63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය : දෙවැනි දිනයේත් නව තරග වාර්තා 4ක්

Share post:

පසුගිය 07 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඇරඹි 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වන ඊයේ (08) තවත් තරගාවලි වාර්තා හතරක් අලුත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමත්වී තිබේ.

ඒ අනුව වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව අවසන් කරමින් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 52.66කි.

එමෙන්ම වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 300 කඩුලු පැනීම ඉසව්ව තත්පර 46.44ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් තමන් සතු කර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. හංසනී සමත්වූවාය.

මේ අතර වයස අවුරුදු 16න් බාලක උස පැනීම ඉසව්වෙන් මීටර් 1.94ක දස්කමක් දක්වමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරූෂ මෙන්ඩිස් විසින් නව තරග වාර්තාවක් පිහිටවූයේය.

වයස අවුරුදු 23න් පහළ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ නව තරග වාර්තාව තමන් සතු කර ගනිමින් ජයග්‍රහණය කිරීමට යාපනය හාර්ට්ලි විද්‍යාලයේ ක්‍රීඩක සුසීන්ති කුමාර් මුතුරාජන්ට හැකි වූ අතර ඔහු වාර්තා කළ දුර මීටර් 43.61කි.

තරගාවලියේ තෙවැනි දිනය අද පැවැත්වේ.

සබැඳි පුවත්

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය : පළමු දිනයේදීම නව තරග වාර්තා 5ක්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...