ජපානය වයසට යයි – උපත් වැඩිකරන්නට මිලියන ගණන් තෑගි!

Share post:

ජපානයේ උපත් අනුපාතය වාර්තා ගත ලෙස පහළ ගොස්  ඇත.

මේ වන විට ජපානයේ සමස්ත ජනගහනය මිලියන 125  ඉක්ම වුවද, ඉකුත් වසරේ එරට නව උපත් සංඛ්‍යාව  ලක්ෂ 8කටත් වඩා අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

1970 වසරේ දී එම වාර්ෂික අගය  මිලියන 2 ඉක්මවා ඇත.

කෙසේවෙතත් මෑත වසර කිහිපය තුළ ජපානයේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇත. ඒ අනුව, රටේ වැඩිහිටි ජනගහනය ඉහළ ගොස් ඇති නමුත්, ශ්‍රම බලකායට සැලකිය යුතු පිරිසකගේ නව වැඩිවීමක් සිදුව නොමැත.

ජපාන රජය මෙම තත්වය පාලනයට ටෝකියෝ අගනුවරින් පිටත ග්‍රාමීය ප්‍රදේශවල  ජීවත් වීමට, පිටත්ව යාමට කැමති පුද්ගලයන්ට විශේෂ වරප්‍රසාද හඳුන්වා තිබේ.  

එක් දරුවෙකු සමග අගනුවරින් පිටත වාසයට යාමට කැමති පවුලකට ජපාන, යෙන් මිලියනයක් ලබා දීමට ද අපේක්ෂා කරයි.

ඒකාකාරී කාර්යබහුල  ජීවන රටාවෙන් මිදී එරට වැසියන් එලෙස පිටත වාසය කරද්දී  කුටුම්භ තුළ නව උපත් වැඩි කරලීමට හැකි බවට එරට පාලනාධිකාරිය විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...