63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය : දෙවැනි දිනයේත් නව තරග වාර්තා 4ක්

Share post:

පසුගිය 07 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඇරඹි 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වන ඊයේ (08) තවත් තරගාවලි වාර්තා හතරක් අලුත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමත්වී තිබේ.

ඒ අනුව වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව අවසන් කරමින් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 52.66කි.

එමෙන්ම වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 300 කඩුලු පැනීම ඉසව්ව තත්පර 46.44ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් තමන් සතු කර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. හංසනී සමත්වූවාය.

මේ අතර වයස අවුරුදු 16න් බාලක උස පැනීම ඉසව්වෙන් මීටර් 1.94ක දස්කමක් දක්වමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරූෂ මෙන්ඩිස් විසින් නව තරග වාර්තාවක් පිහිටවූයේය.

වයස අවුරුදු 23න් පහළ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ නව තරග වාර්තාව තමන් සතු කර ගනිමින් ජයග්‍රහණය කිරීමට යාපනය හාර්ට්ලි විද්‍යාලයේ ක්‍රීඩක සුසීන්ති කුමාර් මුතුරාජන්ට හැකි වූ අතර ඔහු වාර්තා කළ දුර මීටර් 43.61කි.

තරගාවලියේ තෙවැනි දිනය අද පැවැත්වේ.

සබැඳි පුවත්

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය : පළමු දිනයේදීම නව තරග වාර්තා 5ක්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...