ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට යුපුන් නෑ..!

Share post:

තායිලන්තයේ පතායා නුවරදී ලබන ජුලි 12 සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට තමන් සහභාගී නොවන බව ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (ආයතනයට) දැනුම් දී තිබේ.

සිය ඉතාලි ජාතික පුහුණුකරු ක්ලෝමියෝ උත්සාඩොලොන් උපදෙස් මත එම කාලවකවානුව තුළ දී යුරෝපයේ පැවැත්වෙන තරග මාලා කීපයකට තමන්ට සහභාගිවීමට සිදුව තිබෙන බැවින් මෙලෙස ආසියානු ශූරතා තරගාවලිය අත්හැර දැමීමට තීරණය සිදුවන බව ඔහු පෙන්වාදෙයි.

කෙසේ වුවත් ලබන සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා චීනයේ ‘හංජෝ’ නුවර දී පැවැත්වෙන එහි ආසියානු ක්‍රීඩා උළෙලට තමන් සහභාගි වන බව ඔහු ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව සඳහන් වෙයි.

සබැඳි පුවත්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...