අතවර චෝදනාවකට ට්‍රම්ප් වරදකරු වෙයි

Share post:

අමෙරිකානු ජාතික මාධ්‍යවේදිනියක සහ සඟරා ලේඛිකාවක වන ඊ. ජීන් කැරොල් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.

ඒ අනුව ඇයට ඩොලර් මිලියන 5 ක වන්දියක් ගෙවන ලෙස ජූරි සභාවක් විසින් ඊයේ (09) අඟහරුවාදා ඩොනල්ඩ් ට්‍රම්ප් ට නියෝග කළේය.

නිවේදනයක් නිකුත් කරමින් කැරොල් පවසා සිටියේ “ ලෝකය අවසානයේ සත්‍යය දැනගත්තා “මෙම ජයග්‍රහණය මට පමණක් නොව දුක් විඳි සෑම කාන්තාවක් සඳහාම බවයි.”

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකරමින් කැරොල් කියා සිටියේ ට්‍රම්ප් 1996 දී දිනක මෑන්හැටන් හි බර්ග්ඩෝෆ් ගුඩ්මන් දෙපාර්තමේන්තු ඇඳුම් පැළඳුම් වෙළඳ සැලක් තුලදී වෙනත් කාන්තාවක සඳහා ඇඳුම් ආයිත්තම් තෝරමින් සිටි අතර තමන් ඊට උදව් කළ බවයි

‍එම අවස්ථාවේදී ඔහු තමන්ව අතවරයට කළ බවට ඇය චෝදනා කරයි.

කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මාසයේදී පැවැති නඩු විභාගයටද ට්‍රම්ප් නොපැමිණි අතර තමන්ගේ හිතවාදී ජනතාව අමතමින් ඔහු පවසා තිබුණේ මෙලෙස නඩු පැවරීම තමන්ට “නින්දාවක්” බවයි. එමෙන්ම “මේ කාන්තාව කවුදැයි තමන්ට නිශ්චිතවම අවබෝධයක් නැති බවද ඔහු පවසා ඇත.

මෙම අතවර චෝදනාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ට සිරදඬුවම් විඳමට සිදු නොවන අතර පිරිමි හය දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකුගෙන් යුතු ජූරි සභාවේ ඒකමතික තීරණයක් අනුව ට්‍රම්ප්ට මෙම දඩ මුදල පනවා ඇත.

එහෙත් තීන්දුව සම්බන්ධයෙන් ට්‍රම්ප් හට අභියාචනා ඉදිරිපත් කළ හැකි වන අතර එතෙක් මෙම දඩ මුදල නොවීමට අවශ්‍ය නොවන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥ ජෝසප් ටැකෝපිනා මෑන්හැටන් උසාවියෙන් පිටතදී රැස්ව සිටි වාර්තාකරුවන් අමතා පැවසීය.

කෙසේවෙතත් තමන්ට විරුද්ධ මෙලෙස නඩු පැවරීම තමන්ගේ විරුද්ධ පාර්ශවයේ පෙළඹවීම මත සිදු වූවක් බව ට්‍රම්ප් පවසා ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...