ධනුෂ්ක ගුණතිලකට කොන්දේසි සහිත ඇප

Share post:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබා දී තිබේ.

ඊට අමතරව මහෙස්ත්‍රාත් විසින් පනවා ඇති ඇප කොන්දේසි වලට අනුව ධනුෂ්ක ගුණතිලක දිනපතා පොලීසියට වාර්තා කළ යුතු වන අතර රාත්‍රී 09ත් උදෑසන 06ත් අතර ගමන් බිමන්, ටින්ඩර් සහ වෙනත් Dating App භාවිතය සහ පැමිණිලිකාරිය සමග සම්බන්ධතා පැවැත්වීමද තහනම් කර තිබේ.

පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් ධනුෂ්ක අත්අඩංගුවට ගැනුණි.

ඒ 29-හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය. එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව “තම කැමැත්ත නොමැතිව” සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවයි.

එම සිද්ධිය නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදී සිදුවූවක් බවද අධිකරණයේදී හෙළිවිය.

මේ අතර අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...