63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය : පළමු දිනයේදීම නව තරග වාර්තා 5ක්

Share post:

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (07) ආරම්භ වූ අතර තරගාවලියේ පළමු දිනයේදී නව තරග වාර්තා 5ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්විය.

පසුගියදා උස්බෙකිස්තානයේදී පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී රිටි පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ තුෂේන් සිල්වා මේ තරගයේදී මීටර් 4.50ක නව තරග වාර්තාවකට හිමිකම් කියූ අතර මීට පෙර එම වාර්තාවය හිමිකම් කීවේ චාවකච්චේරිය හින්දු විදුහලේ ඒ. පවිත්‍රන්ය.

තුෂේන් ආසියානු රිදී පදක්කම දිනා ගැනීම සඳහා ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 4.70ක් වන අතර එය නව යොවුන් ජාතික වාර්තාවක් බවට ද පත් විය.

මේ අතර ඊයේ තරගාවලියේ පළමු දිනයේදී තවත් නව තරග වාර්තා 4ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර, ඒ සියලු වාර්තා කඩුලු පැනීමේ ඉසව්වෙන් වීම සුවිශේෂී සිදුවීමක් විය.

වයස අවුරුදු 16න් පහළ මීටර් 300 කඩුලු පැනීම ඉසව්ව තත්පර 40.55ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන ඒ. සංදීප සමත් වූ අතර එම ඉසව්වේ බාලිකා ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් එම විද්‍යාලයේම එස්. හිමාෂානි පිහිටවනු ලැබුවාය.

එම ඉසව්ව ජයග්‍රහනය කිරීම සඳහා ඇය විසින් වාර්තා කළ කාලය තත්පර 47.3ක් ලෙස සඳහන් විය.

මේ අතර මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස් . ඩී. කහන්ගම බාලිකා 20න් පහළ මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 14.45ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට වූ අතර ඇය බිඳ දැම්මේ පසුගිය වසරේ මහනුවර කාන්තා උසස් විදුහලේ අමේෂා හෙට්ටිආරච්චි තත්පර 14.86කින් පිහිටුවා තිබූ වාර්තාවයි.

වයස අවුරුදු 23න් පහළ මීටර් 100 කඩුලු මතින් දිවීමේ තරගය තත්පර 14.51ක කාලයකින් අවසන් කර එහි තරගාවලි වාර්තා බිඳ හෙළීමට මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ එස්.බී.එස්.එල්. දිසානායක සමත් වුවාය.

වසර 12ක් පැරණි එම වාර්තාවට මින් පෙර හිමිකම් කීවේ කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවේ හර්ෂණී විජේසිංහය.

ඇය විසින් සටහන් කර තිබූ කාලය තත්පර 14.53කි.

අනෙකුත් වාර්තා දෙකම අවුරුදු 16න් පහළ කඩුලු පැනීමේ පිරිමි සහ කාන්තා ඉසව් ද්විත්වයේ මූලික වටයේ බිහි වූ අතර, එම වාර්තා දෙකම අඹගමුව මධ්‍ය මහා විදුහල් ක්‍රීඩකයකු හා ක්‍රීඩිකාවක සතු වීම ද විශේෂත්වයකි.

එහිදී පිරිමි ඉසව්වට එක් වූ යූ.එම්.ඒ. සන්දීප තත්පර 40.55කින් නව තරග වාර්තාවක් පිහිටු වූ අතර, එම ඉසව්වේ කාන්තා තරගය නියෝජනය කරමින් තරග කළ යූ.එම්.එස්. හිමාෂිනී තත්පර 47.30කින් නව වාර්තාව බිහි කළාය.

මින් පෙර එම ඉසව්වේ පිරිමි වාර්තාවට හිමිකම් කිවූයේ ලෙක්සිකෝන් ජාත්‍යන්තර පාසලේ හංජස උයන්වත්ත වන අතර ඔහු විසින් සටහන් කර තිබූ කාලය තත්පර 40.56කි.

යූ.එම්.එස්. හිමාෂිනී විසින් බිඳ දැමුවේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශලෝමි රෂිනි පසුගිය වසරේදී තත්පර 47.52කින් කාලයක් සටහන් කළ වාර්තාවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...