යුපුන්ට තවත් ජයක්

Share post:

ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.

ඒ සඳහා ඔහුට තත්පර 20.60ක කාලයක් ගතවිය.

යුපුන් මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයද මෙය වෙයි. යුපුන් පසුගිය වසරේ ද මීටර් 200 තරග කිහිපයකට සහභාගී වූ අතර එහි දී තත්පර 20.36ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් එම ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙළුවේය.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට (තත්පර 9.96) හිමිකම් කියන යුපුන් එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ එකම දකුණු ආසියානු ක්‍රීඩකයා ද වෙයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...