ආදානි සමාගමට එරෙහිව ඉන්දියාවේ දැඩි විරෝධතා

Share post:

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ කෝටිපති ව්‍යාපාරික සමාගමක් වන අදානි සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එරට විපක්ෂ දේශපාලන පක්ෂ සාමාජිකයින් විරෝධතාවක්  පවත්වා තිබේ.

ඊයේ (බදාදා 15) කොංග්‍රසය, DMK, AAP සහ ඇතැම්  වාම පක්ෂ ඇතුළු  පක්ෂ කිහිපයක් ආදානි සමාගමට  එරෙහි  මෙම විරෝධතාව සංවිධානය කර ඇත.  

විරෝධතාකරුවන් විසින් සකසන ලද ආදානිට එරෙහි  ඒකාබද්ද පැමිණිල්ල  Enforcement Directorate කාර්යාලයට භාර දීමට ගියද කාර්‍යාල නිලධාරීන් පොලිසිය යොදවා එම තැත වළක්වා තිබේ.  

පසුව ඔවුන් එම කාර්යාලය අසල සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා පා ගමනකින් පැමිණි බව එරට  මාධ්‍ය සඳහන් කරයි.

දේශපාලන නායකයන්ගේ එම විරෝධතා  පාගමන නවතාලමින්  විශාල රැස්වීම්, මහජන එකතුවීම්  තහනම් කිරීමේ නියෝග ගෙන තිබුණු අතර දිල්ලි පොලිසිය බාධක සහ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා එම  තහනම් නියෝග ප්‍රකාශයට පත් කළද විපක්ෂය් දේශපාලඥයින් සිය විරෝධතා පාගමන  අඛණ්ඩව ව පාර්මේන්තුව දක්වාම පවත්වා ඇත.  

අදානි සමූහ ව්‍යාපාරය, දූෂණයෙන්  හා වංචාවෙන්  මුදල් උපයන බවත්  භාරතීය ජනතා පක්ෂය සමග සබඳතා පවතින බවටත් විරෝධතාකරුවන්  චෝදනා කරයි.

එමෙන්ම පසුගියදා  මුදල් වංචා සහ කොටස් වෙළඳපොළ නොමඟ යැවීම සම්බන්ධයෙන් හින්ඩන්බර්ග් පර්යේෂණායතනය විසින් අදානි සමූහ ව්‍යාපාරයට චෝදනා එල්ල කළේය. 

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...