ධනුෂ්ක ගුණතිලකට කොන්දේසි සහිත ඇප

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබා දී තිබේ.

ඊට අමතරව මහෙස්ත්‍රාත් විසින් පනවා ඇති ඇප කොන්දේසි වලට අනුව ධනුෂ්ක ගුණතිලක දිනපතා පොලීසියට වාර්තා කළ යුතු වන අතර රාත්‍රී 09ත් උදෑසන 06ත් අතර ගමන් බිමන්, ටින්ඩර් සහ වෙනත් Dating App භාවිතය සහ පැමිණිලිකාරිය සමග සම්බන්ධතා පැවැත්වීමද තහනම් කර තිබේ.

පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් ධනුෂ්ක අත්අඩංගුවට ගැනුණි.

ඒ 29-හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය. එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව “තම කැමැත්ත නොමැතිව” සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවයි.

එම සිද්ධිය නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදී සිදුවූවක් බවද අධිකරණයේදී හෙළිවිය.

මේ අතර අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...