේ පාර්ශ්වයේ අදහස විමසීම අපේ වගකීමක්. මොකක්ද කියන්න තියෙන්නෙ …?

“මට කරන චෝදනා ඒගොල්ලො අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න ඕනෙ. එතෙක් මං ඕක ගැන කමෙන්ට් නොකර ඉන්නයි තීරණය කරලා තියෙන්නෙ.”

  • ඒත් ජනතාවට වගකියන ඇමති ධුරයක් දරන කෙනෙකුට, මේ වගේ බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් නිහඬ ව ඉන්න පුළුවන් ද ?

අධිකරණයේ කටයුතු දෙස බලාගෙන ඉන්නවා. ඒ වගේම ඊට පස්සෙ තමයි වැඩ තියෙන්නෙ. අපහාස නඩු ආදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනෙ ඊටපස්සෙ.

  • මේ වගේ චෝදනාවක් එල්ල වෙලා තියෙන අවස්ථාවක, තවදුරටත් ඔබ ඇමති ධුරයේ කටයුතු කිරීම සාධාරණ ද ?

ප්‍රශ්නයක් නෑ. මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. ජනාධිපතිතුමාට හෝ ඇමති මණ්ඩලයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හින්දා මම මගේ වැඩ කරගෙන යනවා.

Related articles

පාලින්දනුවර කුමාරිගේ ජීවන පිරිපත රැගත් මනෝහාරීගේ අභිනව කෘතිය – පුරප්පට්ටුව

මනෝ…, මනෝහාරී හේවාවසම් යනු දසක හතරකට ආසන්න කලක සිට මාධ්‍ය ලෝකයේ නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමාව ඈ විවිධ මාධ්‍යයන්හි නිරතව...

DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි !

Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමටසංවිධානය කළ DBL Nightකොළඹ Cinnamon Life...

Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි !

විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdingsපෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ...

විනිසුරුවරුන් 70කට චෝදනා – දවස් 10කදී හයකගේ වැඩ තහනම් !

අධිකරණ සේවයේ පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි. පසුගිය දින 10කට...