අතවර චෝදනාවකට ට්‍රම්ප් වරදකරු වෙයි

Share post:

අමෙරිකානු ජාතික මාධ්‍යවේදිනියක සහ සඟරා ලේඛිකාවක වන ඊ. ජීන් කැරොල් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.

ඒ අනුව ඇයට ඩොලර් මිලියන 5 ක වන්දියක් ගෙවන ලෙස ජූරි සභාවක් විසින් ඊයේ (09) අඟහරුවාදා ඩොනල්ඩ් ට්‍රම්ප් ට නියෝග කළේය.

නිවේදනයක් නිකුත් කරමින් කැරොල් පවසා සිටියේ “ ලෝකය අවසානයේ සත්‍යය දැනගත්තා “මෙම ජයග්‍රහණය මට පමණක් නොව දුක් විඳි සෑම කාන්තාවක් සඳහාම බවයි.”

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකරමින් කැරොල් කියා සිටියේ ට්‍රම්ප් 1996 දී දිනක මෑන්හැටන් හි බර්ග්ඩෝෆ් ගුඩ්මන් දෙපාර්තමේන්තු ඇඳුම් පැළඳුම් වෙළඳ සැලක් තුලදී වෙනත් කාන්තාවක සඳහා ඇඳුම් ආයිත්තම් තෝරමින් සිටි අතර තමන් ඊට උදව් කළ බවයි

‍එම අවස්ථාවේදී ඔහු තමන්ව අතවරයට කළ බවට ඇය චෝදනා කරයි.

කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මාසයේදී පැවැති නඩු විභාගයටද ට්‍රම්ප් නොපැමිණි අතර තමන්ගේ හිතවාදී ජනතාව අමතමින් ඔහු පවසා තිබුණේ මෙලෙස නඩු පැවරීම තමන්ට “නින්දාවක්” බවයි. එමෙන්ම “මේ කාන්තාව කවුදැයි තමන්ට නිශ්චිතවම අවබෝධයක් නැති බවද ඔහු පවසා ඇත.

මෙම අතවර චෝදනාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ට සිරදඬුවම් විඳමට සිදු නොවන අතර පිරිමි හය දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකුගෙන් යුතු ජූරි සභාවේ ඒකමතික තීරණයක් අනුව ට්‍රම්ප්ට මෙම දඩ මුදල පනවා ඇත.

එහෙත් තීන්දුව සම්බන්ධයෙන් ට්‍රම්ප් හට අභියාචනා ඉදිරිපත් කළ හැකි වන අතර එතෙක් මෙම දඩ මුදල නොවීමට අවශ්‍ය නොවන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥ ජෝසප් ටැකෝපිනා මෑන්හැටන් උසාවියෙන් පිටතදී රැස්ව සිටි වාර්තාකරුවන් අමතා පැවසීය.

කෙසේවෙතත් තමන්ට විරුද්ධ මෙලෙස නඩු පැවරීම තමන්ගේ විරුද්ධ පාර්ශවයේ පෙළඹවීම මත සිදු වූවක් බව ට්‍රම්ප් පවසා ඇත.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...