ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට යුපුන් නෑ..!

Share post:

තායිලන්තයේ පතායා නුවරදී ලබන ජුලි 12 සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට තමන් සහභාගී නොවන බව ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (ආයතනයට) දැනුම් දී තිබේ.

සිය ඉතාලි ජාතික පුහුණුකරු ක්ලෝමියෝ උත්සාඩොලොන් උපදෙස් මත එම කාලවකවානුව තුළ දී යුරෝපයේ පැවැත්වෙන තරග මාලා කීපයකට තමන්ට සහභාගිවීමට සිදුව තිබෙන බැවින් මෙලෙස ආසියානු ශූරතා තරගාවලිය අත්හැර දැමීමට තීරණය සිදුවන බව ඔහු පෙන්වාදෙයි.

කෙසේ වුවත් ලබන සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා චීනයේ ‘හංජෝ’ නුවර දී පැවැත්වෙන එහි ආසියානු ක්‍රීඩා උළෙලට තමන් සහභාගි වන බව ඔහු ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව සඳහන් වෙයි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...