යුපුන්ට තවත් ජයක්

Share post:

ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.

ඒ සඳහා ඔහුට තත්පර 20.60ක කාලයක් ගතවිය.

යුපුන් මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයද මෙය වෙයි. යුපුන් පසුගිය වසරේ ද මීටර් 200 තරග කිහිපයකට සහභාගී වූ අතර එහි දී තත්පර 20.36ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් එම ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙළුවේය.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට (තත්පර 9.96) හිමිකම් කියන යුපුන් එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ එකම දකුණු ආසියානු ක්‍රීඩකයා ද වෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...