ජපානය වයසට යයි – උපත් වැඩිකරන්නට මිලියන ගණන් තෑගි!

Share post:

ජපානයේ උපත් අනුපාතය වාර්තා ගත ලෙස පහළ ගොස්  ඇත.

මේ වන විට ජපානයේ සමස්ත ජනගහනය මිලියන 125  ඉක්ම වුවද, ඉකුත් වසරේ එරට නව උපත් සංඛ්‍යාව  ලක්ෂ 8කටත් වඩා අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

1970 වසරේ දී එම වාර්ෂික අගය  මිලියන 2 ඉක්මවා ඇත.

කෙසේවෙතත් මෑත වසර කිහිපය තුළ ජපානයේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇත. ඒ අනුව, රටේ වැඩිහිටි ජනගහනය ඉහළ ගොස් ඇති නමුත්, ශ්‍රම බලකායට සැලකිය යුතු පිරිසකගේ නව වැඩිවීමක් සිදුව නොමැත.

ජපාන රජය මෙම තත්වය පාලනයට ටෝකියෝ අගනුවරින් පිටත ග්‍රාමීය ප්‍රදේශවල  ජීවත් වීමට, පිටත්ව යාමට කැමති පුද්ගලයන්ට විශේෂ වරප්‍රසාද හඳුන්වා තිබේ.  

එක් දරුවෙකු සමග අගනුවරින් පිටත වාසයට යාමට කැමති පවුලකට ජපාන, යෙන් මිලියනයක් ලබා දීමට ද අපේක්ෂා කරයි.

ඒකාකාරී කාර්යබහුල  ජීවන රටාවෙන් මිදී එරට වැසියන් එලෙස පිටත වාසය කරද්දී  කුටුම්භ තුළ නව උපත් වැඩි කරලීමට හැකි බවට එරට පාලනාධිකාරිය විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...